Saturday, May 11, 2013

~~ වසන්තය පිපෙන තුරු 05 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~

එදායින් පස්සේ අපි හැමදාම බස් එකේ යන්න පුරුදු උනා ...ආතල් එකේ ඒසි එකේ ආපු කාලේ ඉවරයි ..මමත් හිතින් බැන බැන යාළුවා වෙනුවෙන් කට්ට කන්න ගත්තා.. පවන් පුළුවන් තරම් හංසිව මග ඇරලා හිටියා. බස් ස්ටෑන්ඩ් එකේදී හංසි එනවා දැක්කොත් මාවත් ඇදගෙන කඩේකට රිංගනවා මිසක් හංසිට පෙන්න හිටියේ නැ. එත් දවසක් අපි බස් එකෙන් බැහැලා එද්දී මම හංසි එනවා දැක්කා. හැබැයි ප්‍රමාද වැඩි...

"පවනා අන්න හංසි" කියලා කියන්න හදලා කට වහගත්තේ මොන මගුලක් ද හැමදාම හැඟෙන්නේ වෙන දෙයක් වෙයි නේ කියලා මම කට වහ ගත්තා. හංසි ලඟට එනකම් පවන් දැක්කෙත් නැ ..

ගුඩ් මොර්නින්ග් පවන් .. හර්ෂ .. මොකද මේ පැත්තේ ...
ගුඩ් මොර්නින්ග් හංසි ... ආ මේ මේ අපි යාලුවෙක් හම්බු වෙන්න අවා .... පවන් කිව්වා ...
කවුද කෙල්ල්ක්ද ... හේ හේ හේ
ඉස්සරනම් අවා කෙල්ලක් බලන්න දැන් නම් එන්නේ නැ .. කිව්වේ නැ මගේ කටින් පැන්නා ... පවනායි හංසි දෙන්නාම මාව කන්න වගේ බැලුවා ..
හරි පවන් එහෙනම් හම්බුවෙලා එන්න කෝ යාළුවාව මම යනවා කාල්ස් එකට ...
අමුතු විදිහට කියලා එකී යන්න ගියා ...

ශී බලපන්කො දැක්කේ නැනේ බං ලඟට එනකම්ම...
ඇයි වෙනදා වගේ හැංගෙන්නද ? මොන හුයන්නකට ද යකෝ අපි හැඟෙන්නේ ....
නැ බං ඒකිගේ පස්සේ එනවා කියලා වැරදියට හිතයි කියලා .. අනික මොකද්ද බුරුවො අර කියපු කතාව...
අඩේ සොරි බං හිතලා කිවේ නැ.. දන්නවා නේ සමහර වෙලාවට මගේ කටට බ්රේක් නැ බං
හ්ම්ම් හරි හරි යමන් දැන් ක්ලාස් එකට ... විනාඩි 5 විතර පස්සේ අපිත් ක්ලාස් එකට ගෑටුවා ..

කොහොමන් කොහොම හරි පවන් වෙනස්වෙන්න ගත්ත විත්තිය මට තෙරෙද්දී ඒ වෙනස හොඳ පැත්තට බව    තේරෙන්න එක සිදුවීමක් උනා ....


සෙනසුරාද දවල්ට කාලා මම ආතල් එකේ නින්දක් දාගෙන ඉද්දි එක පාරට මාර්ක් ඇන්ටනි කණ අස්සේ Let  it Rain Over me කියලා කෑගහන්න ගත්තා ... ලාවට ඇහැක් ඇරලා නො බැලුවාම පවන්ගේ ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එක...
ඇස් දෙක අරින්නේවත් නැතිව ෆෝන් එක කණ උඩ තියන් මම අන්සාර් කරා
ඇයි බං ....
හර්ෂ පුතා පවන්ගේ අම්මා කතා කරන්නේ ..
එක ඇහුනා විතරයි හාන්සි වෙලා හිටිය මාව කෙලින් උනා ඒ පාර මොන මාරලයක් ද පාත් වෙන්න යන්නේ කියලා හිතිලා ..
ආ ඇයි ඇන්ටි ....
සොරි පුතා නිදන් නේද හිටියේ....
ආ එකට කමක් නැ ඇන්ටි .. මම මේ නිකන් ඇදට ආවා නින්ද ගියා ...
පුතා මම මේ කතා කලේ අපේ පුතාට මොකක් හරි ප්‍රශ්නයක් ද ?
ඇයි ඇන්ටි එහෙම ඇහුවේ ?
නැ පුතා වෙනදාට මම කොච්චර කිවත් Clubbing යන්න එපා කියලා අහන්නේ නැති කෙනා .. මම අහගෙන ඊයේ යාලුවෝ ඇවිත් කතා කලත් ගියේ නැ.... වෙනදා වගේ නෙමේ ..කාමරේ වැඩි හරියක් ඉන්නේ ... මම ඇහුවාට කියන්නෙත් නැ... මොකක් හරි ප්‍රශ්නෙකද පුතා එයා ඉන්නේ ?
අනේ නැ ඇන්ටි එහෙම කිසිම ප්‍රරශ්නයක් නැ .. Exam එක ලඟයි නේ ඇන්ටි එකයි .... මාත් එක්ක කිවා ටිකක් පාඩම් කරන්න ඕනේ කියලා ..
අනේ මන්දා පුතා මට කොල්ලාගේ වෙනසක් තේරෙනවා... එකයි මම මේ ඇහුවේ ... පොඩ්ඩක් හොයලා බලන්න ඔයාලා පොඩි කාලේ ඉදලා දන්නවා නේ ...
හරි ඇන්ටි බය වෙන්න එපා එහෙම දෙයක් නැ...

ඉතුරු මාස දෙක තුනත් විශේෂයක් නැතිව ගෙවිලා ගියා... Exam එක ලියලා ඉවර උන දවසේ අපි ඔක්කොම සැහැල්ලුවෙන් හිනා වෙලා හිටියත් .. පවන්ගේ ඒ හිනාව අස්සේ එලියට පෙන්නනේ නැති දුකකුත් තිබුනා කියලා මම දැනන් හිටියා.....
ක්ලාස් ඉවර වෙලා පොඩියට තිබුණු පාර්ටි එක ඉවර වෙලා අපි හැමෝම සමුගද්දි පවනියි ෂෙහාරායි අපි ඉන්න තැනට අවා ...
ඇවිල්ලා අපිට කතා කරලා සමුගන්න යද්දී පවන් මට ඇහැක් ගැහුවා .. මට තේරුනා මූට තනියම කතා කරන්න ඕනේ කියලා .. මම ශේප් එකේ ශේහරායි අනික් සෙට් එකයි අරන් පොඩ්ඩක් එතනින් එහාට ගිහින් පවනට පොඩි චාන්ස් එකක් දුන්නා ..

තාමත් ඔයාගේ උත්තරේ වෙනසක් නැද්ද හංසි ....
හ්ම්ම්ම් නැ පවන් ... මම එදත් කිවේ මම දැන්ම ඔය මුකුත් හිතන්නේ නැ කියලා... ඔයාට අකමැති හින්දා නෙමේ .. ඔයා හොඳ කොල්ලෙක් මට තේරෙනවා .. අදින් පස්සේ ඉතින් අපි හම්බුවෙන එකක් නැ .. මාව දකින්නේ නැතිව කාලයක් ගියාම මේ ඔක්කොම අමතක වෙයි ..
එකනම් වෙයි කියලා හිතන්න අමාරුයි හංසි ... එක ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් මාව මතක තියාගෙන ඉන්න ... අමතක කරන්න එපා ..දවසක අයේ අපි හම්බු වෙයි ... එච්චරයි මම ඉල්ලනේ...
එහෙම වෙන්නේ නැ පවන්.. ඔයා මම ඉල්ලපු දේ ඉටු කළා .. ඔයා වගේ කෙනක් එහෙම අමතක වෙන්න නම් මම මැරිලා උපදින්න ඕනේ.. එත් මම ඔයාට කියන්නේ මාව අමතක කරලා දාන්න ...

එහෙනම් මම යන්නම් පවන් ... අනම් මනම් හිතන්නේ නැතිව අනාගතේට වැඩක් කර ගන්න පවන්.. පරිස්සමින් ඉන්න ...බුදුසරණයි...
හ්ම්ම්ම් හා හංසි ... බුදුසරණයි .. ඔයත් පරිස්සමින් ...



කාලය ඔහොම ගෙවිල යද්දී අපි දෙන්නා ප්‍රෝග්‍රෑම්න් කොර්ස් එකක් කරන්න සෙට් උනා .. අවුරුද්ද කින් අපි එකත් ඉවර කරලා .. පවන් ගේ තාත්තා ගේ යාලුවෙක් ගේ කම්පනියක ජොබ් වලට සෙට් උනා... අපි එතැනත් අවුරුද්දක් විතර වැඩ කළා ... දවසක් ..

හර්ෂයා ... උඹ ගාව ඉතුරු කර ගත්ත සල්ලි තියෙනවා ද ?

මොකෝ බං ? ටිකක් ඇති ...

පොඩි අයිඩියා එකක් තියෙනවා මගේ... අපි දෙන්නා පටන් ගමුද බිස්නස් එකක් .. Software Solution කම්පැනි එකක් ..

අම්මට සිරි පට්ට අයිඩියා එක .... කරමු මචං .. දැන් බලහන් අපි Develop කරපු Software ටිකට කස්ටෝගෙන්  ඔක්කොම අවේ Positive Feed backs නේ බං ... අපිට කරන්න පුළුවන් වෙයි .... එත් බං අපි දෙන්නා ගාව තියෙන ඒවා ඇති වෙයිද ? මදි උනොත් උඹට තාත්තාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් නේ බං ..

නැ බං .. මට ඕනේ තනියම කරන්න තාත්තාගෙන් නැතිව.. උඹලාගේ අයියාට කියලා බෑන්ක් ලෝන් එකක් සෙට් කර ගන්න තමා අයිඩියා එක තියෙන්නේ ....

හරි අවුලක් නැ .. මම කතා කරන්නම් අයියාට.. පස්සේ අපි දෙන්නා ගිහින් කතා කරමු.. මම දන්නා තරමින් Business Registration / Proposal එහෙම ඕන වෙනවා ..

හරි එව්වා හදමු .. උඹ මගේ පාට්නර් වෙනවද .. උඹ මාත් එක්ක එනවා ද ?

ඕක අහන්න දෙයක්ද යකෝ.. අපායට හරි යමන් මම එනවා ...

පාසල් ජීවිතෙන් සෙල්ලකාර ජීවිතෙන් සමු අරන් ජිවිතේ අළුත් පිටුවක් පෙරලන්න යන ඒ පිටුවේ මටත් ලොකු තැනක් දුන්නු මගේ ෆ්‍රෙන්ඩා ගැන අවංක හද පිරි සතුටකින් පවන් ගේ කරට අත දාගෙන මම කිවා ...

                                                       මතු සම්බන්දයි 



                                                                                                         හයවැනි කොටසට 




  

7 comments:

  1. සැ
    කාලය ගෙවෙනවා පට්ට වේගෙන්.
    කමක් නෑ ආයේ කොහේදි හරි හම්බ වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදාම ඒ කාලය අල්ලන් ඉන්න පුළුවන් නම් යන්න නොදී ..

      Delete
  2. O.o හයියෝ පවන්....

    ReplyDelete
  3. හම්මෝ මේක බලන්න බලන් ඉදිය කල්...ඉතුරු ටික ඉක්මනට ඕනි.............

    ReplyDelete
    Replies
    1. ඉතුරු එකත් හිමින් දෙන්නම් ඈ..

      Delete
  4. සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....

    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...

    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ..
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
    ගලා හැලෙන රිද්මේ නැහැවී...
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...

    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද..

    ReplyDelete