Monday, December 31, 2012

~~ පට්ට් 2012 සමරිය ~~

පිස්සු හැදෙයි ... 2012 ඉවරනේ ,.... මට නම් 2012 පට්ට අවුරුද්දක් ..ඉස්සෙල්ලාම ජනවාරි වලින් පටන් ගන්නවා නම් අපේ අක්කාගේ වෙඩිම පට්ට විදිහට කරා ..
ඊට පස්සේ පෙබරවාරි පට්ට දුක හිතෙන සින් එකක් උනා .... ඒ දුක වහාගන්නත් එක්ක අවුරුදු 3කට පස්සේ ලංකාවට ආපු පට්ට බොක්කක් එක්ක බොක්කේ සෙට් එක පට්ට ට්‍රිප්ක් ගියා කතරගම.. ඒ ගමනේදී තමා පට්ට ඩ්‍රයිව් කිරිල්ලක් කරේ හයි වේ එකේ රෙකොර්ඩ් එක 162KMPH ..
ඊට පස්සේ අප්‍රියල් ... අපේ පට්ට ගෘප් එක වෙන "ඇයි??? | Why???" ගෘප් එකේ පලවෙනි හමුව .  කවදාවත් හමුවේලා නැති එත් පට්ට ෆිට් එකක් තියෙන සෙට් එකක් පලවෙනි පාරට හම්බුඋනා.. මඩ ගහ ගැනිලි එක්ක පට්ට ෆන් එකක් ගත්තා ... තව එකක් බැරි බැරි මරගාතේ මගේ සිතේ සිතුවිලි වලටත් ඉඩක් දෙන්න "සිතුවිල්ලට ඉඩක් " පටන් ගත්තා ..
ඊට පස්සේ ජුනි ... දුර හිටියත් ඉතින් අහවලාට කතා කරලා විශ් කරන්න අමතක කරේ නැ මම නම්... ඒ අස්සෙන් ජුනි මාසෙම අපේ සෙට් එකේ බොක්කක් වෙන Chanukaයාට දුවෙක් හම්බුනා .. පළවෙනියටම තාත්තා උන එකා ...
ඊට පස්සේ ඔන්න අගෝස්තු .. තවත් පට්ට යෙහෙලියක් වෙන Nisansala පැටියෙක් දැම්මා ....
සැප්තැම්බර් අවා .. පලවෙනි වතාවට අපේ පට්ට ගෘප් එකේ කට්ටියක් එක්ක රණවිරු සෙවනට ගිහින් ආධාර දෙන්න මොනවද ඕනේ කියලා හොයලා බැලුවා ..
බි ඩේ එකත් ඉතින් පාර්ටි අස්සේ ගෙවිලා ගියා ...
ඔක්තෝබර්වල මගේ පට්ටම බෙස්ට් ෆ්‍රෙන්ඩාලා වෙන ශාන්ත අයේෂා ඩබලත් පැටියෙක් දැම්මා... ඔක්තෝබර්ම අපේ පට්ට ගෘප් එකේ සෙට් එකකත් එක්ක රු ලක්ෂෙකට අදික වටිනාකමකින් යුත් ආධාර අරන් රණවිරු එකට ගිහින් බෙදලා දුන්නා.. පස්සේ එක ඉවර වෙලා අපි සෙට් එකක් Janaka Chathura Sanjaya Buddhika Dushmantha පල්ලියවත්ත බීච් එකේ දි පට්ට ෆන් එකක් ගත්තා.. බැදපු මාළු කුරියෝ දෙන්නයි මඤඤෝක්කා තම්බලා .. හම්මේ පට්ට රසයි ... තව තියෙනවා අපේ අසිතයාට පිං සිද්ද වෙන්න වොර්ල්ඩ් කප් මැචස් 4 බැලුවා.... එකෙනුත් සෙමි ෆයිනල් මැචස් දෙකේ පට්ටම ආතල් එකක් ගත්තේ අපි....
ඊට පස්සේ නොවැම්බර් .. පානුයි පරිප්පුයි රජ වේවා කියලා ඒවාට පිං සිද්ද වෙන්න මගේ බර වැඩි වෙලා .. පට්ට අසාවක් තිබ්බා ලේ දන් දෙන්න පලවෙනි වතාවට එකත් කර ගත්තා..ඊට පස්සේ  අපි බොක්කේ සෙට් එක ගියා බණ්ඩාරවෙල නුවරඑලි ට්‍රිපක් ....
දෙසැම්බර් වල .. පොඩි කාලේ ඉඳලාම ඉන්න මගේ පට්ටබොක්ක Shasika ලන්ඩන් වලදී පැටියෙක් ගැහුවා .. අයේ පට්ට ගෘප් එක ලොක විනාසේ එන්න කලින් මුණු ටික බලා ගන්න ඕනේ කිව නිසා දියවන්නාව වෝක් වේ එකේදී සෙට් උනා... ලොක විනාසේ වෙන්න පට්ට හොප් තිබුණු ඒවා සුන් කරගෙන තාම ඉන්නවා කට්ටිය..

 
ජෝතිෂ්‍යයට අනුව මට 2013 පට්ට චාටර් ලූ .. එක හින්දා ලබන අවුරුද්දේ මට කෙල්ලේ සෙට් වෙයි කියලා හිතනවා

Monday, December 24, 2012

~~ වසන්තය පිපෙන තුරු 03 ~~

                                                                                      පළමු / දෙවෙනි කොටස් කියවලා එමු


හංසි....
ආ පවන් මොකද්ද කියන්න තියෙනවා කිවේ.. ඉක්මනට කියන්න බස් එකට පරක්කු වෙනවා ....
හා එහෙනම් යමු .. යන ගමන් කතා කරමු

හංසි ඔයා මොකද මම ගැන හිතන්නේ ...
ඒ කිව්වේ පවන් ...
මම ගැන අදහස මොකද්ද
ම්ම්ම් ඔයා හොඳයි Handsome කොල්ලෙක් . funny..   වැඩිය උඩ යන්නේ එහෙම නැ මෙහෙම කීවාට ...  තව හොඳ යාලුවෙක් කියලා හිතනවා.. ඇයි එහෙම ඇහුවේ ?
එහෙම නෙමේ මම ඇහුවේ .. හරි මම කෙලින්ම කියන්ම්කො හංසි ... "මම ඔයාට කැමතියි , ඔයා ගැන හැඟීමක් ඇතිවෙලා මගේ හිතේ " ...
අනේ නිකන් යන්න පවන් විහිළු නොකර ....
විහිළු නෙමේ ළමයෝ ඇත්තට කිවේ .. මට අද උත්තරයක් ඕනේ නැ .. ඔය හෙමිහිට කල්පනා කරලා බලලා කියන්න ....
පවන් මේ ඔයා සිරාවටද කියන්නේ .. ජෝක් නෙමේ ද ....
නැ හංසි ඇත්තටම...
හ්ම්ම්ම් ...ඔකේ හිතන්න දෙයක් නැ පවන් .. ඔය වගේ දෙකට මම කැමති නැ .. තේරුමක් නැති දේවල් පටන් අරන් තේරුමක් නැ පවන් ..
අපි යාළුවොනේ යාළුවෝ වගේ ඉමු පවන්..

ස්ටෑන්ඩ් එකටත් අවා.... මම යන්නම් පවන්..  C U ... Bye
හ්ම්ම් එහෙම නෙමේ හංසි .. පොඩ්ඩක් අපහු හිතන්න කලබල නොවී හිමිහිට ... bye C U ... පරිස්සමින් ..



මචෝ මොකෝ උනේ.. රෝයිටරයා පවන් ආපු ගමන් ඇහුවා....
එකී කැමති උනේ නැ බං ...
බලමු බං .. ගොඩක් උන් ඉතින්අහපු ගමන් එක පාර කැමති කියන්නේ නැනේ .. අනික පවනි වගේ කෙල්ලක් එක පාර කොහොමත් කැමති කියයි කියලා හිතන්න අමාරුයි නේ... try again මචං ... මම කිවා..

ඔව් ඔව් අර කතාවකුත් තියෙන්නේ try & try one day you can fly කියලා .. රෝහානයා  කිවා ..
රෙද්ද තමා ..ඒ ඉස්සර යකෝ.. දැන් කියන්නේ try & try one day you can die ජගා කිව්වා ..
අනේ මචං එහෙමනම් දිගටම ට්‍රයි කරපන් .. අත අරින්න එපා... අඩේ මට මැවිලා පේනවා මුගේ දානේ මුන්ගේ තාත්තා සුපිරියට ගන්න හැටි...

අනිවා ඉතින් හිල්ටන් එකෙන් තමා කේටරින්...මම දවස් 7ම එහෙ තමා ඔන්න...

තු.. නොදොකින් තොපි වගේ යාළුවෝනේ අම්මපා මටත් ඉන්නේ.. හංසිව සෙට් උන දවසට උඹලාට දෙන්නම් සුපිරි පාර්ටියක් කල්බ් එකේ ... එතකන් මගේ දානේ කන්න ලෑස්ති නොවී හිටපියව් ... 

පවන්ගේ කාර් එක ආව නිසා අපි සෙට් එක ගියා යන්න ...
පවන් උඹ අවුලෙන්ද??
කාර් එකේ යද්දී පවන් ගේ මුණ අමුතුයි කතාවක් තිබ්බෙත් නැති නිසා මම ඇහුවා  ...
පිස්සුද බං ..කිසි අවුලක් නැ ... මම මේ සිංදුව අහන් ගියේ .. මොනාට අවුල් වෙන්නද ...
ආ එහෙනම් ඉතින් කමක් නැ .. මම එහෙම කිවත් පොඩි කාලේ ඉඳන් හිටපු මගේ යාළුවාගේ වෙනස මට  තේරුනා ..

ඊළඟ දවසේ පවන් ක්ලාස් එකේදී පොඩි කොල කැල්ලක් අරන් සින්දුවක කැල්ල ලීවා ....


" ඇස් ආදරෙන් පුරෝනා
   හිත පාලුවෙන් ගලෝනා
   ඔබ මගෙම වෙන්න ඕනා
   මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
   මා හදවතින්ම උමතුවී තියේ...
"

ලියලා හොඳට නවලා ශේප් එකේ පවනිගේ ඩෙස්ක් එකට විසි කලා ....

පවනි එක පාරට ගැස්සිලා වට පිට බැලුවා.. පවනා පනාව දැම්මා ම කෙල්ල දැන ගත්තා මූ එවෙව් කියලා ..
එක දිග ඇරලා කියවලා හිනා වෙලා ශේහානාටත් පෙන්නලා පොත යටින් තියා ගත්තා ....

ටික වෙලාවකට පස්සේ ඒ කොළ කැල්ලම ශෙහානා අපිට විසි කළා .. ඒ කොලේම අනික් පැත්තේ පවනිත් සිංදු කැල්ලක් ලියලා එවලා තිබ්බා ...

" සුපෙම් හැඟුම් ඔබෙන් එපා
  මිතුරු දම් විනා
  නෞකාවකි ඔබ ඈත සමුදුරේ 

  මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ ..."

'හුටා බඩුම තමා කෙලියා තාප්පේට' මට එක දැක්ක ගමන් කියවුනා
පවන් හිනා වෙලා එක අරන් නවලා පොත අස්සේ දාගත්තා ..

ඔහොම අනෙක විදිවලට අපි පවනිව කැමති කර ගන්න ට්‍රයි කලා  ..පවන් නැති වෙලාවට ඌව අල්ලා අපි සෙට් එක විහිළු කලා .. හැමදාම බස් ස්ටෑන්ඩ් එකට පස්සෙන් ගියා ..මේ මොනා කලත් කෙල්ලව කැමති කර ගන්න බැරි උනා... කෙල්ලගේ උත්තරේ වුනේ කැමති නැ කියන එකමයි....
හැබැයි එහෙම හැමදාම පස්සෙන් ගිය එක පාඩු උනෙත් නැ ... පාඩු නොවුන එකෙක් හිටියා ... ඒ රෝහානයා..
දන්නෙම නැතිව රෝහානයායි ශේහානයි සෙට් වෙලා ...

ඔහොම මාසයක් විතර ගියා... දවසක් උදේ මමයි පවනුයි අනික් සෙට් එක එනකම් ඉද්දි පවනි අපි ලඟට ඇවිත් කතා  කළා ....

පවන්...
ආ හංසි ගුඩ් මොර්නිග් ...
ගුඩ් මොර්නින්ග් ...පවන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ..ඔයාව ටිකක් තනියම මිට් වෙන්න පුළුවන් ද ?
ආ හරි යමු ..

හර්ෂයා උඹ එහෙනම් අනික් උන් එක්ක ක්ලාස් එකට පලයන්...  මම එන්නම් ..

හංසි කොෆි ෂොප් එකට යමුද ... මොනා හරි බොන ගමන් කතා කරමු ...


 මතු සම්බන්දයි
                                                                                          හතරවන කොටසට 



Monday, December 17, 2012

~~ වසන්තය පිපෙන තුරු 02 ~~

                                                                                                    පළමු කොටස කියවලා එමු

ශෙහානා ..
ඇයි මොකෝ ..
පොඩ්ඩක් ඉන්නවා කෝ ..
ඇයි මොකටද ?
මේ ගිය සතියේ නෝට්ස් ටික ලියා ගන්න ඕනේ පොත දියන්කෝ බං ...
ආ එකටද .... ඉදා , තොපි සේරම කොහෙද ගිය සතියේ ගියේ....  
"අපි පොඩි වල" කියද්දීම රෝහානයාට පවන් ඔළුවට පාරක් ගැහුවා ..
නැ අපි මේ පොඩි වැඩක් කළා හර්ෂයලාගේ දිහා..

හංසිනි ඔයාගේ පොත මට ගන්න පුළුවන් ද .. පවන් ඇහුවා....

බිම බලන් හිටිය ඒ කෙල්ල එකපාර ඇස් දෙක ලොකු කරලා පවන් දිහා බැලුවා... බලලා ශෙහානා දිහා බැලුවා .. පොත දෙන්නද එපාද වගේ.. ෂෙහාන ඔළුව වැනුවා .. පස්සේ පොත අරන් පවන්ට දුන්නා... කෙල්ල බලන්න ඇති මූ කොහොමද නම දන්නේ කියලා ..  පවන් හොඳ හිනාවක් දාලා "තැන්ක්ස් හංසි" කියලා පොත ගත්තා ..

ඊළඟ සතියේ මූ මාවත් ඇදගෙන කලින්ම කලාස් එකට අවා.. කොහොමත් අපි දෙන්නා එක ළඟ හින්දා එකට තමා ගමන් බිමන්...

පවන් අන්න අරක එනවා...
කෝ
බලපිය ඇස් ඇරලා .. අත දික් කරලා පෙන්නන බැනේ ..
ෂා පට්ට නේ බං..

කෙල්ල බිම බලාගෙන අවේ .. අපිව දැක්කාද, දැක්කේ නැ වගේ යන්න ගියාද කියන්න බැ හැබැයි අපිව පහුකරන් ගියා ... ඒ එක්කම පවන්,,,

"පවනි" ....

කෙල්ල ගැස්සිලා හැරිලා බැලුවා ....
පවනි ඔයාගේ පොත.. Thank You Very Much.. මේ අත් අකුරුත් ඔයා වගේමයි ... පවන් ටෝක් එක පටන්ගත්තාට,

කෙල්ල හීනියට හිනා වෙලා පොත අරගෙන ක්ලාස් එක පැත්තට ගියා....

වෙනදා සෙට් එක එනකම් ක්ලාස් එකට නොයන පවනා මාවත් ඇදගෙන පවනි එක්කම ක්ලාස් එකට ගියා .. වෙනදා ඉදගන්න අන්තිම පේලි හරියට ගිහින් හැරිලා බලද්දී මූ ගිහින් පවනි ඉන්න හරියේ පේළියක වාඩි වෙලා මට අත වනනවා. මමත්ඉතින් ගිහින් ඉදගෙන අනික් උන්ට txt එකක් දැම්මා ක්ලාස් එකට වරෙව් කියලා.

තොපිට පිස්සුද යකෝ මෙච්චර ඉස්සරහ වාඩි උනේ ... ජගා ආපු ගමන් කෑගහුවා

වාඩි වෙයන් යකෝ කෑනොගහා ... මම ඇහැක් ගහලා ජගාට පවනිව පෙන්නුවා
 ආ තේරුණේ දැන් තමා .. කලින් කියන්න එපෑ මස්සිනා ...

කොහොමෙන් හරි ඔය විදිහට ඊළඟ සති දෙකේදි විහිළුවෙන් ශෙහානාගේ පිහිටෙන් කෙල්ල ශේප් එකේ  කතා කරන ගානට අපිත් එක්ක ෆිට් උනා ....

පවන් මචං අහන්න කාලේ නම් හරි වගේ... දැන් ටිකක් ෆිට් නේ බං අපිත් එක්ක ..

මමත් හිතුවේ බං .. ලබන සතියේ ටොක දාන්නම්...

ගුඩ් මොර්නින්ග් හංසිනි ....
ආ පවන් ගුඩ් මොර්නින්ග් ...
මේ පොඩ්ඩක් ක්ලාස් ඉවර වෙලා මාව මිට් වෙනවද ... පොඩ් දෙයක් තියෙනවා කියන්න ...
ඉතින් දැන් කියන්න කෝ ...
දැන් මෙහෙම බැ .. කලාස් ඉවරවෙලා කියන්නම්... දැන් ක්ලාස් එකට යමු ..

හර්ෂයෝ මචං ..
ඇයි බං ..
අඩේ මට නිකන් අප්සට් වගේ බං මෙකිගෙන් අහන්න .. නිකන් පපුව ගැහෙනවා වගේ ..
හුකෑස් කිව්වලු  .. උඹ කෙල්ලක්ගෙන් අහන්න බයයි වගේ කිව්වාමයි.. අනේ පල නිකන් පානිය නොදා ..
කව්ද ඩෝ බයයි කිවේ.. නිකන් අමුතුයි වගේ බං ..
අවුලක් වෙන එකක් නැ.. එකී කැමති වෙයි ... අහපන්කෝ අද ..


මතු සම්බන්දයි
                                                                             තුන්වන කොටසට 

Wednesday, December 5, 2012

~~ වසන්තය පිපෙන තුරු ~~

Wow කවුද බං ඒ කැල්ල ? අළුත් එකක් ද ?

ඔව් ඔව් දැන් සති දෙකක් විතර නේ බං ඇවිල්ලා.. අහිංසක කෙල්ලක් .. සද්ද බද්ද නැ .. ඉන්නේ කිරිදිවැල.. අපේ රෝයිටරයා හෙවත් රෝහානයා  හැල්ලක් ම කියාගෙන ගියා ..

හේ හේ හේ.. මූට රෝයිටරයා කියලා කියන්නේ නිකමටද බං ජගා කිවා...
අනේ පල ඩො .. දවසක් මම දැක්කා කිරිඳිවැල බස් ස්ටෑන්ඩ් එක පැත්තේ එකී හිටියා ...  

මේ රෝහානයෝ කොල්ලෙක් ඉන්නවා ද බං ඒකිට ...

O O I know that face පුතා .. එකිත් ඉවරයි වගේ .. පව් වැඩ කරන්න එපා බං ..

අනේ පල  තෝ මගෙන් කුණුහරුප අහන්නේ නැතිව .. මේ උඹ හොඳ එකානේ තව details ටිකක් හොයා ගනින් කොල්ලෝ .. එකිත් එක්ක ගිය අනික උබේ ෆිට් එකනේ ...
වරෙන් යමල්ලා කැන්ටිම පැත්තට යන්න ක්ලාස් පටන් ගන්න ඉස්සෙල්ලා

හුම්ම් යමන් ...

ඊළඟ සතියේ ක්ලාස් පවනා වේලාසනින් අවාද මන්දා
 
මොකෝ රෝහානයෝ පරක්කු.. බලපන් මම දැන් කොච්චර වෙලා බලන් හිටියාද .. ශෙහානා හම්බුනාද .. විස්තර හොයා ගත්තා ද .. කොල්ලේක් ඉන්නවා ද ඒකිට  ...

නොදොකින් ඉදහන්කෝ මහන්සි අරිනකම්වත්.... අන්න සර් කාරයා එනවා.. යමන් ඇතුලට.. පස්සේ කියන්නම්...

ඔන්න ඉන්ටවල් එකෙදි අපි සෙට් එක කැන්ටිමේදී රොයිටර් නිවුස් අහන්න රෝහානයා වටේ සෙට් එකම වටවෙලා ...

හා දැන් විස්තර ඕනේ එකා ගිහින් මට බිම එකක් අරන් වර .. රෝහානයා කිවා

මේ තෝ *කා ගන්න හදන්නේ නැතුව විස්තර ටික කියපිය..

හරි හරි මුට විහිළුවක් තේරෙන්නේ නැනේ ... දැන් මේකයි ස්ටෝරිය අහගනින් ඔන්න.. කිවා වගේම එකී ඉන්නේ කිරිදිවැල පැත්තේ .. නම කන්කානම් මුදියන්සේලාගේ හංසිනි පවනි චතුරිකා ...

අම්මට සිරි පවන් ලව් පවනි ... පට්ට නේ .. මම කිවා...

තොට මම කිවා කියලා හිතා ගනින් හර්ශයෝ ... පවනා මගේ දිහාට හැරිලා කිවා

දැන් බොලාට ඉතුරු විස්තර ටික එපා ද ...

හරි හරි කියහන් මයේ දෙයියෝ....

දුප්පත් පවුලක් බං... තාත්තා ගොවිතැන් ද කොහෙද කරන්නේ ... අම්මා වැඩ කරන්නේ නැ... තව මල්ලියෙක් ඉන්නවා ඉස්කෝලේ යන..  එච්චර තමා ඉතින් ...

යකෝ ප්‍රධාන දේ ඇහුවේ නැද්ද උඹ.. කොල්ලෙක් ඉන්නවා ද නැද්ද කියලා ....

ඒ පවන් උඹට සෙට් උණ අනික් කෙල්ලෝ වගේ නෙමේ බං මෙකි.. දුප්පත් අහිංසකයි පව් බං.. කොල්ලෙක් නම් නැලු .. උඹ සෙට් කරගන්නවා නම් දෙපාරක් හිතපන් කොල්ලෝ

හරි හරි නවත්ත ගනින්කෝ උඹේ බණ .. බණ අහන්න ඕනෙනම් මම පන්සල් යන්නම්..

හේ හේ හේ ... අඩෝ ශෙහානා උඹට කීවාම විස්තර කියන්නත් බැ කියලා කිවා.. අමාරුවෙන් ඒකිව UP කරලා බෝලයක් බස්සල විස්තර ගත්තේ.. එක හින්දා අද කතාරන්න යන්න එපා.. මෙව්වට මට වෙනම සලකපන් හරිද...

ඔකිගේ ආච්චිට හාල් ගරන්න එකී එහෙම කිව්වද .. හිටපියකො ඕකි අහුවෙනකම්..

ඕකනේ ඕකනේ ඉතින් බැරි උඹත් එක්ක...

හරි හරි තැන්ක්ස් කොල්ලා...  මචාලා මම පම්ප් එකක් දාලා එන්නම් .. හිටහල්ලා ක්ලාස් එකට යන්න මම එනකම්  හරිද

අඩෝ ජගා, හර්ෂයා ඔට්ටුවක් අල්ලමුද .. මුට ඕක දාගන්න බැ ..

හරි අල්ලමු.. මුට අකමැති වෙන කෙල්ල කවුද බං .. මොනවද අඩු.. හොඳ හැන්ඩියා. සල්ලි තියෙනවා.. ජගා කිවා ..

ඒ උනාට මේක මුට දාගන්න බැ .. ඔට්ටුව මොනාද ? ශෙහානා කියපු විදිහටනම් මෙකි කා එක්කවත් affair එකක් පටන් ගන්නේ නෑලු.. කලින් තිබිලත් නෑලු ...

හරි හරි අපි බලමුකෝ... මමත් කියන්නේ බැරි වෙන එකක් නැ .. මුට කර ගන්න බැරි එකක් නැ ..

අන්න අරු එනවා යමල්ලා .. ඔට්ටුව මතක තියා ගනිල්ලා

ඊළඟ සතියේ පවන්ගේ ඉල්ලීම මත අපි සේරම කලාස් කට් කලා .. කරලා පොඩි ආතල් එකක් දැම්මා ස්ටෙලා  වෙලා

ඊට පස්සේ සතියේ ශෙහානායි  පවනි කාලාස් ඇරිලා එද්දී රෝහානයා ශෙහානට කතා කළා....




~~ මතු සම්බන්දයි ~~ 

                                                                                                              දෙවෙනි කොටසට 

Wednesday, November 21, 2012

~~ කථාවක් වගේ එකක් ~~

ඔයි රවියා ......
හ්ම්ම්
කියටද බං ට්‍රෙන් එක ..මහේෂයා ඇහුවා ..
ඈ බුරු තඩියෝ හැමදාම යන ට්‍රෙන් එකේ වෙලාව තෝ දන්නේ නැද්ද .. 5.40ට යකෝ
ආ ඔව් නේ ...
වර මෙතැනින් ඉද ගමු...

ඒ මචං රවියෝ දුමක් අදිමුද ... තව පැය 1/2 තියෙනවා නේ
හා ගනින් .. අද උඹේ දවසනේ...
අඩේ ෆුල් කෝඩේ බං මේ ටිකේ .. සල්ලි නැ කොල්ලෝ උඹම අදත් ගනින් කෝ මචෝ
නෙදකින් තොපි..
ඇයි මට හතරමහා නිධනේ පහල වෙලානේ මම ළග සල්ලි තියෙන්න.
ඉදා ඉදා ගිහින් ගෙනෙන් ...

මේ රවියා අන්න අර කෑලි සෙට් එක එනවා ..
මොන ?
අර සුදු පට්ට කැල්ලක් ඉන්නේ බං.
ආ හරි හරි .. ඉතින් මට පාන් යෑ .. ගනින් මෙහාට සිගරට් එක

මම සිගරට් එක කටේ තියලා උරනවත් එක්කම ඒ කෙල්ලෝ සෙට් එක අපිව පහු කරන ගියා .. මහේෂයා කියපු ඒ සුදු කෙල්ල මා ලඟින් යනවා එක්කම එක පාර මා දිහා බැලුවා... අම්මෝ ඒ බැල්ම ... සිගරට් දුමට පපුව පිච්චෙනවා වඩා ඒ බැල්මට පිච්චෙනවා ..    

ඊලඟ දවසත් එකම සිදුවීම .. වෙනසකට උනේ මම සිගරට් එක බිබී ඉද්දි මගේ දිහා බලලා එපා කියන්නා වගේ ඔළුව වැනුව එක.. මම ගනන් ගත්තේ නැ ඉතින්.. කොහොමත් අතීත බෑඩ් එක්පිරියන්ස් හින්දා කෙල්ලෝ කෙයා කලේ නැ මම වැඩිය.. ඒ උනත් මේකේ මොකද්දෝ අමුත්තක් තියෙනවා .. මට දැනුනා .

දවස දෙක තුන ඔය විදිහටම ගෙවුනා.. කාටත් හොරෙන් මගේ බොක්ක මහේෂ්යටත් හොරෙන් ඒ කෙල්ල එනකම් මගේ හිත මග බලන්න පටන් ගත්තා. හිතලා කරේ නැතත් ඉබේම එයා එන වෙලාවට සිගරට් එක හංගන්න නොබී ඉන්න ට්‍රයි කලා. සිගරට් එක අතේ නැති දවසට ඒ මුණේ ලස්සන හිනාවක් ඇදිලා තියෙනවා

ඔහොම කාලේ ගෙවිලා ගියා අද අවුරුදු දෙකකට පස්සේ ඒ ස්ටේෂන් එකේම 5.40 ට්‍රෙන් එක එනකම් ඒ බංකුවට වෙලා මම ඉන්නවා .. අදත් මගේ අතැගිලි අතර සුදුපාට දෙයක් හිරවෙලා .. එත් ඒ සුදුපාට සිගරට් එක නෙමේ.. සිගරට් එක වගේම පපුව පිච්චිලා යන බැල්මක් එක්ක සුදුම සුදු අතැගිලි ටිකක් මගේ අතේ හිරවෙලා..      


Tuesday, November 20, 2012

~~ අම්බලමක් වූ හද ~~

ඔයාම අගුලු දාලා
වහලා තිබ්බ
හද දොර....
ඔයා යද්දී
වහපු වේගෙට
කැඩිලා ගිහින්
දැන් ඕන කෙනෙකුට
එන්නත් පුළුවන්
යන්නත් පුළුවන්


Wednesday, November 14, 2012

~~ රියාල් ඩිනාර් අතර ~~

වැලි කතරක දුලි කකා
රියාල් ඩිනාර් හොයන්නේ
හෙට දවසක
අපෙ මාළිගෙ
පොඩ්ඩ පොඩ්ඩ තැනෙන්නේ...

රිදුම් කකා ඇවිලී යන
අත් පා පිරිමදින්න
පපු තුරුලට තරුලු වෙන්න
නුඹ එනවා සිහින වෙලා...

සිනා කතා ඔච්චම් පා
මිතුරු වෙසින්
එයි දුදනන්
නුඹ රවටා
අපෙ යහනට
එන්න තනයි
මගේ පැටවු තුරුළු කරන්
හිත වහගෙන
මං එන තුරු මග බලපන්....

Thursday, November 1, 2012

~~ අහිමි මොහොතක් ~~

මහා වැස්සක
කුඩේ යටින්
ඈ ගෙන ගිය 
සොදුරු මොහොත 
හිමි නැ අද 

මහා වැස්සට
තුති කරමින් 
හඬන දෑස
නොපෙන්නට   
මා යනවා  
අද විගසින් 

Friday, October 26, 2012

~~ නුඹ ~~

ලියන්නට පිළිතුරු,
ඉඟි කිසිත් නොදුන්..
හිස් තැන් සපිරි
නුඹ ප්‍රේහෙලිකාවක්...

Thursday, October 18, 2012

~~ කවි සිත ~~

නුඹේ විගමනයෙන්
ආගමනය වූ  විරහව
වැදු කවි සිත
මියැදෙන්න අරන්
කාලය එක්ක
විරහව පෙමින්
බැදුණු දා සිටන්


Tuesday, October 16, 2012

~~ ඉඩෝර ජිවිතේ ~~

ඉඩෝර වෙච්චි ජිවිතයට
බිංදුවෙන් බිංදුව
තෙතමනය එක්කහු වෙද්දී
කොහේදෝ තිබ්බ
වේලුනු හුළඟක් ඇවිත්
ඉරි තලලා  දාලා
යන්න යනවා අයෙත්

Saturday, September 29, 2012

~~ හැපී බී ඩේ මගේ ~~

මුණු පොතේ
බිත්ති පුරා
ලියැවුණු සහසක්
සුභ පැතුමන් අතරේ
සෙව්වා නුඹේ පැතුමත්
ඒ අතරේ
නොවුනත් නුඹ පැතුමන්
ඒ අතරේ
සතුටින් ඉපැලුනි හද
කියවූ පැතුමන් ඔස්සේ 
මිතුරනි තුති සැමදා
නුඹලායි මට වටිනා

Thursday, September 13, 2012

~~ බොළඳ පෙම් ලොව ~~

මාලිගාවක සුව නැත
මගේ පැලේ
සේද සුනිදු ඇද ඇතරිලි නැත
මගේ පැලේ
බත් ඩින්ගයි සම්බෝලේයි
වේල් දෙකට දවස ගෙවයි
සිනමාවක නවකතාවක
දැක නුඹ මවනා හීන දිවිය
සැබෑ ලොවේ
බැහැ පවතින්නට
නුඹ මවනා අප
පෙම් ලොව

Tuesday, September 11, 2012

~~ බැසයන්න සඳවති ~~

සඳවතිය
බැස ගිය නුඹ
හිඳිනු ඇයි තව
වළා අතර
පෙනී නොපෙනී
යනුමැන විගහින්
මගේ ලොවට අද
පායන්න ඉඩ දී
හිරු කුමරිට

Tuesday, September 4, 2012

~~ සුන්දර විරහව ~~

මට
විරහව
සුන්දරයි
ආදරයට වඩා

නුඹ
විරහව තුල
සුන්දරව
සිටින නිසා

Friday, August 24, 2012

~~ නුඹ හා මගේ සිත ~~

මගේ හදේ කුලියට
සිටි නුඹ
ලියාගෙන දැන්
මගේ හද
සින්නකරෙටම

Monday, August 13, 2012

~~ අභිසරු ලියේ ~~

රැ නුඹ අභිමුව 
හෙළුවන කුලයාගේ
නම්බුවෙන් බිඳක්
ගෙන ඇහිඳ
වසා ගනු මැන
නුඹේ නිරුවත
නුඹ හෙළු කරන්නට
සැරෙසෙන දහවල

Wednesday, August 1, 2012

~~ පරණ ~~

පරණ දුම්රිය පොළ
පරණ පුරුදු වෙලාවම
පරණ දුම්රියේම
පරණ මම
හොයනවා තවමත්
පරණ නුඹ



Monday, July 30, 2012

~~ නියං හද ~~

නියං සමයට
අහුවුණු වැව වගේ
ඉරිතලලා වේලිලා ගිහින්
මගේ හදවතත්
අනේ නුඹ
අයේ එනවා නම් 
වැස්සක් වෙලා
එන්නේ කොහොමද
සුළඟ එක්ක ගිහින් නුඹ
ආදර වැස්සක් වස්සද්දී
වෙන හදකට  

Monday, July 16, 2012

~~ කවිය ~~

නුඹ දුටූ දා ඉපැදී
නුඹේ පෙමින් හැඩව
නුඹට වෙන්වී
නුඹට ලියැවුණු
කවිය අද
ගොළු වෙලා
සුසුමක්ව
සිර වෙලා
කඳුලක්ව




Wednesday, July 4, 2012

~~ උඩුසිත vs යටිහිත ~~

උඩුසිත සටනක
සමග යටිසිත
උඩුසිතහි ජය
පෙළයි විටින් විට
සිහින අවි ගෙන
සරදමට මෙන්
යටිසිත



Wednesday, June 27, 2012

~~ සමුගන්න අවසරයි ~~

නෙතේ ඇඳි රුව
කඳුලින් බොඳ උනාවේ
හදෙහි ඇඳි රුව
සුසුමින් මැකුනාවේ
හෙටක් ගැන
නවමු සිහිනයකට
පෙම් බදින්නට
නුඹ පතා සිටි
සමය නිමවුනාවේ 

Tuesday, June 19, 2012

~~ ඉතින් ආයුබෝවන් ~~

නෙළුම් මල
ඉතින් ආයුබෝවන්
යන්නම යන්නෙමි
සදහට
නුඹෙන් මගේ
මතකය අරන්
නුඹ පතනා
විලසින්

Monday, June 11, 2012

~~ පිපි නෙළුමකට ආසිරි ~~

නෙළුම් මලේ
අදවන් දින සුපිපි
නුඹ නැතත්
පෙරදා මෙන්
මා ළඟ 
නුඹ සිතනා
නුඹ පතනා
සියල්
නුඹ පාමුල
පහල වන්න 

පුදමි මෙසේ
මා හද
ශුභාශිංසන..

Thursday, May 24, 2012

~~ පැතු පැතුම ~~

නෙළුම් මලේ
නුඹ පිපුනේ ඇයි
නෙලනු බැරි වූ
ඈත නිල් දිය මත


හද පුජාසන මත
පුදන්නට පැතුම් පැතු
හදක් බලා හිඳ
මෑත ගොඩබිම තව

Wednesday, May 2, 2012

~ දෛවය , වාසනාව , මම ~

අහිමි බව දැන දැන
දෛවය පරදා වාසනාව එනතුරා
බලාසිටි මාහට
පසක් වුයේ අදය
නැති බව දෛවයද වාසනාවද මාහා

~ වෙන්වූ පසු ~

නෙතු කැල්මන් නොදැක ....
ඉන්නේ මං කොහොම ....
කියාදෙන්න කෝ ...
හසරැල්ල නොදැක ....
ඉන්නේ මං කොහොම ....
කියාදෙන්න කෝ ...
නුඹ දුර ඈත වෙන්වී ගිය දාක ...
හෙළනා හුස්ම බිංදුවත් ....
අවසන් වී යන්න පැතුමක් පතමි මා .... 

Saturday, April 28, 2012

~ සතුට ~

කවියක් නිසදැසක්
නැ මා අද ගොතන්නේ
ඈගේ හඬ ඇසුණු
සතුටයි මා මේ විඳින්නේ

Thursday, April 26, 2012

~ මගේ සිහිනය ~


සැබෑ නොවනා මුත්.. 
ඒ තුලම 
හිනැහී 
ජීවත්ව 
ගිලි
මියෙන්නට සිත්ය
නුඹ සරනා
 මගේ සිහිනයේ  ..

Tuesday, April 24, 2012

~ මිතුරියකගේ පෙම ~



ඇමතුවේ නුඹ සිහි වූ නියායෙනි
මිතුරියකි මා නුඹේ සිතා
නුඹ නොදනිද
තවත් නැහැ මා නුඹ ගැන සිහින දකින්නේ
වලදමා අවසන්ය මා අප අතීතය 

Monday, April 23, 2012

~ මී විත හා ඇය ~

මී විතෙන් නැහැ සරණක්
මතකය මකා දමන්නට ඇගේ....  
වඩියක් වඩියක් තුල
දෙනෙත් අබියස ඇය...
පුරවා දෙනෙත කඳුලින් 
යදිමින් මා වෙත ...
තනි කර යනෙමි මමත් නුඹ
මී විත තනිවේයන් නුඹ...  

~ ජෝතිෂ්‍යයට නතු වූ සෙනෙහස ~

විශ්වය තරම් වූ සෙනෙහසක
අවසානය
විශ්වයේම නවග්‍රහයන්
තීරණය කර
කොටු දොළහකටවිත් 

Sunday, April 22, 2012

~ මගේ අම්මා ~

කිවිදියක ලියු.....
මව් සෙනෙහස .....
කියවා හැඩුවෙමි.....
අම්මේ සිහිව නුබේ සෙනෙහස ......
පතා එන්නම් නුබේ පුතු වී ....
විදිනට නුබේ සෙනෙහෙ.....
මතු උපදින හැම භවයේ .....

ආයුබෝවන් !!!!!


ආයුබෝවන් යාළුවනේ ....

ගොඩක් කට්ටිය අද බ්ලොග් ලියනවා ඒ ලියන්නේ ඇයි කියලා මම දන්නේ නැ . මටත් තනි උනාම එක එක දේවල් හිතට එනවා .. සමහර වෙලාවට කොහේ හරි ලියනවා..නැත්තම් එහෙම්මම අමතක කරලා දානවා / අමතක වෙලා යනවා . එක හින්දා මමත් හිතුවා හිතට එන දේවල් කොහේ හරි ලියන්නේ නැතිව සයිබර් අවකාශයේ ලියලා දානවා කියලා .

ලියන්න ගත්තාට මට එච්චර හොඳට ලියන්න බැ. උඹලාට වෙන වැඩක් ඇත්තෙම නැත්තම්, කියවන්නත් මුකුත් නැත්තම් ඔන්න ඔහේ මේකත් කියවපල්ලා...

ජය වේවා!!!