Friday, May 31, 2013

~~ මා මගෙන් අරන් යන නුඹ ~~




සීතලට ගුලි වෙච්චි
අකීකරු සිතුවිල්ලක්
පනින්නට හදනවා
එක සිතක උණුහුමට
පුදුමමයි ඒ සිතේ රස්නයට
අකුරු අමුණා හැඩකර
හික්මවන යුරු
මගේ ඒ සිතුවිල්ල



Thursday, May 23, 2013

~~ වසන්තය පිපෙන තුරු 06 ~~


පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~
~~ වසන්තය පිපෙන තුරු 05 ~~

ඊලඟ සති දෙකේ office ඉවර වෙලා ඇවිත් අපි දෙන්නා කරේ බිස්නස් එකට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්න එක  බිස්නස් එක සැලසුම් කරන හැටි.. බිස්නස් එක රේජිස්ට්ර් කරන්න අවශ්‍ය ඇප්ලිකේෂන් , ලෝන් ඇපිලිකේෂන් එහෙම ගෙනල්ලා සුදානම් උනා ..
අපි දෙන්නා අතේ තියෙන සල්ලි දාලා රෙන්ට් එකට පොඩි ඔෆිස් ස්පේස් එකක් ගත්තා... අවශ්‍ය මැෂින් කීපයකුත් අරගෙන බිස්නස් එක ස්ටාට් කරන්න පුළුවන් තත්වෙට අවා..
ඊලඟට නමක්... නමක් හොයන්න මාර ගේමක් දෙන්න උනා අන්තිමට කල්පනා කරලා කරලා "Nano Soft Solution " කියලා අපේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන් උනා ...
අයියාගේ හෙල්ප් එකෙන් ඇප්ලිකේෂන් එක පුරවලා අවශ්‍ය ඩොකියුමන්ට් හරි විදිහට හදා ගන්න පුළුවන් උන නිසා ඉක්මනටම ලෝන් එකේ වැඩේ කරගත්තා ...


මාස දෙකක් වෙද්දී සියල්ල සුදානම් ... හොඳ නැකතක් බලලා සුබ මොහොතින් අපේ ගෙවල් දෙකටම කියලා   දෙමාපියන්ගේ ආශීර්වාදය මත හාමුදුරුවෝ නමක් ගෙනල්ලා පිරිතක් කියලා අපි Nano Soft එක පටන් ගත්තා. ඕපනින් එකට අපේ පවුල් දෙකේ කට්ටියට අමතරව අපි දෙන්නා ජොබ් එක කරපු තැන බොස්ටත් ඉන්වයිට්  කලා .. කිරිබත් කැවුම් එක්ක පොඩි තේ මේසයක් අම්මලා ලෑස්ති කරලා තිබ්බා.. තේ බිලා ඉවර වෙලා හැමෝම සුබ පතලා ඉවර උනාම,

අපිව පුදුම කරමින් බොස් අපිට මෙන්න ඔයාලට ඔයාලාගේ ගමන සාර්ථක වෙන්න කියලා අපිට එහෙට ආපු පොඩි Contract එකක් දුන්නා ...

එහෙම පටන් ගත්ත Nano Soft එක අපි දෙන්නගේ මහන්සියෙන් බලන් ඉද්දි හොඳ තැනකට අවා ... Marketing පැත්ත පවන් බලද්දී Development පැත්ත මම බැලුවා .. මාස 6 වෙද්දී අපි 5 දෙනක් ගෙන් පටන් ගත්ත එක 20 දෙනක් වැඩට අරන් වැඩ කරන්න තරම් අපිට Jobs අවා... පටන් අරන් අවුරුද්දකට කිට්ටු වෙන්න අවා .. අපි කලින් වැඩ කරපු තැන Sub Contract ගන්න පුළුවන් උනා වගේම Singapore Company එකකත් Sub Contract ගන්න පුළුවන් වෙච්චි එක අපි ලබපු ලොකු ජයග්‍රහණයක් වුනා .. එක දිගට දෙන්නම සැහෙන්න වැඩ වලින් සැහෙන්න හෙම්බත් වෙලා හිටියත් අපේ මහන්සියෙ ඵල නෙලද්දී දැනුනු සතුටෙන් ඒ මහන්සිය නැතිව ගියා.. Company එකේ  පළවෙනි Profit එක අපි දෙන්නා අතර බෙදුණු දවස අමුතුම සතුටක් දැනුනේ.. කලින් ජොබ් එක කරලා salary එක ගත්ත පලවෙනි දවසේ දැනුණු සතුටට වඩා සිය දහස් ගුණයක සතුටක් අමුතුම හැඟීමක් සිත වෙලාගෙන තිබ්බා..

කාලෙකට පස්සේ අපි දෙන්නා වික් එන්ඩ් එකක් නිවාඩු ගත්තා .. ඒ වික් එන්ඩ් එකේ සෙනසුරාදා හවස පවන් මට කෝල් කළා ...

හර්ෂයෝ උඹ හෙට මුකුත් වැඩක් දාගෙන ද ?
නෑ බං මුකුත් නෑ .. මොකෝ සීන් එක ?
හෙට උදේ පොඩි ගමනක් යමුද මා එක්ක ?
යමන් යමන් ... මම එන්නම් .. කොහෙද?
යමන්කෝ යන ගමන් කියන්නම් ... මගේ බයික් එකේ යමන් .. 9.30 විතර ලෑස්ති වෙලා හිටපන්...
ඔකෙස් ...
එළකිරි එහෙනම් මම තිබ්බා.. නාගන්න යන්න ඕනේ...
අම්මෝ පල  එකනම් හොඳ වැඩක්.. ගමට සේවයක් ..
පල &^%$ යන්න... මම යනෝ බායි ..
බායි බායි ...

ජනේලෙන් එහාපැත්තෙ තාප්පේ උඩ ලේන්නු දෙන්නෙක් රණ්ඩු වෙනවද කොහෙද කෑ ගැහිල්ලට යන්තම් ඇහැරුණා ඔළුව් මේ පැත්තට හරවලා අයේ නිදා ගන්න යද්දී මුණට ඉර අව්ව වැටුනා..
අම්මට සිරි වෙලාව කීයද .. 8.50  හුටා .. පවනා කොහෙද යන්න කතා කලානේ .. මගුලයි.. දඩ බඩ ගාලා නැගිට්ට .. කුස්සියට දිව්වා තේ එක බීවා.. බාත් රුම් එකට රිංග ගත්තා ..

පුතා අන්න පවන් පුතා ඇවිත් හෝන් ගහනවා ..  මම බාත් රුම් එකේදී අම්මා කෑගහනවා ..
අනේ අම්මේ ඌට පොඩ්ඩක් ගෙට ඒන්න කියන්නෝ.. මම ලෑස්ති වෙනවා කියලා ...

යකෝ තොට ලෑස්ති වෙලා ඉන්න කියලා නේ කිවේ.. පවන් කාමරේට ඇවිල්ලා කෑ ගහනවා ..
නින්ද ගියා බං .. හිටපන් නාලා ඉවරයි.. විනාඩි 2යි ඇඳ ගත්තා අවා ..
නොදොකින් තෝ...  උලමා ..

 බාත් රුම් එකෙන් ඇවිල්ලා අම්මා මැදලා ගෙනල්ලා තියපු ටි ෂර්ට් එක ඇඳගෙන රැක් එකේ තිබ්බ ෂොට් ගත්තා අදින්න අතට ..
ෂෝට අදින්න එපා යකෝ ... ඩෙනිම දාගනින් ..
මොකද්ද බං.. අපි කොහෙද යන්නේ ... හිටපිය එහෙනම් .. ඩෙනිම දාගෙන එන්නම් ...හරි යමන්.. අම්මේ අපි යනෝ ..
උදේට කන්නේ නැද්ද ළමයෝ .. කොහෙද මේ දෙන්නා උදෙන්ම යන්නේ ..
බෑ අම්මේ මුට පරක්කු ලූ .. යන ගමන් මොනා හරි කන්නම් ...
ඇන්ටි අපි යනවා එහෙනම් ..
හරි පුතාලා පරිස්සමින් ගිහින් එන්න.

බේස්ලයින් එක දිගේ ඇවිත් කැළණි පාලමෙන් නුවර පාරට දාද්දි මම ඇහුවා ..
පවන් කියපන් කෝ අපි කොහෙද යන්නේ කියලා..
කෙල්ලක් බලන්න .. වරෙන් ගිහින්ම බලමු ...
ඈ මොකද්ද කිවේ .. අනේ පල යන්න බයිලා නොගහා .. කියපිය කෝ ..
පවන් හිනා උනා විතරයි ...
මුට මම හිතින් බැන බැන .. යමන් කෝ යන දෙවාස්තානෙක කියලා හිටියා...

පැයක විතර ගමනකින් පස්සේ පවන් එක ගෙදරක් ඉස්සරහ නැවැත්තුවා.. සාමාන්‍ය පොඩි ගෙයක් ලස්සනට මල් වවපු මිදුලක් එක්ක.. ඉස්සරහ O/L , A/Lකරන වයසේ වගේ පිරිමි ළමයෙක් හිටියා ..

පවන් හෙල්මට් එකයි ජැකට් එකයි ගලවලා බයික් එක උඩින් තියලා පඩිය බැහැලා ඉස්සරහට යද්දී මමත් උගේ පස්සෙන් ගියා ..

අයියලා කාවද බැලුවේ?
මල්ලි අක්කා ඉන්නවා ද ? අපි අක්කගේ පරණ යාලුවෝ වගයක් ..
අක්කේ මෙන්න යාළුවෝ වගයක් ඇවිල්ලා .. මල්ලි කතා කරගෙනම ගේ ඇතුලට ගියා ...

"කවුද මල්ලි" ගේ ඇතුලෙන් ආපු හුරු පුරුදු කටහඬ එක්ක වටේ පිටේ සිරි නරඹා නරඹා හිටිය මට ගේ ඇතුල දිහා බැලුනා ...        
දෙවියනේ "කන්කානම් මුදියන්සේලාගේ හංසිනි පවනි චතුරිකා" ගේ ඇතුළෙන් මුණ මතු වෙද්දීම මගේ හිත ඇතුලේ මුළු නමම මතකෙට අවා ... පවන්ගේ මුණේ ලස්සන හිනාවක් ඇදිලා ..

දෙවියනේ පවන්, හර්ෂ, කොහොමද ? කොහොමද ගේ හොයා ගත්තේ? මේ කොහේ යන ගමන් ද? එළියේ මොකෝ .. එන්න එන්න වාඩි වෙන්න ..  

කෙල්ල සම්පුර්ණයෙන්ම අන්දොස් .. ප්‍රශ්න ගොඩයි .. එකී විතරක් නෙමේ මමත් ෆුල්ම අන්දොස් ..

අපි ගිහින් ඉස්සරහ තිබ්බ පුටු දෙකකින් වාඩි උනා ....

මතු සම්බන්දයි

                                                                                                    අවසාන කොටසට
 



Saturday, May 11, 2013

~~ වසන්තය පිපෙන තුරු 05 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~

එදායින් පස්සේ අපි හැමදාම බස් එකේ යන්න පුරුදු උනා ...ආතල් එකේ ඒසි එකේ ආපු කාලේ ඉවරයි ..මමත් හිතින් බැන බැන යාළුවා වෙනුවෙන් කට්ට කන්න ගත්තා.. පවන් පුළුවන් තරම් හංසිව මග ඇරලා හිටියා. බස් ස්ටෑන්ඩ් එකේදී හංසි එනවා දැක්කොත් මාවත් ඇදගෙන කඩේකට රිංගනවා මිසක් හංසිට පෙන්න හිටියේ නැ. එත් දවසක් අපි බස් එකෙන් බැහැලා එද්දී මම හංසි එනවා දැක්කා. හැබැයි ප්‍රමාද වැඩි...

"පවනා අන්න හංසි" කියලා කියන්න හදලා කට වහගත්තේ මොන මගුලක් ද හැමදාම හැඟෙන්නේ වෙන දෙයක් වෙයි නේ කියලා මම කට වහ ගත්තා. හංසි ලඟට එනකම් පවන් දැක්කෙත් නැ ..

ගුඩ් මොර්නින්ග් පවන් .. හර්ෂ .. මොකද මේ පැත්තේ ...
ගුඩ් මොර්නින්ග් හංසි ... ආ මේ මේ අපි යාලුවෙක් හම්බු වෙන්න අවා .... පවන් කිව්වා ...
කවුද කෙල්ල්ක්ද ... හේ හේ හේ
ඉස්සරනම් අවා කෙල්ලක් බලන්න දැන් නම් එන්නේ නැ .. කිව්වේ නැ මගේ කටින් පැන්නා ... පවනායි හංසි දෙන්නාම මාව කන්න වගේ බැලුවා ..
හරි පවන් එහෙනම් හම්බුවෙලා එන්න කෝ යාළුවාව මම යනවා කාල්ස් එකට ...
අමුතු විදිහට කියලා එකී යන්න ගියා ...

ශී බලපන්කො දැක්කේ නැනේ බං ලඟට එනකම්ම...
ඇයි වෙනදා වගේ හැංගෙන්නද ? මොන හුයන්නකට ද යකෝ අපි හැඟෙන්නේ ....
නැ බං ඒකිගේ පස්සේ එනවා කියලා වැරදියට හිතයි කියලා .. අනික මොකද්ද බුරුවො අර කියපු කතාව...
අඩේ සොරි බං හිතලා කිවේ නැ.. දන්නවා නේ සමහර වෙලාවට මගේ කටට බ්රේක් නැ බං
හ්ම්ම් හරි හරි යමන් දැන් ක්ලාස් එකට ... විනාඩි 5 විතර පස්සේ අපිත් ක්ලාස් එකට ගෑටුවා ..

කොහොමන් කොහොම හරි පවන් වෙනස්වෙන්න ගත්ත විත්තිය මට තෙරෙද්දී ඒ වෙනස හොඳ පැත්තට බව    තේරෙන්න එක සිදුවීමක් උනා ....


සෙනසුරාද දවල්ට කාලා මම ආතල් එකේ නින්දක් දාගෙන ඉද්දි එක පාරට මාර්ක් ඇන්ටනි කණ අස්සේ Let  it Rain Over me කියලා කෑගහන්න ගත්තා ... ලාවට ඇහැක් ඇරලා නො බැලුවාම පවන්ගේ ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එක...
ඇස් දෙක අරින්නේවත් නැතිව ෆෝන් එක කණ උඩ තියන් මම අන්සාර් කරා
ඇයි බං ....
හර්ෂ පුතා පවන්ගේ අම්මා කතා කරන්නේ ..
එක ඇහුනා විතරයි හාන්සි වෙලා හිටිය මාව කෙලින් උනා ඒ පාර මොන මාරලයක් ද පාත් වෙන්න යන්නේ කියලා හිතිලා ..
ආ ඇයි ඇන්ටි ....
සොරි පුතා නිදන් නේද හිටියේ....
ආ එකට කමක් නැ ඇන්ටි .. මම මේ නිකන් ඇදට ආවා නින්ද ගියා ...
පුතා මම මේ කතා කලේ අපේ පුතාට මොකක් හරි ප්‍රශ්නයක් ද ?
ඇයි ඇන්ටි එහෙම ඇහුවේ ?
නැ පුතා වෙනදාට මම කොච්චර කිවත් Clubbing යන්න එපා කියලා අහන්නේ නැති කෙනා .. මම අහගෙන ඊයේ යාලුවෝ ඇවිත් කතා කලත් ගියේ නැ.... වෙනදා වගේ නෙමේ ..කාමරේ වැඩි හරියක් ඉන්නේ ... මම ඇහුවාට කියන්නෙත් නැ... මොකක් හරි ප්‍රශ්නෙකද පුතා එයා ඉන්නේ ?
අනේ නැ ඇන්ටි එහෙම කිසිම ප්‍රරශ්නයක් නැ .. Exam එක ලඟයි නේ ඇන්ටි එකයි .... මාත් එක්ක කිවා ටිකක් පාඩම් කරන්න ඕනේ කියලා ..
අනේ මන්දා පුතා මට කොල්ලාගේ වෙනසක් තේරෙනවා... එකයි මම මේ ඇහුවේ ... පොඩ්ඩක් හොයලා බලන්න ඔයාලා පොඩි කාලේ ඉදලා දන්නවා නේ ...
හරි ඇන්ටි බය වෙන්න එපා එහෙම දෙයක් නැ...

ඉතුරු මාස දෙක තුනත් විශේෂයක් නැතිව ගෙවිලා ගියා... Exam එක ලියලා ඉවර උන දවසේ අපි ඔක්කොම සැහැල්ලුවෙන් හිනා වෙලා හිටියත් .. පවන්ගේ ඒ හිනාව අස්සේ එලියට පෙන්නනේ නැති දුකකුත් තිබුනා කියලා මම දැනන් හිටියා.....
ක්ලාස් ඉවර වෙලා පොඩියට තිබුණු පාර්ටි එක ඉවර වෙලා අපි හැමෝම සමුගද්දි පවනියි ෂෙහාරායි අපි ඉන්න තැනට අවා ...
ඇවිල්ලා අපිට කතා කරලා සමුගන්න යද්දී පවන් මට ඇහැක් ගැහුවා .. මට තේරුනා මූට තනියම කතා කරන්න ඕනේ කියලා .. මම ශේප් එකේ ශේහරායි අනික් සෙට් එකයි අරන් පොඩ්ඩක් එතනින් එහාට ගිහින් පවනට පොඩි චාන්ස් එකක් දුන්නා ..

තාමත් ඔයාගේ උත්තරේ වෙනසක් නැද්ද හංසි ....
හ්ම්ම්ම් නැ පවන් ... මම එදත් කිවේ මම දැන්ම ඔය මුකුත් හිතන්නේ නැ කියලා... ඔයාට අකමැති හින්දා නෙමේ .. ඔයා හොඳ කොල්ලෙක් මට තේරෙනවා .. අදින් පස්සේ ඉතින් අපි හම්බුවෙන එකක් නැ .. මාව දකින්නේ නැතිව කාලයක් ගියාම මේ ඔක්කොම අමතක වෙයි ..
එකනම් වෙයි කියලා හිතන්න අමාරුයි හංසි ... එක ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් මාව මතක තියාගෙන ඉන්න ... අමතක කරන්න එපා ..දවසක අයේ අපි හම්බු වෙයි ... එච්චරයි මම ඉල්ලනේ...
එහෙම වෙන්නේ නැ පවන්.. ඔයා මම ඉල්ලපු දේ ඉටු කළා .. ඔයා වගේ කෙනක් එහෙම අමතක වෙන්න නම් මම මැරිලා උපදින්න ඕනේ.. එත් මම ඔයාට කියන්නේ මාව අමතක කරලා දාන්න ...

එහෙනම් මම යන්නම් පවන් ... අනම් මනම් හිතන්නේ නැතිව අනාගතේට වැඩක් කර ගන්න පවන්.. පරිස්සමින් ඉන්න ...බුදුසරණයි...
හ්ම්ම්ම් හා හංසි ... බුදුසරණයි .. ඔයත් පරිස්සමින් ...



කාලය ඔහොම ගෙවිල යද්දී අපි දෙන්නා ප්‍රෝග්‍රෑම්න් කොර්ස් එකක් කරන්න සෙට් උනා .. අවුරුද්ද කින් අපි එකත් ඉවර කරලා .. පවන් ගේ තාත්තා ගේ යාලුවෙක් ගේ කම්පනියක ජොබ් වලට සෙට් උනා... අපි එතැනත් අවුරුද්දක් විතර වැඩ කළා ... දවසක් ..

හර්ෂයා ... උඹ ගාව ඉතුරු කර ගත්ත සල්ලි තියෙනවා ද ?

මොකෝ බං ? ටිකක් ඇති ...

පොඩි අයිඩියා එකක් තියෙනවා මගේ... අපි දෙන්නා පටන් ගමුද බිස්නස් එකක් .. Software Solution කම්පැනි එකක් ..

අම්මට සිරි පට්ට අයිඩියා එක .... කරමු මචං .. දැන් බලහන් අපි Develop කරපු Software ටිකට කස්ටෝගෙන්  ඔක්කොම අවේ Positive Feed backs නේ බං ... අපිට කරන්න පුළුවන් වෙයි .... එත් බං අපි දෙන්නා ගාව තියෙන ඒවා ඇති වෙයිද ? මදි උනොත් උඹට තාත්තාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් නේ බං ..

නැ බං .. මට ඕනේ තනියම කරන්න තාත්තාගෙන් නැතිව.. උඹලාගේ අයියාට කියලා බෑන්ක් ලෝන් එකක් සෙට් කර ගන්න තමා අයිඩියා එක තියෙන්නේ ....

හරි අවුලක් නැ .. මම කතා කරන්නම් අයියාට.. පස්සේ අපි දෙන්නා ගිහින් කතා කරමු.. මම දන්නා තරමින් Business Registration / Proposal එහෙම ඕන වෙනවා ..

හරි එව්වා හදමු .. උඹ මගේ පාට්නර් වෙනවද .. උඹ මාත් එක්ක එනවා ද ?

ඕක අහන්න දෙයක්ද යකෝ.. අපායට හරි යමන් මම එනවා ...

පාසල් ජීවිතෙන් සෙල්ලකාර ජීවිතෙන් සමු අරන් ජිවිතේ අළුත් පිටුවක් පෙරලන්න යන ඒ පිටුවේ මටත් ලොකු තැනක් දුන්නු මගේ ෆ්‍රෙන්ඩා ගැන අවංක හද පිරි සතුටකින් පවන් ගේ කරට අත දාගෙන මම කිවා ...

                                                       මතු සම්බන්දයි 



                                                                                                         හයවැනි කොටසට 




  

Friday, April 26, 2013

~~ සදාතනික ආදරයක අවසන් හැඟුමක් ~~

                                                A Pic by Sameera Rukshan



අපි හමුවුනු 
අපි හිද දෙඩවූ 
තැන මම විතරයි
අද 
මට කලියෙන් 
සමුගත් නුඹ 
හිදිනු මැන බිඳක්
මේ මාද 
සමුගන්නා වෙලාවයි 
හමුවන්නට යලි 
උපදිමු තව භවයක

Sunday, March 17, 2013

~~ ඇය වෙනුවෙන් අපි - ස්තුතිය ~~


පසුගිය දවස් වල මාධ්‍ය වලින් නිතරම කතා වුනු දෙයක් තමා මුහුණු පොත එහෙම නැත්තම් අපි කවුරුත් දන්නා කියන භාෂාවෙන් ෆේස් බුක් එක නිසා ඇති උණු පවුල් සංස්ථා බිද වැටීම් ඒ හරහා සිදුවූ දුෂණ මිනීමැරුම් ගැන.. මේ නිසාම බහුතරය මේ ගැන හිතුවේ වැරදි දෙයක් අනවශ්‍ය දෙයක්.. සමහරුන් මෙය ලංකාව තුල තහනම් කරන ලෙස පවා TRC එකෙන් ඉල්ලා සිටින්න පෙළඹුනා ... වැඩිය ඕනේ නැ මගේ හොඳම යාළුවො දෙන්නා කියපු කතාව තමා "උඹ ඔය ඔන්ලයින් ඉන්න යාළුවෝ විශ්වාස කරනවා ද ? කවුද මොක්කුද දන්නේ නැ ..උඹෙන් ගන්න ඕනේ දේ අරන් උඹටත් කෙලවලා යනකම් දන්නේ නැ "

නමුත් මාධ්‍ය තුලින් කතා නොවන එක් දෙයක් තමා මේ මුහුණු පොත හරහා සිදුවන සමාජ සත්කාරයන් ... ඒ වගේ සිදුවූ මටත් සම්බන්ද වූ සමාජ සත්කාරයකට ස්තුති කතාවක් ස්තුතියකට වඩා පිං දීමක් සිදු කරන්න මම මේ පොස්ට් එක ලියන්න කියලා හිතුවා ....

පහු ගිය දවස් ටිකේ ඔයාලා නිතරම දකින්න ඇති හසංගි කොල්ලුරේ කියන විශ්වවිද්‍යයාල සිසුවියකගේ සැත්කම සඳහා මුදල් එකතු කිරීමක් සම්බන්ද පින්තුර...  හසංගි කියන්නේ මගේ ඥති නැගණියක් . ඇයට සැත්කම සිදුකරන්න අවශ්‍ය බවත් ඒ සදහා අවම ලක්ෂ 10 යන බව දැනගත් වෙලේ ඇත්තටම ඇයත් ඇයගේ දෙමපියනුත් පත් වෙන තත්වය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ .. ඔය තත්වය යටතේ අපි දෙදෙනාම සයිබරයේ  නිතර යන එන තැනක් "ඇයි??? | Why???" ගෘප් එක එහෙම නැත්තම් කණ්ඩායමට ඇති වී ඇති තත්වය දැනුම් දී මේ සඳහා කල හැකි උපකාරයක් පැතීමට මම තීරණය කලේ... ඒ සදහා මෙමෙ කාණ්ඩයමේ නිර්මාතෘ වූ ජනක රාජපක්‍ෂ අයියාගේ දේ අවසරය ඇතිව එහි පරිපාලක මණ්ඩලය විසින් මේය ගෘපය තුල ප්‍රචාරය කරන ලදී. මගේ අරමුණ උනේ එක ලක්ෂයකින් හරි ඒ දෙමව්පියන්ගේ බර සැහැල්ලු කිරීමක් කරන්නයි .. ඔවුන් සියලු දෙනාගේ කාරුණික හදවත් වලින් එකම පැතුම සහ එවූ සෑම පණිවිඩයකම සඳහන් උනේ " උඹලා බය වෙන්න එපා අපිට මේක කරන්න පුළුවන් "  ඇත්තටම "ඇයි??? | Why???" කියන්නේ නානාප්‍රකාර කේෂ්ත්‍රවල නියතු අති සුන්දර සුහද මිනිසුන් පිරි තෝතැන්නක් බව මේ ප්‍රචාරය ගොස් පැයක් ඇතුලත සනාථ වුයේ විවිදාකාර වූ ෆේස් බුක් පිටු තුල මෙය ප්‍රචාරය වීම ඇරඹීම නිසාය.. මතකය හැටියට මුලින්ම ප්‍රචාරය උනේ "ෆේස් බුක් අටපට්ටම" සහ "කෝලම් මඩුව " "අයියෝ සල්ලි" කියන පේජස් වල ... ඒ හරහා රු 100 හෝ  ආධාරයක් ඉල්ලා සිටීම හරහා සහ ශෙයා කිරීම් තුලින්විශාල ප්‍රචාරයක් ලබන ලදී...
Help Hasangi ෆේස් බුක් Page එක සාදන්න දායක වූ සියලු දෙනාත් .. ඒ සදහා අවශ්‍ය සෑම බැනර් එකක් ම සාදා දුන් Hussey Devindaත් විශේෂයෙන් ස්තුති කරන්න අවශ්‍යයි..

ඉන්පසු ෆේස් බුක් එකට සිමා නොවී මෙම සත්කාරය බ්ලොග් අවකාශයට එකතු උනේ සමීරගේ "කැමරාවයි මමයි" හරහා.. ඉන් පස්සේ ප්‍රමුදිගේ "සඳ නැති සද" පනුච්චි ගේ "පනුච්චිගේ භවන" දිනිතිගේ "ආලවන්ත හුදකලාව" දෙවකගේ "දෙව්ගේ අඩවිය" නෙරංජිගේ "ඉර හැරෙන ඉසව්ව" තරිඳුගේ "තරියා ගේ කෙරුවාව" අඩවි රජාගේ "තහනම් අඩවිය" ඇතුළු එකී මෙකි නොකී තවත් බ්ලොග් අඩවි රාශියකින් බ්ලොග් අවකාශ තුල ඇය ගැන බ්ලොග් පොස්ට් ප්‍රචාරය කිරීමට මේ සයිබරයේ සුහද මිනිසුන් කාරුණික විය  ... තවද තවත් බ්ලොග් අඩවි තුල ප්‍රචාරය සඳහා "ජේ ඩි" විසින් බ්ලොග් විජට් එකක් පවා සදා දීමට කාරුණික විය ..
එතැනින් නොනැවතී බ්ලොග් කරුවන් විසින් පවත්වාගෙන යන අපුරු වූ අන්තර්ජාල රේඩියෝව වන Buzz Radioව විසින්ද මේ සදහා ප්‍රචාරයක් ලබාදීම කාරුණික විය ..    

ප්‍රචාරය පටන් ගෙන පසුදා උදෑසන සිට ආධාර ගලා එම ඇරඹුනි.. රු 100 / 500 / 1000 /2000 / 5000 / 10000 / 15000 / 20000 / 25000 ආදී වශයෙන් මුදල් ගලා එම ඇරඹුණි. වරක් දෙවරක් පමණක් දැක ඇති එසේ නැත්තම් ජීවිතයට දැක නැති කතා බහ නොකළ කෙනකුගේ ජිවිතයක් වෙනුවෙන් මේ සයිබරයේ වෙසෙන මේ මිනිසුන් සිදුකල මෙහෙවර නිසා සති 3 ඇතුලත රු 980000/= ක මුදලක් එකතු කර ගැනීමට හැකි වීම ඇත්තෙන්ම පුදුම සහගතයි ..

මේ සුන්දර මිනිසුන් නිසා ඇය සිත් සැහැල්ලුවෙන් පසුගිය 13 වන දින සැත්කමට මුහුණ දුන් අතර දැන් දැඩි සත්කාර ඒකකයේ ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් හිදී.. අද උදෑසන වන විට මාහට SMS පණිවිඩයක් එවීමට තරම් ඈ සුවය ලබමින් සිටි...

මේ සයිබර් ලෝකයේ කරුණා සිත් ඇති සියළු දෙනා නිසා ඇය හෙට දින ආලෝකය දකීවි .. නැවතත් සිනා සෙවී. ඔබ සියළු දෙනාට නම් වශයෙන් ස්තුති කල නොහැකි අතර වචනයකින් හෝ ඇගේ සුවදුක් සොයා බැලූ ඔබ සියල්ලන්ට ස්තුතිය පමණක් නොව උපදින ජාති ජාතිත් බොහෝ පිං ....

                


Thursday, February 14, 2013

~~ එකාකරිත්වයෙන් මිදීමට "ල.දු.දෙ" සහය ~~

වැස්ස හින්දා විනාඩි 10 වැඩිපුර නිදාගෙන ඔන්න ඔහේ හරවන ට්‍රෙන් එකේ යනවා කියලා පරක්කු වෙලා ස්ටේෂමට එද්දී මෙන්න බොලේ බෝර්ඩ් එකේ මීළඟ දුම්රිය 7.02 කියලා තියෙනවා .. සෙනග පිරිච්ච ඩබලක් නවත්තලාත් තියෙනවා (නොදන්නා අයට ඩබලක් යනු ට්‍රෙන් දෙකක් එකට අමුනලා තියෙනෙන් අන්න ඒවාට හරිය). හෑ සාමානයෙන් අසමානය දෙයක්.. මොකද මගේ පරක්කු වීමට අනුලෝමව හා සමානුපාතිකව (ඔන්න ඔය වගේ වචනයක් තියෙන්නේ. මට එපාම කරපු විශය ගණන් ලූ වැරදිනම් හරි වචනේ ආදේශ කරගනිල්ලා) ට්‍රෙන්එක වෙලාවට ඒමේ සම්භාවයතාවය වෙනස් වෙන හින්දා ගිහින් ඇතුලට ගිහින් අහනවා කියලා හිතද්දී  .. අර ටිකට් චෙක් කරන එකෙක් කෑ ගහනවා ඇහුනා පරක්කුයි ඔක්කොම කියලා ..
යකෝ පරක්කුනම් දාහන්කො බෝර්ඩ් එකක් "ප්‍රමාදයි" කියලා .. මම එහෙම කිවේ නැ ඉතින් .. හිතුවා විතරයි.
මේ මගුල යන්නෙත් නැ.. කියලා හිත හිත අවට සිරි නරඹා නරඹා ඉද්දි ..
 "අන්න දෙකට තව එකක් එනවා මහව ද කොහෙද යමන් යමන්" මගේ ළඟ හිටපු උන් දෙන්නක් කතාවෙනවා..
මහවනේ මට වැඩක් නැ .. අයේ සිරි නරඹන්න ගත්තා ...
"දෙවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ.. එම දුම්රිය රාගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත. රාගමින් පසු නවත්තන්නේ හුණුපිටිය කැලණිය.. කැලණිය සිට මොරටුව දක්කවා සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත"..

අම්මට සිරි මට යන්නත් පුළුවන්.. රෙද්ද මේ මගුල ගහලා නේ.. දැන් ඉතින් පඩි නැගපන්කෝ කියලා ඒ පැත්තට යනවා හපෝ එකේ සෙනග.. කම්මැලියි.. පිටිපස්සටම ගිහින් පනිනවා රේල් පාර හරහා.. (අම්මපා අපි වගේ උන්ට යන්න මගී පාලම හදපු උන්ට ගහන්න ඕනේ ) අනේ අනතිම පෙට්ටිය හරියේ ට්‍රෙන් දෙකේ දොරවල් දෙකක් ලස්සනට සෙට් වෙලා .. වැඩිය සෙනගත් නැ .. රුන් ගාලා රිංගලා අනිකට මාරු වෙලා දොර අයිනට ගියා ...  මාරු උනා විතරයි  පලවෙනි එකේ එක ඇද්දා ..

එක ගියා විතරයි මෙන්න තව එකක් ඇවිත් ගැහුවා .. පලවෙනි වෙදිකාවේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ .. නවත්තනේ දෙමටගොඩ මරදාන කොළඹ කොටුව... අම්මට සිරි දැනුයි ඔරිජිනල් මහව ඇවිත් තියෙන්නේ ... මම හිටිය ට්‍රෙන් එකෙන් සැහෙන්න බැහැලා මහවට ගියා .. සා මෙන්න සිට් නිදාගෙන යන්න තරම් ...   අයිනක් අල්ලන් මමත් ඉඳ ගත්තා .. ගත්තා ඉයර් පිස් දෙක .. අරන් ගහ ගත්තා කණේ .. ඔය ඉන්න ගමන් තමා මේක මට හිතුනේ..  ඔන්න  මහවත් ගියා.. මොරටුව අවා ... පෝලිමේ ට්‍රෙන් ..මම හිටිය එකේ හිටපු තව උන් බැහැලා ගියා .. මොරටුවේ ඉදන් පරණ සෙට් එකත් අත වැනුවා ... මොරටුව තියලා ඔන්න අපේ එක යන්න ගත්තා (ගණේමුල්ලේදී ඉස්සර කරලා ගියා එක වෙනම දෙයක් ඉතින්) හරි හරි බයිලා නේ මම මේ ගහලා තියෙන්නේ.. දැන් මේකයි මට කියන්න ඕනේ උනේ ...

මිනිස්සු කොච්චර ඒකාකාරී වෙලාද ..හැම උදේම එකම දේ එක විදිහට ... ඔක්කොම ට්‍රයි කරන්නේ ඉර ගහන්න කලින් ඔෆිස් එකට යන්න.. තෙරෙපිලා බැරිනම් එල්ලිලා..එත් බැරිනම් වහලේ උඩ..  මිනිස්සුගේ මුණු දිහා බැලුවාම අදනම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ හත්මුතු පරම්පරාවටම උදේ කිවිසුම් යන්න ඇති..

අනික හැමදාම ඇවිල්ලා එකම ට්‍රෙන් එකෙන් නැගලා එකම වෙලාවට වැඩට යනවාට වැඩිය පොඩ්ඩක් ට්‍රෙන් දෙක තුන කින්  එහෙට මෙහෙට මාරු වෙලා .. සුට්ටක් කට්ට කෑමත් විවිධත්වයක් එකතු වෙනවා නේ.. අනික බලපල්ලා හැමදාම හිටගෙන යන මට අද හුණුපිටිය වෙනකම් වාඩි වෙලා යන්නත් චාන්ස් එක දුන්නේ කවුද.. දුම්රිය දෙපාර්තුමින්තුව ....

තව හිතුනු දෙයක් තමා .. මම මගේ ජොබ් එක ගැන සතුටු වෙන්න ඕනේ කියන එක.. යන්න එන්න වෙලාවක් කලාවක් නැති මේ වගේ ජොබ් එකක් හම්බුවෙන්නේ කවුදෝ එකෙක් කිවා වගේ පිනකට වෙන්න ඕනේ.. අද වැලාගේ දවසේ මම ජොබ් එකට ලව් කරන්න ඕනේ කියලා හිතුනා ..

Sri Lanka Railway දිනේවා... උම්මා ...

ප.ලි . - ඉඳලා හිටලා දවසක් ඔහොම කරාට කමක් නැ.. පුරුද්දකට තියාගන්න එපා හරිය ... (මටනම් කමක් නැ .. හැමදාම යන අර සුටි ලස්සන නංගිලාට පරක්කු වෙනවා නේ එකයි... පව් එයාලා...  


ප.ප.ලි - යකෝ තොපිට උදේට විතරයි කරන්න කිවේ හවසට කරන්න කිවේ නැ .. )(&&^%$**&%^
     

Thursday, January 10, 2013

~~ වසන්තය පිපෙන තුරු 04 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~

ඉතින් හංසි ...
පවන් ඔයා ඇයි මට කැමති ?
ම්ම්ම් ඔයා ලස්සනයි.. අහිංසකයි... බොරු සෝබන නැ ... එක හින්දයි මට හිත ගියේ ....
වෙන මොනාද ඔයා මම ගැන දන්නේ ??
ඉන්නේ කිරිදිවැල ..තව ස්කොලේ යන මල්ලි කෙනක් ඉන්නවා .. ඔය වගේ දේවල් තමා ..
හ්ම්ම් හරි මම තව ප්‍රශ්නයක් අහන්නද ? ඔයාට දවසකට මේ ක්ලාස් එකට එන්න වියදම කියක් විතර යනවා ද?
ඔව්වා මොකටද ළමයෝ ..
උත්තර දෙන්න කෝ ..
ම්ම්ම් ඉන්න බලන්න ... කන්න බොන්න යාළුවො එක්ක කොහොමත් 500 - 700  අතර වගේ යනවා ...

හ්ම්ම්ම් ඔයා දන්නවද පවන් දවසකට මට වියදම් කරන්න පුළුවන් ගාන.. මගේ අතේ තියෙන්නේ බස් එකේ යන්න එන්න රු 80 හැරුනාම තව රු 50 විතරයි .... මම මේ කොර්ස් එක කරන්න ක්ලාස් එකට වියදම් කරන්නෙත්  හරි අමාරුවෙන්.. ඔයාලට වගේ මට සල්ලි නැ පවන් ...
සමහර විට ඔයා බස් එකේ ගිහින් නැතුව ඇති ජීවිතේටම... ඔයා සැපට විනෝදෙට හැදිච්ච කොල්ලෙක් ... ඔයාට කෙල්ලක් එක්ක යාළු වෙනවා කියන්නේ අත අරිනවා කියන්නෙත් බොහොම සුළු දෙයක් ...

හංසි ඔයා ඔය කියන්නේ මගේ හිටිය girl friends ලා ගැනනේ ... ඇත්ත මට කලින් කීප දෙනෙක්ම ඉදලා තියෙනවා ..ඒ එක කෙල්ලක් වත් ඔයා වගේ නැ ..ඔයාට මම කැමති කිවේ ඒ විදිහට යාලු වෙලා අත අරින්න නෙමේ හංසි .. උන්ට ඕනේ විනෝදය විතරයි.. මමත් විනෝද උනා... නැ කියන්නේ නැ .. එත් දිග relationship එකක් ගෙනියන්න තරම් උන් එකෙක්වත් වටින්නේ නැ ..එකයි අත ඇරියේ.. ඔයාටත් එහෙම කරයි කියලා හිතලා මට අකැමැති කියලා කියන්න එපා කෙල්ලේ ....

හ්ම්ම් ඔයාට කිව දේ තේරිලා නැ පවන්... ඔයා දන්නේ නැද්ද අපි ඉන්නේ ලෝක දෙකක කියලා... මට තියෙන්නේ පුංචි අහිංසක ලෝකයක් ..ඒ ලෝකෙයි ඔයාගේ ලෝකෙයි අහසට පොලව වගේ ...      
මගේ ලෝකේ ඇතුලේ ඉන්නේ මගේ දුක් විදින අප්පච්චියි  අම්මයි ..තාම ඉගෙනගන්න මල්ලියි විතරයි...ඒ ලෝකෙට තව කෙනක්ව දැන්ම මට කොහොමත්ම ඇතුල් කර ගන්න බැ පවන් ...

මගේ එකම බලාපොරොත්තුව මේ එක්සැම් එක කරගෙන  මොකක් හරි ජොබ් එකක් හොයන් මගේ පවුලට හයියක් වෙන එක .. මොකද මේක ෆේල් උනොත් තව පාරක් කරන්නවත් වියදම් කරන්න ඔයාලගේ අප්පච්චිලාට වගේ මගේ අප්පච්චිට සල්ලි නැ පවන් ....

exam එකට තව මාස 3 - 4 තියෙන්නේ ... ඔයාලගේ මේ විහිළු මේ දේවල් හින්දා මට හරියට පාඩම් වලට හිත යොමු කරන්නත් බැ පවන් ..
අනේ ප්ලීස් පවන් ..  මේ කරන දේවල් නවත්තන්න. ඔයාගේ යාළුවෝ සෙට් එකටත් කියන්න ...  මම ගැන හිතනවා නම් එක කරන්න ....
දැන් යමු ක්ලාස් එකට.... පටන් ගන්නත් කිට්ටුයි නේ ....

හ්ම්ම්ම්....ඔයා යන්න මම එන්නම් හංසි....


පවන් එදා ක්ලාස් එක පටන් ගන්නකම් අවේ නැ ...ඉන්ටවල් එකේදී කැන්ටින් එකේ අපිට ඌව සෙට් උනා....
මොකෝ බං උනේ ..ඇයි උඹ ක්ලාස් එකට අවේ නැත්තේ ..පවනි මොනාද කිවේ ..රෝයිටරයා ඇහුවා .....

පවනා විස්තරේ කිවා.... කියලා අයේ ඒකිට මුකුත් කියන්න යන්නත් එපා කියලා අපිට කිව්වා ..

මොන හුයන්නක් ද .... බොරු බයිලා මුන්ගේ ..අඩෝ රෝහානයා අහපන් ශෙහානාගෙන් ඔකිගේ අරක රත්තරන් ද කියලා ...  ජගා මල පැනලා කියෙව්වා..

නැ නැ උඹලා වෙන මුකුත් අහන්න කරන්න එපා.. එක ඉවරයි දැන් ... වෙන කෙල්ලෝ නැද්ද බං මට .. අපි වෙන එකකට බහිමු .. ඉවරනේ ...
ඒ මට කම්මැලි බං ක්ලාස් එකට යන්න දැන් ඉතින් අද .. උඹලා පලයල්ලා..

මටනම් යන්න වෙනවා බං ...නැත්තම් ඉතින් අරකිගේ බර බරේ ... ඉවරවෙලා මොනවද ගන්න යන්නත් ඕනේ කිවා .. වලක් බහින්න තිබ්බා නම් එල තමා ඉතින් ..රෝහානයා කිව්වා ...
මටත් යන්න වෙනවා බං .. මේ ටික පොඩ්ඩක් තේරෙනවා මදි .. අහගන්න වෙනවා හොඳට .. ජගාත් කිවා ...

හරි උඹලා පලයල්ලා මම යනවා පවනා එක්ක.. මගේ පොත් ටික අරන් වරෙන් එද්දී හරිද .. දැන් ඇතුලට ගියොත් අයේ පැන ගන්න වෙන්නේ නැ ... මම පවන් එක්ක යන්න සෙට් වුනා මොකද ඌ අවුලෙන් හිටියා කියලා මට තේරුනා .. හැබැයි ඌ එක උඩින් පෙන්නුවේ නැ ....

මෙච්චර කාලෙකට මට මේවගේ කෙල්ලක් හම්බුනාමයි බං හර්ෂ. උඹ මාව පොඩි කාලේ ඉඳලා දන්නා එකා..  උඹට තේරෙනවානේ මට අවුල් කියලා ..උඹ නොකිවාත් උඹ මාත් එක්ක අවේත් එකයි.. හංසිව අමතක කරන්න අමාරු වෙයි ... යද්දී පවන් මට මුළු ස්ටෝරියම කියන ගමන් කිවා...

සමහර විට පවන් අමාරුවෙයි .. එහෙම නැති වෙන්නත් පුළුවන්.. උඹ දන්නවා නේ මගේ කෙස් එක.. මම කොහොමත් සිරා ලව් කරපු එකානේ .. දැන් බලපන් මට ගානක් නැ .. කාලයත් එක්ක ඕවා අමතක වෙනවා. හැබැයි එකී කියපු එක දෙයක් හරි Exam එකට තව මාස 3-4 යි .. ට්‍රයි එකක් දීලා ගොඩ යමු එක සැරේ ... අනික වෙන දෙකට හිත යොදවනවා කියන්නේ ඔය දේට හොඳ බෙහෙතක් බං .. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

අපි බලමු... මුඩ් ගැසීම මගේ ස්ටයිල් නෙමේනේ.. කොහෙවත් යන්න බැ වගේ බං.. ගෙදර යමු..


ඊළඟ සතියේ උදේ පවන් මට ක්ලාස් යන්න  කලින් වරෙන් කියලා මැසේජ් කරලා තිබ්බා ..මමත් ඉතින් පැය 1/2 කලින් උගේ ගෙදරට ගියේ ගිය සතියේ ටික ලියා ගන්න කලින් යන එක හොදයි කියලා හිතන් ..

මම යද්දී රණසිංහ අංකල් කෑම කනවා..  ආ හර්ෂ පුතා ... කොහොමද .. කලාද? එන්න ඉදිඅප්පයක් කමු..
අනේ එපා අංකල් මමත් දැන් කළා ගෙදරින් එලියට බැස්සේ ..

ආ හර්ෂ උඹ අවාද.. යමන් එහෙනම් ....

පුතා අද කලින් නේද ...සිරිදාස ඇවිල්ලත් නැ තාම .. යන්නේ කොහොමද ...

ආ නැ අප්පච්චි හර්ෂගේ අයියා කාර් එකේ වැඩට යනවා.. එයත් එක්ක යනවා ..

ඈ ..

අහ එහෙමද .. හර්ෂ, කව්ද ගයාන් පුතාද ..
ආ මේ ඔව් අංකල් ..

අපි යනවා අප්පච්චි ...  යමන් ..

ඈ බුරුවො මොකද්ද ඒ උනේ... අපේ අයියා ගිහින් දැන් කොයි වෙලේද බං .. දැන් ඉතින් අහවල් එකේද යන්නේ.. ක්ලාස් නෙම්ද යන්නේ අද ...
ක්ලාස් තමා බං .. බස් එකේ යමන් ..
හෑ බස් එකේ .. ඒ මොකෝ
ඇයි මොකෝ මට බස් එකේ යන්න බැරිද .. ගියාම මොකෝ වෙන්නේ ...
හ්ම්ම් යමන්කෝ ..

මොකක් නමුත් පෙරළියක ආරම්භයක් විත්තිය මට දැනෙන්න ගත්තා .. පවන් කියන්නේ කොච්චර පිස්සු කෙලියත් ලේසියෙන් .. හිතේ තියෙන හැම එකක්ම එලියට දාන එකෙක් නෙමේ කියලා මම හොඳටම දන්නවා.. කොහොම උනත් පෙරළිය හොඳ එකක් වේවා කියලා හිතන් බස් ස්ටෑන්ඩ් එක අවා ...

මතු සම්බන්දයි 

                                                                                        පස්වැනි කොටසට