Sunday, March 17, 2013

~~ ඇය වෙනුවෙන් අපි - ස්තුතිය ~~


පසුගිය දවස් වල මාධ්‍ය වලින් නිතරම කතා වුනු දෙයක් තමා මුහුණු පොත එහෙම නැත්තම් අපි කවුරුත් දන්නා කියන භාෂාවෙන් ෆේස් බුක් එක නිසා ඇති උණු පවුල් සංස්ථා බිද වැටීම් ඒ හරහා සිදුවූ දුෂණ මිනීමැරුම් ගැන.. මේ නිසාම බහුතරය මේ ගැන හිතුවේ වැරදි දෙයක් අනවශ්‍ය දෙයක්.. සමහරුන් මෙය ලංකාව තුල තහනම් කරන ලෙස පවා TRC එකෙන් ඉල්ලා සිටින්න පෙළඹුනා ... වැඩිය ඕනේ නැ මගේ හොඳම යාළුවො දෙන්නා කියපු කතාව තමා "උඹ ඔය ඔන්ලයින් ඉන්න යාළුවෝ විශ්වාස කරනවා ද ? කවුද මොක්කුද දන්නේ නැ ..උඹෙන් ගන්න ඕනේ දේ අරන් උඹටත් කෙලවලා යනකම් දන්නේ නැ "

නමුත් මාධ්‍ය තුලින් කතා නොවන එක් දෙයක් තමා මේ මුහුණු පොත හරහා සිදුවන සමාජ සත්කාරයන් ... ඒ වගේ සිදුවූ මටත් සම්බන්ද වූ සමාජ සත්කාරයකට ස්තුති කතාවක් ස්තුතියකට වඩා පිං දීමක් සිදු කරන්න මම මේ පොස්ට් එක ලියන්න කියලා හිතුවා ....

පහු ගිය දවස් ටිකේ ඔයාලා නිතරම දකින්න ඇති හසංගි කොල්ලුරේ කියන විශ්වවිද්‍යයාල සිසුවියකගේ සැත්කම සඳහා මුදල් එකතු කිරීමක් සම්බන්ද පින්තුර...  හසංගි කියන්නේ මගේ ඥති නැගණියක් . ඇයට සැත්කම සිදුකරන්න අවශ්‍ය බවත් ඒ සදහා අවම ලක්ෂ 10 යන බව දැනගත් වෙලේ ඇත්තටම ඇයත් ඇයගේ දෙමපියනුත් පත් වෙන තත්වය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ .. ඔය තත්වය යටතේ අපි දෙදෙනාම සයිබරයේ  නිතර යන එන තැනක් "ඇයි??? | Why???" ගෘප් එක එහෙම නැත්තම් කණ්ඩායමට ඇති වී ඇති තත්වය දැනුම් දී මේ සඳහා කල හැකි උපකාරයක් පැතීමට මම තීරණය කලේ... ඒ සදහා මෙමෙ කාණ්ඩයමේ නිර්මාතෘ වූ ජනක රාජපක්‍ෂ අයියාගේ දේ අවසරය ඇතිව එහි පරිපාලක මණ්ඩලය විසින් මේය ගෘපය තුල ප්‍රචාරය කරන ලදී. මගේ අරමුණ උනේ එක ලක්ෂයකින් හරි ඒ දෙමව්පියන්ගේ බර සැහැල්ලු කිරීමක් කරන්නයි .. ඔවුන් සියලු දෙනාගේ කාරුණික හදවත් වලින් එකම පැතුම සහ එවූ සෑම පණිවිඩයකම සඳහන් උනේ " උඹලා බය වෙන්න එපා අපිට මේක කරන්න පුළුවන් "  ඇත්තටම "ඇයි??? | Why???" කියන්නේ නානාප්‍රකාර කේෂ්ත්‍රවල නියතු අති සුන්දර සුහද මිනිසුන් පිරි තෝතැන්නක් බව මේ ප්‍රචාරය ගොස් පැයක් ඇතුලත සනාථ වුයේ විවිදාකාර වූ ෆේස් බුක් පිටු තුල මෙය ප්‍රචාරය වීම ඇරඹීම නිසාය.. මතකය හැටියට මුලින්ම ප්‍රචාරය උනේ "ෆේස් බුක් අටපට්ටම" සහ "කෝලම් මඩුව " "අයියෝ සල්ලි" කියන පේජස් වල ... ඒ හරහා රු 100 හෝ  ආධාරයක් ඉල්ලා සිටීම හරහා සහ ශෙයා කිරීම් තුලින්විශාල ප්‍රචාරයක් ලබන ලදී...
Help Hasangi ෆේස් බුක් Page එක සාදන්න දායක වූ සියලු දෙනාත් .. ඒ සදහා අවශ්‍ය සෑම බැනර් එකක් ම සාදා දුන් Hussey Devindaත් විශේෂයෙන් ස්තුති කරන්න අවශ්‍යයි..

ඉන්පසු ෆේස් බුක් එකට සිමා නොවී මෙම සත්කාරය බ්ලොග් අවකාශයට එකතු උනේ සමීරගේ "කැමරාවයි මමයි" හරහා.. ඉන් පස්සේ ප්‍රමුදිගේ "සඳ නැති සද" පනුච්චි ගේ "පනුච්චිගේ භවන" දිනිතිගේ "ආලවන්ත හුදකලාව" දෙවකගේ "දෙව්ගේ අඩවිය" නෙරංජිගේ "ඉර හැරෙන ඉසව්ව" තරිඳුගේ "තරියා ගේ කෙරුවාව" අඩවි රජාගේ "තහනම් අඩවිය" ඇතුළු එකී මෙකි නොකී තවත් බ්ලොග් අඩවි රාශියකින් බ්ලොග් අවකාශ තුල ඇය ගැන බ්ලොග් පොස්ට් ප්‍රචාරය කිරීමට මේ සයිබරයේ සුහද මිනිසුන් කාරුණික විය  ... තවද තවත් බ්ලොග් අඩවි තුල ප්‍රචාරය සඳහා "ජේ ඩි" විසින් බ්ලොග් විජට් එකක් පවා සදා දීමට කාරුණික විය ..
එතැනින් නොනැවතී බ්ලොග් කරුවන් විසින් පවත්වාගෙන යන අපුරු වූ අන්තර්ජාල රේඩියෝව වන Buzz Radioව විසින්ද මේ සදහා ප්‍රචාරයක් ලබාදීම කාරුණික විය ..    

ප්‍රචාරය පටන් ගෙන පසුදා උදෑසන සිට ආධාර ගලා එම ඇරඹුනි.. රු 100 / 500 / 1000 /2000 / 5000 / 10000 / 15000 / 20000 / 25000 ආදී වශයෙන් මුදල් ගලා එම ඇරඹුණි. වරක් දෙවරක් පමණක් දැක ඇති එසේ නැත්තම් ජීවිතයට දැක නැති කතා බහ නොකළ කෙනකුගේ ජිවිතයක් වෙනුවෙන් මේ සයිබරයේ වෙසෙන මේ මිනිසුන් සිදුකල මෙහෙවර නිසා සති 3 ඇතුලත රු 980000/= ක මුදලක් එකතු කර ගැනීමට හැකි වීම ඇත්තෙන්ම පුදුම සහගතයි ..

මේ සුන්දර මිනිසුන් නිසා ඇය සිත් සැහැල්ලුවෙන් පසුගිය 13 වන දින සැත්කමට මුහුණ දුන් අතර දැන් දැඩි සත්කාර ඒකකයේ ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් හිදී.. අද උදෑසන වන විට මාහට SMS පණිවිඩයක් එවීමට තරම් ඈ සුවය ලබමින් සිටි...

මේ සයිබර් ලෝකයේ කරුණා සිත් ඇති සියළු දෙනා නිසා ඇය හෙට දින ආලෝකය දකීවි .. නැවතත් සිනා සෙවී. ඔබ සියළු දෙනාට නම් වශයෙන් ස්තුති කල නොහැකි අතර වචනයකින් හෝ ඇගේ සුවදුක් සොයා බැලූ ඔබ සියල්ලන්ට ස්තුතිය පමණක් නොව උපදින ජාති ජාතිත් බොහෝ පිං ....

                


11 comments:

  1. හැමදාමත් අපි අපි වෙනුවෙන් .....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි අපි වෙනුවෙන් නම් කල නොහැක්කක් නොමැත ...

      Delete
  2. කියන්න වචන නෑ ඔටුවෝ..

    ReplyDelete
  3. හැමදාමත් අපි වෙනුවෙන් අපි.....උත්සාහවන්තයෝ ජයගත්තා.....සතුටුයි ගොඩක්ම හදවතින්ම සුබ පතනව හැම කෙනෙක්ටම.....!!!!

    ReplyDelete
  4. හසංගි වෙනුවෙන් අපි මෙච්චර දුර යයි කියලා අපිවත් බලාපොරොත්තු වුනේ නෑ.හැමෝටම ස්තූතියි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ..

    ReplyDelete
  9. අපි ඒක කළා කියල දැනෙන හැගීම ....... කියන්න වචන නෑ ....

    ReplyDelete
  10. Great work done . appreciate your crew.

    ReplyDelete