Monday, November 3, 2014

~~ අතීතය සෙමින් වියැකී යමින් ~~



ෂෙල් වෙඩි මෝටාර් උණ්ඩ පහරින්
දෙබෑ වී ගිය තල් අරණ හරිතව
අහස් කුස සිඹ වසා පැතිරෙති
රුදිරු අතීතයක නටඹුන් මත

වෛරයෙන් මුසපත් කල
ලෙයින් නහවා වියෝ දුක් උරුම කල
දනන් සිත් නිවී සැනසි
සිනා හඬ දසත් පැතිරේවා
අතීතය සෙමින් වියැකී යමින් ... 


පිංතුරය - U Rasta G Bandaragoda / U Rasta G Photography