Monday, December 31, 2012

~~ පට්ට් 2012 සමරිය ~~

පිස්සු හැදෙයි ... 2012 ඉවරනේ ,.... මට නම් 2012 පට්ට අවුරුද්දක් ..ඉස්සෙල්ලාම ජනවාරි වලින් පටන් ගන්නවා නම් අපේ අක්කාගේ වෙඩිම පට්ට විදිහට කරා ..
ඊට පස්සේ පෙබරවාරි පට්ට දුක හිතෙන සින් එකක් උනා .... ඒ දුක වහාගන්නත් එක්ක අවුරුදු 3කට පස්සේ ලංකාවට ආපු පට්ට බොක්කක් එක්ක බොක්කේ සෙට් එක පට්ට ට්‍රිප්ක් ගියා කතරගම.. ඒ ගමනේදී තමා පට්ට ඩ්‍රයිව් කිරිල්ලක් කරේ හයි වේ එකේ රෙකොර්ඩ් එක 162KMPH ..
ඊට පස්සේ අප්‍රියල් ... අපේ පට්ට ගෘප් එක වෙන "ඇයි??? | Why???" ගෘප් එකේ පලවෙනි හමුව .  කවදාවත් හමුවේලා නැති එත් පට්ට ෆිට් එකක් තියෙන සෙට් එකක් පලවෙනි පාරට හම්බුඋනා.. මඩ ගහ ගැනිලි එක්ක පට්ට ෆන් එකක් ගත්තා ... තව එකක් බැරි බැරි මරගාතේ මගේ සිතේ සිතුවිලි වලටත් ඉඩක් දෙන්න "සිතුවිල්ලට ඉඩක් " පටන් ගත්තා ..
ඊට පස්සේ ජුනි ... දුර හිටියත් ඉතින් අහවලාට කතා කරලා විශ් කරන්න අමතක කරේ නැ මම නම්... ඒ අස්සෙන් ජුනි මාසෙම අපේ සෙට් එකේ බොක්කක් වෙන Chanukaයාට දුවෙක් හම්බුනා .. පළවෙනියටම තාත්තා උන එකා ...
ඊට පස්සේ ඔන්න අගෝස්තු .. තවත් පට්ට යෙහෙලියක් වෙන Nisansala පැටියෙක් දැම්මා ....
සැප්තැම්බර් අවා .. පලවෙනි වතාවට අපේ පට්ට ගෘප් එකේ කට්ටියක් එක්ක රණවිරු සෙවනට ගිහින් ආධාර දෙන්න මොනවද ඕනේ කියලා හොයලා බැලුවා ..
බි ඩේ එකත් ඉතින් පාර්ටි අස්සේ ගෙවිලා ගියා ...
ඔක්තෝබර්වල මගේ පට්ටම බෙස්ට් ෆ්‍රෙන්ඩාලා වෙන ශාන්ත අයේෂා ඩබලත් පැටියෙක් දැම්මා... ඔක්තෝබර්ම අපේ පට්ට ගෘප් එකේ සෙට් එකකත් එක්ක රු ලක්ෂෙකට අදික වටිනාකමකින් යුත් ආධාර අරන් රණවිරු එකට ගිහින් බෙදලා දුන්නා.. පස්සේ එක ඉවර වෙලා අපි සෙට් එකක් Janaka Chathura Sanjaya Buddhika Dushmantha පල්ලියවත්ත බීච් එකේ දි පට්ට ෆන් එකක් ගත්තා.. බැදපු මාළු කුරියෝ දෙන්නයි මඤඤෝක්කා තම්බලා .. හම්මේ පට්ට රසයි ... තව තියෙනවා අපේ අසිතයාට පිං සිද්ද වෙන්න වොර්ල්ඩ් කප් මැචස් 4 බැලුවා.... එකෙනුත් සෙමි ෆයිනල් මැචස් දෙකේ පට්ටම ආතල් එකක් ගත්තේ අපි....
ඊට පස්සේ නොවැම්බර් .. පානුයි පරිප්පුයි රජ වේවා කියලා ඒවාට පිං සිද්ද වෙන්න මගේ බර වැඩි වෙලා .. පට්ට අසාවක් තිබ්බා ලේ දන් දෙන්න පලවෙනි වතාවට එකත් කර ගත්තා..ඊට පස්සේ  අපි බොක්කේ සෙට් එක ගියා බණ්ඩාරවෙල නුවරඑලි ට්‍රිපක් ....
දෙසැම්බර් වල .. පොඩි කාලේ ඉඳලාම ඉන්න මගේ පට්ටබොක්ක Shasika ලන්ඩන් වලදී පැටියෙක් ගැහුවා .. අයේ පට්ට ගෘප් එක ලොක විනාසේ එන්න කලින් මුණු ටික බලා ගන්න ඕනේ කිව නිසා දියවන්නාව වෝක් වේ එකේදී සෙට් උනා... ලොක විනාසේ වෙන්න පට්ට හොප් තිබුණු ඒවා සුන් කරගෙන තාම ඉන්නවා කට්ටිය..

 
ජෝතිෂ්‍යයට අනුව මට 2013 පට්ට චාටර් ලූ .. එක හින්දා ලබන අවුරුද්දේ මට කෙල්ලේ සෙට් වෙයි කියලා හිතනවා

14 comments:

  1. ජෝතිෂ්‍යයට අනුව මට 2013 මාර ලකී ලු.. ඒක නිසා මට පණුවෙක් ලැබෙයි මයේ හිතේ.. එනිවේ.. නයිස් ටු මීට් යූ නිමේෂ්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. සෙම් හියර් .. නයිස් ටු මිට් යු ටු.....
      ජය වේවා .. පැතුම් ඉටු වේවා DSLR එක ගන්න ලැබේවා!!!

      Delete
  2. 2013 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!!!! ජය වේවා!!!

      Delete
  3. 2013 මට ඉන්නවනම් ඉන්න වුනුත් දාලා යනවා මිස කෙල්ලෙක් නම් සෙට් වෙන්නෑලු.
    ඒක නිසා මට නම් එහෙම වෙන්නෑ
    බොට එහෙම වේවා.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. මටත් 2013 හොඳ නැලූ .. කෙල්ලක් එනවා කියන්නේ නරක කාලය ලබනවා කියලා පැරැන්නෝ කියලා තියෙනවා ...

      උඹටත් ජයෙන් ජය ...

      Delete
    2. කෙල්ලෙක් එනවා කියන්නේ නරක කාලය ලබනවලු කියලා කවුද බන් කීවේ? අන්න ඌව හොයනවලු කවුද

      Delete
  4. එහෙනම් 2013 පට්ට අවුරුද්දක් වේවා ...

    ReplyDelete
    Replies
    1. බොටත් පට්ට පට පටම අවුරුද්දක් වේවා !!!!!!!

      Delete
  5. හික්ස්..... ලැබුවා වූ 2013 වසර සියලු බලාපොරොත්තු ඉටුවන (අපිටත් කේක් කෑල්ලක්වත් මේ අවුරුද්දෙ කන්න ලැබෙයි කියල හිතනවා) සුබ ම සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා !!!!!! (අපිටත් කේක් කෑල්ලක්වත් මේ අවුරුද්දෙ කන්න ලැබෙයි කියල හිතනවා)

      Delete