Monday, December 24, 2012

~~ වසන්තය පිපෙන තුරු 03 ~~

                                                                                      පළමු / දෙවෙනි කොටස් කියවලා එමු


හංසි....
ආ පවන් මොකද්ද කියන්න තියෙනවා කිවේ.. ඉක්මනට කියන්න බස් එකට පරක්කු වෙනවා ....
හා එහෙනම් යමු .. යන ගමන් කතා කරමු

හංසි ඔයා මොකද මම ගැන හිතන්නේ ...
ඒ කිව්වේ පවන් ...
මම ගැන අදහස මොකද්ද
ම්ම්ම් ඔයා හොඳයි Handsome කොල්ලෙක් . funny..   වැඩිය උඩ යන්නේ එහෙම නැ මෙහෙම කීවාට ...  තව හොඳ යාලුවෙක් කියලා හිතනවා.. ඇයි එහෙම ඇහුවේ ?
එහෙම නෙමේ මම ඇහුවේ .. හරි මම කෙලින්ම කියන්ම්කො හංසි ... "මම ඔයාට කැමතියි , ඔයා ගැන හැඟීමක් ඇතිවෙලා මගේ හිතේ " ...
අනේ නිකන් යන්න පවන් විහිළු නොකර ....
විහිළු නෙමේ ළමයෝ ඇත්තට කිවේ .. මට අද උත්තරයක් ඕනේ නැ .. ඔය හෙමිහිට කල්පනා කරලා බලලා කියන්න ....
පවන් මේ ඔයා සිරාවටද කියන්නේ .. ජෝක් නෙමේ ද ....
නැ හංසි ඇත්තටම...
හ්ම්ම්ම් ...ඔකේ හිතන්න දෙයක් නැ පවන් .. ඔය වගේ දෙකට මම කැමති නැ .. තේරුමක් නැති දේවල් පටන් අරන් තේරුමක් නැ පවන් ..
අපි යාළුවොනේ යාළුවෝ වගේ ඉමු පවන්..

ස්ටෑන්ඩ් එකටත් අවා.... මම යන්නම් පවන්..  C U ... Bye
හ්ම්ම් එහෙම නෙමේ හංසි .. පොඩ්ඩක් අපහු හිතන්න කලබල නොවී හිමිහිට ... bye C U ... පරිස්සමින් ..



මචෝ මොකෝ උනේ.. රෝයිටරයා පවන් ආපු ගමන් ඇහුවා....
එකී කැමති උනේ නැ බං ...
බලමු බං .. ගොඩක් උන් ඉතින්අහපු ගමන් එක පාර කැමති කියන්නේ නැනේ .. අනික පවනි වගේ කෙල්ලක් එක පාර කොහොමත් කැමති කියයි කියලා හිතන්න අමාරුයි නේ... try again මචං ... මම කිවා..

ඔව් ඔව් අර කතාවකුත් තියෙන්නේ try & try one day you can fly කියලා .. රෝහානයා  කිවා ..
රෙද්ද තමා ..ඒ ඉස්සර යකෝ.. දැන් කියන්නේ try & try one day you can die ජගා කිව්වා ..
අනේ මචං එහෙමනම් දිගටම ට්‍රයි කරපන් .. අත අරින්න එපා... අඩේ මට මැවිලා පේනවා මුගේ දානේ මුන්ගේ තාත්තා සුපිරියට ගන්න හැටි...

අනිවා ඉතින් හිල්ටන් එකෙන් තමා කේටරින්...මම දවස් 7ම එහෙ තමා ඔන්න...

තු.. නොදොකින් තොපි වගේ යාළුවෝනේ අම්මපා මටත් ඉන්නේ.. හංසිව සෙට් උන දවසට උඹලාට දෙන්නම් සුපිරි පාර්ටියක් කල්බ් එකේ ... එතකන් මගේ දානේ කන්න ලෑස්ති නොවී හිටපියව් ... 

පවන්ගේ කාර් එක ආව නිසා අපි සෙට් එක ගියා යන්න ...
පවන් උඹ අවුලෙන්ද??
කාර් එකේ යද්දී පවන් ගේ මුණ අමුතුයි කතාවක් තිබ්බෙත් නැති නිසා මම ඇහුවා  ...
පිස්සුද බං ..කිසි අවුලක් නැ ... මම මේ සිංදුව අහන් ගියේ .. මොනාට අවුල් වෙන්නද ...
ආ එහෙනම් ඉතින් කමක් නැ .. මම එහෙම කිවත් පොඩි කාලේ ඉඳන් හිටපු මගේ යාළුවාගේ වෙනස මට  තේරුනා ..

ඊළඟ දවසේ පවන් ක්ලාස් එකේදී පොඩි කොල කැල්ලක් අරන් සින්දුවක කැල්ල ලීවා ....


" ඇස් ආදරෙන් පුරෝනා
   හිත පාලුවෙන් ගලෝනා
   ඔබ මගෙම වෙන්න ඕනා
   මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
   මා හදවතින්ම උමතුවී තියේ...
"

ලියලා හොඳට නවලා ශේප් එකේ පවනිගේ ඩෙස්ක් එකට විසි කලා ....

පවනි එක පාරට ගැස්සිලා වට පිට බැලුවා.. පවනා පනාව දැම්මා ම කෙල්ල දැන ගත්තා මූ එවෙව් කියලා ..
එක දිග ඇරලා කියවලා හිනා වෙලා ශේහානාටත් පෙන්නලා පොත යටින් තියා ගත්තා ....

ටික වෙලාවකට පස්සේ ඒ කොළ කැල්ලම ශෙහානා අපිට විසි කළා .. ඒ කොලේම අනික් පැත්තේ පවනිත් සිංදු කැල්ලක් ලියලා එවලා තිබ්බා ...

" සුපෙම් හැඟුම් ඔබෙන් එපා
  මිතුරු දම් විනා
  නෞකාවකි ඔබ ඈත සමුදුරේ 

  මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ ..."

'හුටා බඩුම තමා කෙලියා තාප්පේට' මට එක දැක්ක ගමන් කියවුනා
පවන් හිනා වෙලා එක අරන් නවලා පොත අස්සේ දාගත්තා ..

ඔහොම අනෙක විදිවලට අපි පවනිව කැමති කර ගන්න ට්‍රයි කලා  ..පවන් නැති වෙලාවට ඌව අල්ලා අපි සෙට් එක විහිළු කලා .. හැමදාම බස් ස්ටෑන්ඩ් එකට පස්සෙන් ගියා ..මේ මොනා කලත් කෙල්ලව කැමති කර ගන්න බැරි උනා... කෙල්ලගේ උත්තරේ වුනේ කැමති නැ කියන එකමයි....
හැබැයි එහෙම හැමදාම පස්සෙන් ගිය එක පාඩු උනෙත් නැ ... පාඩු නොවුන එකෙක් හිටියා ... ඒ රෝහානයා..
දන්නෙම නැතිව රෝහානයායි ශේහානයි සෙට් වෙලා ...

ඔහොම මාසයක් විතර ගියා... දවසක් උදේ මමයි පවනුයි අනික් සෙට් එක එනකම් ඉද්දි පවනි අපි ලඟට ඇවිත් කතා  කළා ....

පවන්...
ආ හංසි ගුඩ් මොර්නිග් ...
ගුඩ් මොර්නින්ග් ...පවන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ..ඔයාව ටිකක් තනියම මිට් වෙන්න පුළුවන් ද ?
ආ හරි යමු ..

හර්ෂයා උඹ එහෙනම් අනික් උන් එක්ක ක්ලාස් එකට පලයන්...  මම එන්නම් ..

හංසි කොෆි ෂොප් එකට යමුද ... මොනා හරි බොන ගමන් කතා කරමු ...


 මතු සම්බන්දයි
                                                                                          හතරවන කොටසට 



16 comments:

  1. සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ ...

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමු නොවන බව දනිම්
    සිහිනය බිද යා යුතුය(ද) මේ ලෙසින්


    කෙල්ලෝ ඔහොම්මයි

    ReplyDelete
  2. asantha:- අනේ නිමේශයා... මේ ස්ටොරි එකට කිස් කරන කෑල්ලක් එහෙමත් දාපන්කො බන්...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ එකකට දාන්නම් හැබැයි මුන් බැන්නොත් උඹ බලාගන්න ඕනේ ...

      Delete
    2. හෆෝ මෙයාට කොහෙන් ගියත් කිස්මයි ඕනි.. :D

      Delete
    3. ඔන්න මම ඉස්සරහ කොටසට දානවා කිස් කරන එකක්.. අසික්කිතයි කියලා උඹලා බනින්න බැ ...

      Delete
  3. උදව්වක්වත් ඉල්ලන්නද පවනට කතා කලේ..?

    ReplyDelete
  4. අයියෝ... එයා මට යාලුවෙක් විතරයි

    පරන තැටිය

    ReplyDelete
    Replies
    1. යාළුවෙක් තමයි ඉතින්..

      Delete
  5. අඩේ මෙතනත් දානයක් කන්නමයි යන්නේ.. :p
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොතැන උනත් අනන්‍යයතාව රැක ගන්න ඔනේනේ පණු ..

      Delete