Tuesday, April 22, 2014

~~ ආදරය නම් ~~


වෙලාව රෑ 12ත් පහුවෙලා .. නින්ද අහලකවත් නැ.. පොල් අත්තකින් බේරිලා එන හඳ එළිය තීරු තීරු පොටිකොවට වැටිලා අමුතු රටා මවලා . හුළඟට පොල් අතු එහෙ මෙහෙ වෙද්දී ඒ රටාත් එක එක විදිහට වෙනස් වෙනවා ... මතකද උඹට ඉස්සර මේ රටා වලට එක එක නම් දානවා .. උඹ හැමදේකම වෙනස් දෙයක් දැක්කා. ඒ හින්දම වෙන්න ඇති උඹ මාත් එක්කත් ආවේ, නිකම්ම නිකන් සාමාන්‍ය කොල්ලෙක් වුනු මගේ වෙනසක් උඹ දකින්න ඇති.

මේ හඳ එළිය මගේ ජිවිතේ මතකයන් කියකටන්ම් සාක්‍ෂි දරනවා ද .. ඒ දුක සැප පිරුණු අතීතේ....  

හොදම යාළුවෝ දෙන්නා වුනු අපි දෙන්නට ගමේ උන් කතන්දර හැදුවා.. ඒ කතා අම්මලා විශ්වාස කරලා දෙගොල්ලා අසල්වැසි වෛරක්කරයෝ වෙද්දී අපි බඩ අල්ලන් හිනා උනා ..

එත් එයාලා අපිව හිර කරද්දී අපේ හිත්වල නොතිබ්බ ආදරය කියන දේ හිත් වලට මෝදු වෙන්න ගත්තා..

කාටත් හොරෙන් දවසක් රෑක , එත් මේ වගේම හඳ එළියේ ඉස්ඉස්සෙලාම මම උඹේ නළල කිස් කරා .. එකත් බයෙන් ගැහි ගැහි .. ඇස් දෙක පියාන උඹ හාදුව වින්දා .. අපි වෙන් වෙලායන්න හදද්දී බලාපොරොත්තු නොවුණු විදිහට උඹත් මගේ නළලට කිස් එකක් දීලා ලැජ්ජාවෙන් දිව්වා අද ඊයේ වගේ මතකයි ..

පුංචි පඩියකට රස්සාව කරපු මට උඹට වැලන්ටයින්, බර්ත්ඩේ, ඇනිවසිරි ගිෆ්ට් අරන් දෙන්න සල්ලි තිබ්බේ නැ. උඹ කවදාවත් ඒවා බලාපොරොත්තු උනෙත් නැ . එත් මම දුක් උනා. ඒ ගැන කීවාම උඹ කිවේ,
"කමක් නැ පුළුවන් දවසක අරන් දෙන්න කෝ"..

අම්මලා කැමැති කරවා ගන්න බැරිම තැන,  අපේම ලෝකයක් හොයාගෙන මේ සාමාන්‍ය කොල්ලා එක්ක අවෙත් මේ වගේම හඳ පායලා තිබ්බ දවසක. ඒ මිට අවුරුදු 12කට කලින්...

උඹ නැත්තම් අද මම මේ තැන නැ .. මෙතැනට එන්න උඹ හැමදාම මගේ පිටිපස්සෙන් හිටියා .. අපේ කියලා කවුරුත් නැති වෙද්දී තනියම නැගිටින්න උඹ මට හයියක් උනා.. දවසම වැඩ කරලා OT කරලා රෑ වෙද්දී මම ගෙදර එනකම් උඹ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා..හරිම මහන්සි කියලා කවදාවත් උඹට කියන්න උනේ නැ. එක උඹට තේරෙනවා .. එහෙම දවස් වලට උඹ අමාරුවෙන් හදපු කෑම එක බෙදන් ඇවිත් කවනවා. එහෙම නැත්තම් ලඟට වෙලා කනකම් ඔළුව අත ගානවා.    

සමහර දවස් වල, ගොඩක් වෙලාවට හඳ එළිය තියෙන දවස් වලට රෑට කෑම කාලා, අපි උන්නු පොඩි කාමර කෑල්ලේ  ඉස්සරහ පඩිය උඩට වෙලා මගේ උරහිසේ නැත්තම් උකුළට වෙලා ඔහේ හඳ දිහා බලන් කියෝ කියෝ ඉන්නවා..


 -හසීත .. කොහෙද ඔයා ...
ඒ මගේ චන්දි මාව හොයනවා..
 -ආ චන්දි මම ඉස්සරහා ....
 -මොනාද අනේ මේ රෑ දොරත් ඇරගෙන කරන්නේ ඉස්සරහට වෙලා ..
චන්දි පුරුදු විදිහට ඇවිත් මගේ උකුලෙන් වාඩි වෙන ගමන් ඇහුවා .. මම මුකුත් නොකියා හඳ දිහාට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා.. මගේ පපුවට හේත්තු වෙලා ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා,
 -ලස්සනයි නේ .. මේ හඳ කවදාවත් තාමත් වෙනස් වෙලා නැ එදා වගේමයි නේද ..
 -ඔව් ඔයා වගේමයි.. පොඩි උන් දෙන්නා නිදි ද ?
 -අනේ යන්න .. ඔව් පොඩි ඒකිගේ උණ නම් දැන් බැහැලා ..ඒ උනාට දඟල දඟලා හිටියා කකුල් දෙකේ ..
 -යමු හසිත නිදාගමු ..

කවදාවත් මොනවත්ම නොයිල්ලපු උඹ වෙනුවෙන් ගොඩක් දේවල් දෙන්න මට හීනයක් තිබ්බා  .. ඒ හීනෙ මම අද හැබෑ කරගෙන .. ඒ හීනෙ පස්සේ දුවන හැම අඩියක් පුරාවට උඹ මා එක්ක හිටියා.

ඉතින් මගේ ජිවිතේට මේ හඳ එළිය කොච්චර බැදිලා තිබ්බත් ,

නුඹයි 
සඳ එළිය  
රූ රටා ඇඳි 
ජිවන රංග මඩල මත 

නුඹයි
සඳ එළිය  
එකළු කල 
ජිවන මංපෙත


17 comments:

  1. අාදරණීය කතාවක්
    ජය !!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් පණු.. මේවා මේ සිතලට හිතෙන එව්වා මිස ඇත්තට කොහෙද නේ ..

      Delete
  2. කෙටි....රස...... සිතිවිල්ලක් ලස්සනට අකුරු වෙලා.......
    ඇත්තටම රසයි බං ......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ... ස්තුති වේවා !!!

      Delete
  3. හරිම ආදරණීය ලස්සන සිතුවිල්ලක්.......

    ReplyDelete
  4. ආදරය + සඳ එලිය...

    ප්‍රේමය නම් රාගයෙන් තොර කියන්නෙ පට්ට බොරු බං.
    ජුන්ඩක් තියෙන්නෝනි.. එතකොටයි ආදරේ වැඩි..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. යැස් යැස් ... නැත්තම් තුනපහ නැති මස් හොද්ද වගේ තමා ..
      තැන්කු වේවා!!

      Delete
  5. දැක්ක නේද අපි වගේ මිනිස්සු ආශ්‍රය කලාම නිකන්ම ඔයාලගෙ සිතුවිලිත් සුන්දර වෙනව.

    ඔහොම යන් හැමදාම බලන් ඉන්නව ලියවිල්ල ලස්සන වෙන හැඩ. <3

    ReplyDelete
    Replies
    1. එකනම් සිරා ඇත්ත.. බොරු මොනාටද ඔයාලගෙන් (විශේෂයෙන් ඔයාගෙන් ) සැහෙන්න දේවල් ඉගෙන ගත්තා ..
      තැන්කු වේවා !!

      Delete
  6. ආදරණීය සිතුවිල්ලක්..

    මට මෙච්චර දවසක් මේ බ්ලොග් එක කොහොම මග ඇරුනද මන්දා.. ඔන්න අදයි මේ පැත්තේ ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. Dinesh තැන්කු වේවා !!!
      වැඩිය ඇක්ටිව් නැනේ ඉතින් .. යලට මහට නේ ලියවෙන්නේ :v

      Delete
  7. සම්පුර්ණ ආදර අන්දරයක් වගේ...
    අද තමයි මෙහෙ ආවේ...
    බ්ලොග් එක නියමයි

    ReplyDelete
    Replies
    1. කැස්පර් තැන්කු වේවා !!!

      Delete
  8. හිතේ තියෙන හීන කතා ඉක්මනින් සැබෑ වී සැබෑ ආදර කතාත් ලියවේවා . . හෙ හෙ හේ . .

    ReplyDelete
    Replies
    1. දුකා ....
      මෙහෙම ඒවා කොහෙද බං ඇත්ත ලෝකේ වෙන්නේ :D :D
      ස්තුති වේවා !!

      Delete