Friday, September 9, 2016

~~ ඉවසාපන් මයේ මැණිකේ ~~

ඉදින් මැණිකෙ මම බත් ඩිංගක් ලිප තියන්න හනික පමා උනා හොදොටෝම අද ගිය කයිය, අක්කරනම් කියක් කියලද .. ලැබුනේ නැහැ කාසි අතට වී සේරුම එකක් දෙකක්, මල්ලට වැටුනේ හා හා උඹ ගිහින් අරහෙන් ඈදී ගනින් මේ දුම හොද නෑ උඹෙ හතියට. හෙට ගොහිං ඇන්න එමුද වාතෙට තෙල් ඩිංගිත්තක් මතකද මැණිකේ උඹහට සින්න වෙච්ච කුඹුර කෑල්ල දරුවාගේ වියදමටම අරච්චිට උගස් කරපු එහෙයි අද කයිය තිබුනෙ මම ගියපු. උඹට නොකීවේ, උඹ කදුළු බොයි කියමයි. දරුවාගෙන් නෑ ආරංචියකුත් , උන්ට කොයිද මැණිකේ ඉස්පාසුව ටවුමේ ඩිස්පැන්සරියේ හරියට ලෙඩ්ඩුලූ රෑ වෙනකම් බේත් කරනවලු ඌ



නිමිත්ත :
ගණේමුල්ලට මෙහා  වංගුවේ පුංචි ගෙදරක සියා කෙනක් දෙකට නැමීගෙන දර ලිපකින් අහාර පිසිනව දැකීම ..    

No comments:

Post a Comment