Thursday, February 14, 2013

~~ එකාකරිත්වයෙන් මිදීමට "ල.දු.දෙ" සහය ~~

වැස්ස හින්දා විනාඩි 10 වැඩිපුර නිදාගෙන ඔන්න ඔහේ හරවන ට්‍රෙන් එකේ යනවා කියලා පරක්කු වෙලා ස්ටේෂමට එද්දී මෙන්න බොලේ බෝර්ඩ් එකේ මීළඟ දුම්රිය 7.02 කියලා තියෙනවා .. සෙනග පිරිච්ච ඩබලක් නවත්තලාත් තියෙනවා (නොදන්නා අයට ඩබලක් යනු ට්‍රෙන් දෙකක් එකට අමුනලා තියෙනෙන් අන්න ඒවාට හරිය). හෑ සාමානයෙන් අසමානය දෙයක්.. මොකද මගේ පරක්කු වීමට අනුලෝමව හා සමානුපාතිකව (ඔන්න ඔය වගේ වචනයක් තියෙන්නේ. මට එපාම කරපු විශය ගණන් ලූ වැරදිනම් හරි වචනේ ආදේශ කරගනිල්ලා) ට්‍රෙන්එක වෙලාවට ඒමේ සම්භාවයතාවය වෙනස් වෙන හින්දා ගිහින් ඇතුලට ගිහින් අහනවා කියලා හිතද්දී  .. අර ටිකට් චෙක් කරන එකෙක් කෑ ගහනවා ඇහුනා පරක්කුයි ඔක්කොම කියලා ..
යකෝ පරක්කුනම් දාහන්කො බෝර්ඩ් එකක් "ප්‍රමාදයි" කියලා .. මම එහෙම කිවේ නැ ඉතින් .. හිතුවා විතරයි.
මේ මගුල යන්නෙත් නැ.. කියලා හිත හිත අවට සිරි නරඹා නරඹා ඉද්දි ..
 "අන්න දෙකට තව එකක් එනවා මහව ද කොහෙද යමන් යමන්" මගේ ළඟ හිටපු උන් දෙන්නක් කතාවෙනවා..
මහවනේ මට වැඩක් නැ .. අයේ සිරි නරඹන්න ගත්තා ...
"දෙවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ.. එම දුම්රිය රාගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත. රාගමින් පසු නවත්තන්නේ හුණුපිටිය කැලණිය.. කැලණිය සිට මොරටුව දක්කවා සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත"..

අම්මට සිරි මට යන්නත් පුළුවන්.. රෙද්ද මේ මගුල ගහලා නේ.. දැන් ඉතින් පඩි නැගපන්කෝ කියලා ඒ පැත්තට යනවා හපෝ එකේ සෙනග.. කම්මැලියි.. පිටිපස්සටම ගිහින් පනිනවා රේල් පාර හරහා.. (අම්මපා අපි වගේ උන්ට යන්න මගී පාලම හදපු උන්ට ගහන්න ඕනේ ) අනේ අනතිම පෙට්ටිය හරියේ ට්‍රෙන් දෙකේ දොරවල් දෙකක් ලස්සනට සෙට් වෙලා .. වැඩිය සෙනගත් නැ .. රුන් ගාලා රිංගලා අනිකට මාරු වෙලා දොර අයිනට ගියා ...  මාරු උනා විතරයි  පලවෙනි එකේ එක ඇද්දා ..

එක ගියා විතරයි මෙන්න තව එකක් ඇවිත් ගැහුවා .. පලවෙනි වෙදිකාවේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ .. නවත්තනේ දෙමටගොඩ මරදාන කොළඹ කොටුව... අම්මට සිරි දැනුයි ඔරිජිනල් මහව ඇවිත් තියෙන්නේ ... මම හිටිය ට්‍රෙන් එකෙන් සැහෙන්න බැහැලා මහවට ගියා .. සා මෙන්න සිට් නිදාගෙන යන්න තරම් ...   අයිනක් අල්ලන් මමත් ඉඳ ගත්තා .. ගත්තා ඉයර් පිස් දෙක .. අරන් ගහ ගත්තා කණේ .. ඔය ඉන්න ගමන් තමා මේක මට හිතුනේ..  ඔන්න  මහවත් ගියා.. මොරටුව අවා ... පෝලිමේ ට්‍රෙන් ..මම හිටිය එකේ හිටපු තව උන් බැහැලා ගියා .. මොරටුවේ ඉදන් පරණ සෙට් එකත් අත වැනුවා ... මොරටුව තියලා ඔන්න අපේ එක යන්න ගත්තා (ගණේමුල්ලේදී ඉස්සර කරලා ගියා එක වෙනම දෙයක් ඉතින්) හරි හරි බයිලා නේ මම මේ ගහලා තියෙන්නේ.. දැන් මේකයි මට කියන්න ඕනේ උනේ ...

මිනිස්සු කොච්චර ඒකාකාරී වෙලාද ..හැම උදේම එකම දේ එක විදිහට ... ඔක්කොම ට්‍රයි කරන්නේ ඉර ගහන්න කලින් ඔෆිස් එකට යන්න.. තෙරෙපිලා බැරිනම් එල්ලිලා..එත් බැරිනම් වහලේ උඩ..  මිනිස්සුගේ මුණු දිහා බැලුවාම අදනම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ හත්මුතු පරම්පරාවටම උදේ කිවිසුම් යන්න ඇති..

අනික හැමදාම ඇවිල්ලා එකම ට්‍රෙන් එකෙන් නැගලා එකම වෙලාවට වැඩට යනවාට වැඩිය පොඩ්ඩක් ට්‍රෙන් දෙක තුන කින්  එහෙට මෙහෙට මාරු වෙලා .. සුට්ටක් කට්ට කෑමත් විවිධත්වයක් එකතු වෙනවා නේ.. අනික බලපල්ලා හැමදාම හිටගෙන යන මට අද හුණුපිටිය වෙනකම් වාඩි වෙලා යන්නත් චාන්ස් එක දුන්නේ කවුද.. දුම්රිය දෙපාර්තුමින්තුව ....

තව හිතුනු දෙයක් තමා .. මම මගේ ජොබ් එක ගැන සතුටු වෙන්න ඕනේ කියන එක.. යන්න එන්න වෙලාවක් කලාවක් නැති මේ වගේ ජොබ් එකක් හම්බුවෙන්නේ කවුදෝ එකෙක් කිවා වගේ පිනකට වෙන්න ඕනේ.. අද වැලාගේ දවසේ මම ජොබ් එකට ලව් කරන්න ඕනේ කියලා හිතුනා ..

Sri Lanka Railway දිනේවා... උම්මා ...

ප.ලි . - ඉඳලා හිටලා දවසක් ඔහොම කරාට කමක් නැ.. පුරුද්දකට තියාගන්න එපා හරිය ... (මටනම් කමක් නැ .. හැමදාම යන අර සුටි ලස්සන නංගිලාට පරක්කු වෙනවා නේ එකයි... පව් එයාලා...  


ප.ප.ලි - යකෝ තොපිට උදේට විතරයි කරන්න කිවේ හවසට කරන්න කිවේ නැ .. )(&&^%$**&%^