Wednesday, October 21, 2015

~~ විදි බට සන්නාලිය ~~




සහතික ගොන්න දිය වෙද්දී 
අගහිගකම් මත රුදුරු.... 
පෙම් කලා ඈ ලද සොච්චමට 
හරඹ කර මසක් ඉඳිකටු නුල් සමගිනා.... 


ගුරු පාර අද්දර හැමදාම මුණ ගැසුණු 
කෝඩු කාර ආදර සිතුවිලි මෝදු කල 
පෙම්වත් සෙනෙහස යටවෙද්දී 
පිය සෙනෙහසට වාරු අහිමි.... 
පෙම් කළා ඈ ලද මොනර කොළවලට 
වැතිර හිඳ හෝරාවක් මල හැගුමන් හා සමග....


විත්ති කුඩුවට වී බිම බලන් හිඳිද්දී 
ඇප මුදල් අහිමිව තුන් මස දඬුවම 
මිටිපහරින් නියම වෙද්දී 
නුඹෙත් දෑස් බැඳ ඇතිද.... 
උතුමියනි නඩුකාර 
ඇසුවා ඇගේ නෙතඟින් ගලා ගිය කඳුල....