Saturday, March 15, 2014

~~ හන්තාන සිහිනේ ~~



සුබා ... මොකෝ කෙල්ලේ කල්පනා කරන්නේ ? ආ උඹ අඩනවා ද ... මොකෝ මේ කදුළු පුරෝගෙන ..

නැ කේතු මුකුත් නැ ... මේ නිකන් .

හ්ම්ම් නිකන් අඩන මිනිස්සුත් ඉන්නවා කියලා දන්නේ අදනේ.. බලපන් දැන් උඹ කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා .. උඹ මේ අවුරුදු දෙක තිස්සෙම හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ දුවනවා.. කි දෙනෙක් උඹ පස්සෙන් අවා ද එනවා ද ? ඇයි හිත හදන් මේච්චර ලස්සන කැම්පස් ජිවිතේ විදින්න බැරි ...

මං දන්නේ නැ කේතු ..මට මුදිත හැර වෙන කා ගැනවත් එහෙම හිතෙන්නේ නැ ..මේක හරියට සංසාරේ පතාගෙන ආපු දෙයක් වගේ..

හෑ සංසාරේ පතාගෙන ආපු එකක් ..උඹ ලඟදි සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් වත් කියෙව්වා ද ? ඕක සංසාර හීනයක් වෙයි .. බලාගෙන...

හ්ම්ම්ම්...ඇත්ත කේතු.. හීනයක් වෙන්න ඇති..එත් මම ඒ හීනෙ දකිනවා..දකින්න ආසා කරනවා.. මට ආසයි අර අපේ එළිමහන් රංගපිටේ තියෙන්නේ ..එකේ මුදිතට තුරුල් වෙලා නාට්‍යක් බලන්න .. දවසක උදෙන්ම අර ආර්ට් ෆැකල්ටි එක ගාව මැයි මල් වැටිලා කහපාට වුනු පාර දිගේ පොද වැස්සකට තෙමෙන්න.. මම ඒ හින දකිනවා කේතු.. සමහර විට මේවා සදාකල් හින වෙන්න පුළුවන් කියලා දන්නවා..එත් මම දකිනවා..

සුබා මේ අහපන් කෙල්ලේ ... උඹ දන්නවා නේ මුදිතගේ කථාව .. මම හිතන්නේ නැ ඌ දැන්ම ආදරයක් ගැන හිතාවි කියලා ... දැන්ම නෙමේ කවදාවත් හිතාවිද කියලා මට සැකයි ...අවුරුදු ගානක් ඌ කෙල්ල වෙනුවෙන් නොකළ දෙකයක් නෑලුනේ,,, එහෙම කරලත් ඒකි මුව අත ඇරලා වෙන එකකේ එක්ක ගියානේ ... එච්චරට ආදරය කරලා එහෙම දෙයක් උනාම ගොඩ එන්න අමාරුයි කාලයක් යනකම් .. මතකද ඌ ලියපු කවියක තිබ්බා උගේ ජීවිතේම අදුරු වෙලා කියලා..

ඔව් කේතු .. ලියලා තිබ්බේ හරියටම ...

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...

අම්මෝ උඹට එකත් කටපාඩම් ද ... උඹ නම් පිස්සියක් .. එක අතකින් බලපුවම උඹේ ආදරේ කියපු කවි උඹට මතක නැත්තම් මට මතක හිටින්නද,අනික උඹත් ඉතින් කවි කාරීනේ ...
ඇති යන්නතම් මුනට හිනාවක් අවා .. වරෙන් යන්න දැන් ඇති බුම්මාන් හිටියා..ලෙක්චර්ස් පටන් ගන්න කිට්ටුයි ..වර වර ..



මුදිත ..
ආ සුබා ...
පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන් ද ?
හ්ම් යමු ...

මුදිත ..තව මාස ගානයි තියෙන්නේ මට ඔයාව දකින්න ..

මේ අහන්න සුබා .. ඔයා ගොඩක් හොඳ කෙල්ලක් ..ඔයාව ලබන කෙනා ගොඩක් වාසනාවන්ත වේවි..එත් මට තාම...

ඔව් මම දන්නවා ඔයාට තාම මම ගැන හිතන්න බැ කියලා.. ගොඩක් හොද කෙල්ලක් උනාට මම හරි අවාසනාවන්ත කෙල්ලෙක් වෙන්න ඇති මුදිත...

ඔය ඉතින් ඇස් වල කදුළු පුරෝගෙන ... ඔයා වගේ කෙල්ලෙක්ට මුළු හිතෙන්ම ආදරේ කරන්න ඕනේ නැත්තම් එක ඔයාට කරන අසාධාරණයක් සුබා ... මට තාමත් මගේ අතීතේ හිතේ කොනක ඉදන් වද දෙනවා..

හ්ම්ම්ම් කමක් නැ මුදිත ..ඔයා වගේම මමත් තනි වෙන්නම් .. පුළුවන් කාලයක් ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නම් ... මම යන්නම් එහෙනම් ....

සුභා ... ඉන්න පොඩ්ඩක් ..
මම හිමින් හිත හදන් එන්නම් ඔයා ලඟට .. හැබැයි කෙල්ලේ මට දිනයක් කියන්න බැ..එත් මම එන්නම් ඔයා ළඟට ..එතකම් ඉන්න පුළුවන් ද ඔයාට ...

මුදිත අනේ ඇත්තම ද ඔය... මට මේක හීනයක් වගේ ..ඉන්නම් මුදිත ඉන්නම් ..ඕන තරම් කාලයක් ඉන්නම්...

ඔව් සුභා මම දවසක ඔයාගේ මේ හීනෙ හැබෑ කරන්නම් ... දවසක අපි මේ හන්තානට යමු ... එතන ඉදන් දෙන්නාම අයෙත් අළුත් හීනයක් දකිමු .. හන්තාන සිහිනයක් දකිමු ...

==============================================================
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

http://www.youtube.com/watch?v=E8oHEQjoiaY
==============================================================

26 comments:

  1. Sha harima lassanay nimesh ayye....sinduwa ahuwata eke athule tiyena kathawata me wage hitha giye na....dan tama arthawat widiyata sinduwa rasa widinna puluwan....

    ReplyDelete
    Replies
    1. නිලිකා නංගි තැන්කු... මේ මම දැකපු විදිහ ඉතින් සිංදුව ...

      Delete
  2. මචං මේ සින්දුව මමත් හරිම ආසාවෙන් අහපු සින්දුවක්. දවස් ගානක් මේකේ තේරුම හොයන්න වලි කෑවා ! ඔන්න අදනම් නින්ද යයි!

    ReplyDelete
    Replies
    1. අඩේ හරි තේරුම මේකද නම් දන්නේ නැ ..මගේ හිතේ මැවිච්ච විදිහ තමා මේ ..

      Delete
  3. ෂා...ඔන්න ඔහොම එන්නකො...අපුරු රසවින්දනය. අනික් අයටත් බෙදල...

    ReplyDelete
    Replies
    1. හී .. තැන්කු තැන්කු.. ඇත්තට මේකේ පද ගැන හිතන්න මාර අමාරුයි සින්දුව අහද්දී .. ඒ කටහඩවල් දෙකට සම වැදෙනවා වගේ වෙනවා..

      Delete
  4. නියමයි.. මම සින්දුව නම් ඇහුවෙ එක පාරයි. ඒකත් ඔයා කියලනෙ.... මට ඉතින් ඒක ගැන මතකයක් නම් නෑ..

    ReplyDelete
  5. බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ


    සංගීතය හිතට වැදුනට වචන ටික වැදෙන්න සෑහෙන කාලයක් ගියා

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා කිව්වා වගේ මම හිතන්නේ එකට හේතුව මේ කටහඬවල් දෙක වෙන්න ඕනේ ..

      Delete
  6. වඩින තුරු සඳ
    දුරින් ඉන්නම්....

    ලස්සන කතාව ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  7. නිමේශ් අයියා ඒක ලස්සනට ලියල තියෙනවා
    මරු ආ
    මමත් ආයෙම ගීතයත් එක්කම රසවින්දා

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. නිමෙශයා නියමයි මචං .


    මේ සිංදුවේ නියම අර්ථය අද හෙටම දෙන්නම් . අමරසිරි පිරිස් මහත්තයාගේ මට මගේ නොවන මගේම ආදරයක් කියන සිංදුවට සමාන අර්ථයක් මේකෙත් සැඟවිලා තියෙනවයි කියන එකයි මන් දකින්නේ .

    ReplyDelete
    Replies
    1. අන්න පුළුවන් නම් ලොකු පිනක් කොල්ලෝ.. සිරාවට මේකේ තේරුම දැන ගන්න හෙණ අසාවක් තියේ...
      (මේ ලියලා තියෙන්නේ මේ සිංදුව අහද්දී මගේ හිතේ ඇදිච්ච විදිහ )
      තැන්කු වේවා !!

      Delete
  10. ලස්සනයි අයියා.... දර්ශනගේ වෝල් එකේ දකිනකන් මේක මං දැක්කේ නැහැ නේ :(

    ReplyDelete
    Replies
    1. කොමහරි දැක්කා නේ ... :)
      තැන්කු වේවා !!

      Delete
  11. Umbage adahas tika lassanai machoo... me sindiwa ahaddi matath eka eka dewal godak oluwata awa. Umbata kiyanna puluwanda 'THARU ADURU PEM GEE AHANNAM' kiyanne mokakda kiyala. adahas tikata thanks machan.

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්න අමාරුයි මචෝ නමුත් මට හිතෙන විදිහට , වෙනත් අයගේ ආදර කතා දිහා බලන් ඉන්නම්, ඒ කතා වලින් සතුටු වෙන්නම් ... නමුත් ඔහු එනකම් වෙනත් ආදරයක් ගැන හිතන්නේ නැ වගේ අදහසක් කියලයි මට හිතෙන්නේ ...
      (මම තවම බලන් ඉන්නවා මේකේ ගේය පද ලියපු "ජනක සිරිවර්ධනයන්"ගේ ඇත්තම අදහස දැන ගන්න..)

      Delete
  12. Sorry ayya. man hithuwe oya mata baala athi kiyala.

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම අවුලක් නැ කොල්ලෝ... අයියා මල්ලි ගානවට වඩා උඹ බං බොලන් ළඟ වැඩියි .....
      ආ ඉස්සෙල්ලා කොමෙන්ට් එකට තැන්ක්ස් ..

      Delete
  13. නියමයි අයියේ. ඔබට තවතවත් මෙවන් නිර්මාණ කරන්නට හැකියාව ලැබේවා!

    ReplyDelete
  14. දැරිය හැකි සීමාවෙන් එහා

    ReplyDelete