Monday, July 30, 2012

~~ නියං හද ~~

නියං සමයට
අහුවුණු වැව වගේ
ඉරිතලලා වේලිලා ගිහින්
මගේ හදවතත්
අනේ නුඹ
අයේ එනවා නම් 
වැස්සක් වෙලා
එන්නේ කොහොමද
සුළඟ එක්ක ගිහින් නුඹ
ආදර වැස්සක් වස්සද්දී
වෙන හදකට  

Monday, July 16, 2012

~~ කවිය ~~

නුඹ දුටූ දා ඉපැදී
නුඹේ පෙමින් හැඩව
නුඹට වෙන්වී
නුඹට ලියැවුණු
කවිය අද
ගොළු වෙලා
සුසුමක්ව
සිර වෙලා
කඳුලක්ව




Wednesday, July 4, 2012

~~ උඩුසිත vs යටිහිත ~~

උඩුසිත සටනක
සමග යටිසිත
උඩුසිතහි ජය
පෙළයි විටින් විට
සිහින අවි ගෙන
සරදමට මෙන්
යටිසිත



Wednesday, June 27, 2012

~~ සමුගන්න අවසරයි ~~

නෙතේ ඇඳි රුව
කඳුලින් බොඳ උනාවේ
හදෙහි ඇඳි රුව
සුසුමින් මැකුනාවේ
හෙටක් ගැන
නවමු සිහිනයකට
පෙම් බදින්නට
නුඹ පතා සිටි
සමය නිමවුනාවේ 

Tuesday, June 19, 2012

~~ ඉතින් ආයුබෝවන් ~~

නෙළුම් මල
ඉතින් ආයුබෝවන්
යන්නම යන්නෙමි
සදහට
නුඹෙන් මගේ
මතකය අරන්
නුඹ පතනා
විලසින්

Monday, June 11, 2012

~~ පිපි නෙළුමකට ආසිරි ~~

නෙළුම් මලේ
අදවන් දින සුපිපි
නුඹ නැතත්
පෙරදා මෙන්
මා ළඟ 
නුඹ සිතනා
නුඹ පතනා
සියල්
නුඹ පාමුල
පහල වන්න 

පුදමි මෙසේ
මා හද
ශුභාශිංසන..

Thursday, May 24, 2012

~~ පැතු පැතුම ~~

නෙළුම් මලේ
නුඹ පිපුනේ ඇයි
නෙලනු බැරි වූ
ඈත නිල් දිය මත


හද පුජාසන මත
පුදන්නට පැතුම් පැතු
හදක් බලා හිඳ
මෑත ගොඩබිම තව