හ්ම්ම්
කියටද බං ට්‍රෙන් එක ..මහේෂයා ඇහුවා ..
ඈ බුරු තඩියෝ හැමදාම යන ට්‍රෙන් එකේ වෙලාව තෝ දන්නේ නැද්ද .. 5.40ට යකෝ
ආ ඔව් නේ ...
වර මෙතැනින් ඉද ගමු...
ඒ මචං රවියෝ දුමක් අදිමුද ... තව පැය 1/2 තියෙනවා නේ
හා ගනින් .. අද උඹේ දවසනේ...
අඩේ ෆුල් කෝඩේ බං මේ ටිකේ .. සල්ලි නැ කොල්ලෝ උඹම අදත් ගනින් කෝ මචෝ
නෙදකින් තොපි..
ඇයි මට හතරමහා නිධනේ පහල වෙලානේ මම ළග සල්ලි තියෙන්න.
ඉදා ඉදා ගිහින් ගෙනෙන් ...
මේ රවියා අන්න අර කෑලි සෙට් එක එනවා ..
මොන ?
අර සුදු පට්ට කැල්ලක් ඉන්නේ බං.
ආ හරි හරි .. ඉතින් මට පාන් යෑ .. ගනින් මෙහාට සිගරට් එක
මම සිගරට් එක කටේ තියලා උරනවත් එක්කම ඒ කෙල්ලෝ සෙට් එක අපිව පහු කරන ගියා .. මහේෂයා කියපු ඒ සුදු කෙල්ල මා ලඟින් යනවා එක්කම එක පාර මා දිහා බැලුවා... අම්මෝ ඒ බැල්ම ... සිගරට් දුමට පපුව පිච්චෙනවා වඩා ඒ බැල්මට පිච්චෙනවා ..
ඊලඟ දවසත් එකම සිදුවීම .. වෙනසකට උනේ මම සිගරට් එක බිබී ඉද්දි මගේ දිහා බලලා එපා කියන්නා වගේ ඔළුව වැනුව එක.. මම ගනන් ගත්තේ නැ ඉතින්.. කොහොමත් අතීත බෑඩ් එක්පිරියන්ස් හින්දා කෙල්ලෝ කෙයා කලේ නැ මම වැඩිය.. ඒ උනත් මේකේ මොකද්දෝ අමුත්තක් තියෙනවා .. මට දැනුනා .
දවස දෙක තුන ඔය විදිහටම ගෙවුනා.. කාටත් හොරෙන් මගේ බොක්ක මහේෂ්යටත් හොරෙන් ඒ කෙල්ල එනකම් මගේ හිත මග බලන්න පටන් ගත්තා. හිතලා කරේ නැතත් ඉබේම එයා එන වෙලාවට සිගරට් එක හංගන්න නොබී ඉන්න ට්‍රයි කලා. සිගරට් එක අතේ නැති දවසට ඒ මුණේ ලස්සන හිනාවක් ඇදිලා තියෙනවා
ඔහොම කාලේ ගෙවිලා ගියා අද අවුරුදු දෙකකට පස්සේ ඒ ස්ටේෂන් එකේම 5.40 ට්‍රෙන් එක එනකම් ඒ බංකුවට වෙලා මම ඉන්නවා .. අදත් මගේ අතැගිලි අතර සුදුපාට දෙයක් හිරවෙලා .. එත් ඒ සුදුපාට සිගරට් එක නෙමේ.. සිගරට් එක වගේම පපුව පිච්චිලා යන බැල්මක් එක්ක සුදුම සුදු අතැගිලි ටිකක් මගේ අතේ හිරවෙලා..