රියාල් ඩිනාර් හොයන්නේ
හෙට දවසක
අපෙ මාළිගෙ
පොඩ්ඩ පොඩ්ඩ තැනෙන්නේ...
රිදුම් කකා ඇවිලී යන
අත් පා පිරිමදින්න
පපු තුරුලට තරුලු වෙන්න
නුඹ එනවා සිහින වෙලා...
සිනා කතා ඔච්චම් පා
මිතුරු වෙසින්
එයි දුදනන්
නුඹ රවටා
අපෙ යහනට
එන්න තනයි
මගේ පැටවු තුරුළු කරන්
හිත වහගෙන
මං එන තුරු මග බලපන්....
මේක මෙච්චර දුර ගියාද බොලේ.. :O
ReplyDeleteකෝම හරි වේවා
ජය වේවා!!!
සිනා බො වේවා!!!
හෑ :O කොක කොච්චර දුර ??
Deleteසුනිල් එදිරිසිංහයන්ගේ " මගේ අමල් බිසෝ දොර හරින්නෙපා....." මතක් වෙනවා
ReplyDeleteවරුණ "මගේ පැටව් තුරුළු කරන් ලියද්දි මටත් මතක් උනා" එත් ඔන්න ඔහේ ලියලා දැම්මා
DeleteHNB අධිෂ්ඨාන ගිණුමක් ඇරියා නම් හරි
ReplyDelete