Monday, December 17, 2012

~~ වසන්තය පිපෙන තුරු 02 ~~

                                                                                                    පළමු කොටස කියවලා එමු

ශෙහානා ..
ඇයි මොකෝ ..
පොඩ්ඩක් ඉන්නවා කෝ ..
ඇයි මොකටද ?
මේ ගිය සතියේ නෝට්ස් ටික ලියා ගන්න ඕනේ පොත දියන්කෝ බං ...
ආ එකටද .... ඉදා , තොපි සේරම කොහෙද ගිය සතියේ ගියේ....  
"අපි පොඩි වල" කියද්දීම රෝහානයාට පවන් ඔළුවට පාරක් ගැහුවා ..
නැ අපි මේ පොඩි වැඩක් කළා හර්ෂයලාගේ දිහා..

හංසිනි ඔයාගේ පොත මට ගන්න පුළුවන් ද .. පවන් ඇහුවා....

බිම බලන් හිටිය ඒ කෙල්ල එකපාර ඇස් දෙක ලොකු කරලා පවන් දිහා බැලුවා... බලලා ශෙහානා දිහා බැලුවා .. පොත දෙන්නද එපාද වගේ.. ෂෙහාන ඔළුව වැනුවා .. පස්සේ පොත අරන් පවන්ට දුන්නා... කෙල්ල බලන්න ඇති මූ කොහොමද නම දන්නේ කියලා ..  පවන් හොඳ හිනාවක් දාලා "තැන්ක්ස් හංසි" කියලා පොත ගත්තා ..

ඊළඟ සතියේ මූ මාවත් ඇදගෙන කලින්ම කලාස් එකට අවා.. කොහොමත් අපි දෙන්නා එක ළඟ හින්දා එකට තමා ගමන් බිමන්...

පවන් අන්න අරක එනවා...
කෝ
බලපිය ඇස් ඇරලා .. අත දික් කරලා පෙන්නන බැනේ ..
ෂා පට්ට නේ බං..

කෙල්ල බිම බලාගෙන අවේ .. අපිව දැක්කාද, දැක්කේ නැ වගේ යන්න ගියාද කියන්න බැ හැබැයි අපිව පහුකරන් ගියා ... ඒ එක්කම පවන්,,,

"පවනි" ....

කෙල්ල ගැස්සිලා හැරිලා බැලුවා ....
පවනි ඔයාගේ පොත.. Thank You Very Much.. මේ අත් අකුරුත් ඔයා වගේමයි ... පවන් ටෝක් එක පටන්ගත්තාට,

කෙල්ල හීනියට හිනා වෙලා පොත අරගෙන ක්ලාස් එක පැත්තට ගියා....

වෙනදා සෙට් එක එනකම් ක්ලාස් එකට නොයන පවනා මාවත් ඇදගෙන පවනි එක්කම ක්ලාස් එකට ගියා .. වෙනදා ඉදගන්න අන්තිම පේලි හරියට ගිහින් හැරිලා බලද්දී මූ ගිහින් පවනි ඉන්න හරියේ පේළියක වාඩි වෙලා මට අත වනනවා. මමත්ඉතින් ගිහින් ඉදගෙන අනික් උන්ට txt එකක් දැම්මා ක්ලාස් එකට වරෙව් කියලා.

තොපිට පිස්සුද යකෝ මෙච්චර ඉස්සරහ වාඩි උනේ ... ජගා ආපු ගමන් කෑගහුවා

වාඩි වෙයන් යකෝ කෑනොගහා ... මම ඇහැක් ගහලා ජගාට පවනිව පෙන්නුවා
 ආ තේරුණේ දැන් තමා .. කලින් කියන්න එපෑ මස්සිනා ...

කොහොමෙන් හරි ඔය විදිහට ඊළඟ සති දෙකේදි විහිළුවෙන් ශෙහානාගේ පිහිටෙන් කෙල්ල ශේප් එකේ  කතා කරන ගානට අපිත් එක්ක ෆිට් උනා ....

පවන් මචං අහන්න කාලේ නම් හරි වගේ... දැන් ටිකක් ෆිට් නේ බං අපිත් එක්ක ..

මමත් හිතුවේ බං .. ලබන සතියේ ටොක දාන්නම්...

ගුඩ් මොර්නින්ග් හංසිනි ....
ආ පවන් ගුඩ් මොර්නින්ග් ...
මේ පොඩ්ඩක් ක්ලාස් ඉවර වෙලා මාව මිට් වෙනවද ... පොඩ් දෙයක් තියෙනවා කියන්න ...
ඉතින් දැන් කියන්න කෝ ...
දැන් මෙහෙම බැ .. කලාස් ඉවරවෙලා කියන්නම්... දැන් ක්ලාස් එකට යමු ..

හර්ෂයෝ මචං ..
ඇයි බං ..
අඩේ මට නිකන් අප්සට් වගේ බං මෙකිගෙන් අහන්න .. නිකන් පපුව ගැහෙනවා වගේ ..
හුකෑස් කිව්වලු  .. උඹ කෙල්ලක්ගෙන් අහන්න බයයි වගේ කිව්වාමයි.. අනේ පල නිකන් පානිය නොදා ..
කව්ද ඩෝ බයයි කිවේ.. නිකන් අමුතුයි වගේ බං ..
අවුලක් වෙන එකක් නැ.. එකී කැමති වෙයි ... අහපන්කෝ අද ..


මතු සම්බන්දයි
                                                                             තුන්වන කොටසට 

18 comments:

  1. එල එල ඉතුරු කෑල්ලත් ඉක්මනට දාපන් බං

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ..මේ ටිකේ වැඩ වැඩි බං ඔෆිස් එකේ... මේක කෙටි වෙන්න හේතුවත් එකමයි... බලමු ලබන සතියේ දාන්නම් ...

      Delete
  2. ලබ් ඩබ්
    ලබ් ඩබ්
    අහයිද
    හා කියයිද
    චටාස් වෙයිද

    ReplyDelete
  3. හා හා හා හා හා හා හා හා..

    අනේ හා කියපන්..........

    ReplyDelete
  4. අමුතුයි වගේ කිවුව නිසා බෑ කියයිද මන්ද...
    ඉක්කන්ට දාන්න ඊළඟ කොටසත්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක ලියන්න ගන්න ඕනේ පණු.. වැඩ මේ ටිකේ සැහෙන්න .. :( වෙලාව තමා ඉල්ලේ

      Delete
  5. ෂුවර් එකට බෑ කියයි :D

    ReplyDelete
    Replies
    1. :O අත්දැකීම් වෙන්න ඇති නේ බං ..

      Delete
  6. ඉතුරු ටිකත් ඉක්මනින් බලමු නේද.....

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඉවර කරන්නත් ඕනේ තමා අක්කේ.. ලියන්න මතක් වෙන දේවල් අමතකත් වෙනවා නැත්තම් ...

      Delete
  7. බෑ කියයි කියල හිතෙනවා මට :D

    ReplyDelete
  8. Mechchara amaruwen livwa eke be kiyala livwoth wedak ne wage neda.......tikak adala HA kiyamu.....:)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. බලමු බලමු.....

      Delete