Monday, July 15, 2013

~~ කවි හයිය ~~




දුක තනිය
පාළු කපන විට
දිවියට
මිතුරු වූ කලක
කවිය...
නුඹට මට
මහමෙරක සවි
දැනේ හැම හිතට



Friday, July 5, 2013

~~ කවුරුන්ද ඔබ මගේ ~~

ඔයි තමුසේ කොහෙද ?
-නොදොකින් උදේ පාන්දර කෙල්ලෙක්ට කථා කරද්දී ගුඩ් මොර්නින්ග් කියලවත් ඉදපියකෝ ..
කෝ කොහෙද කෙල්ලක් ඉන්නේ .. කෙල්ල්ක්ට කතා කලානම් කියනවා ..
-ඇයි යකෝ මම කෙල්ලක් නෙමේද ?
ආ උඹ කෙල්ලක් ද?  මම හිතුවේ කෙලි භාගයක් කියලා .. මේ බයිලා වලින් වැඩක් නැ .. කොහෙද ඉන්නේ තෝ.. තාම ගෙදර ද ..
-පල යන්න බුරුවා..... මම ඉන්නේ හංදියේ ..
කොයි අම්බකි** හන්දියේද ...
-තොත් එක්ක කතා කරනවට මට ගහන්න ඕනේ.. මම තියනවා...
හපෝ මේකිගේ ගණන්.. මේ එන ගමන් නේ? ඉක්මනට වර මම ස්ටේෂන් එකේ ...  
-බැ තෝ පල තනියම යන අහක ...
තනියම තමා බොල යන්නේ යන තැනට.. එතැනට උබව එක්කන් යන්න බැ.. ට්‍රෙන් එකේ තනියම යන්න කම්මැලි.
-ආ මේ උබේ කම්මැලි කම් මකන්න එකියක් හොයාගනින් අයේ.. මට බැ .
හරි හොයාගන්නකම් වරෙන් කෝ.. උබේ බොරුවක් අහගෙන යද්දී කම්මැලි නැ ..
-errrrr බුරුවා .. තියපිය ෆෝන් එක බස් එක එනවා..
හා වර මම ඉස්සරහ ඉන්නවා ..


සුලා එහෙම නැත්තම් සුලන්‍යා මට ඉන්න මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් .. ඇයි අවුල් ද .. පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයෙක් හොඳම යාළුවා වෙන්න බැරිද .. මගේ සියළු ජිවිත කථා ආදර කථා අකුරක් නෑර දැනගෙන ඉන්න ඒ වගේම ඒකිගේත් සියල්ල දත් බෙස්ට් ෆ්‍රෙන්ඩාලා අපි දෙන්නා.. ෆිල්ම් බලන්න .. ගෘප් ගේට් වලට.. කොහේ හරි වලක් බහින්න අනිවා අපි දෙන්නා යන්නේ එකට.. කොහේ හරි ගෙදරින් පනින්න ඕන වෙලව්වට අපි අපිදෙන්නවා ගෙවල් වලට උගස් තියලා පනිනවා... සමහර වෙලවට ලව් කරන්න පාර්ක් එකට මගේ කෙල්ලවයි සුලාගේ කොල්ලයි අරගෙන එකට යන වෙලාවල් තියෙනවා.. ඒතරමට අපි දෙන්නාගේ යාළු බැදීම තිබ්බා ..

මොකෝ බං සුලෝ පරක්කු..
-ඇහැරුනේ නැ බං.. එලාම් එක ඔෆ් කරලා විනාඩි 5ක් නිදා ගන්නවා කියලා නිදාගත්තා .. ඇහැරුනේ පැය 1/2 පස්සේ බං..
ඊයා ඒ කියන්නේ තෝ අද ඔක්කොම වැඩ ටික භාගෙට කරලා ඇවිල්ල ඇත්තේ.. තෝ අඩුම ගානේ දත් මැද්දාද ? එක තමා මේ කුණු ගඳ...
-පල යන්න. තෝ මොකටද ඉබින්න එන්නේ මාව ..
උඹව ඉබින්න?? ඊට වඩා හොඳයි යකෝ මේ කුණු කාණුවේ මුණ ඔබා ගන්නවා...
-බුරුවා ..
ඌ යකෝ ඒ ගහපු පාරනම් රිදුනා ඈ .. හිටපිය දෙන්නම් තොට..

හරවන එක තමා දැන් යන්න වෙන්නේ...  වරෙන් යන්න එහා පැත්තට...

මොකෝ බං නිදි කිරන්නේ .. ඊයේ රෑ මල් ද ? මලිතයා නිදාගන්න දුන්නේ නැද්ද ?
-හ්ම්ම් ඔව් ..
ආ ඒ කියපු විදිහනම් අවුල් වගේ.. මොකෝ ප්‍රශ්නයක් ද ? රණ්ඩු උනාද ?
-මං උඹට කියන්නම හිටියේ බං .. දැන් ටික දවසක් ඉදන් කෙස්..  මලිත්ට වෙන කවුරුහරි ඉන්නවා වගේ දැනුනා .. ඊයේ මම කෙලින්ම ඇහුවා .. අහලා ඔක්කොම ඉවරයක් කරා ..
මොකක් මුගේ අම්මාට ... අහුවෙච්චිදෙන් කෝ ඕකාට මම දෙකක් කතා කරන්න ..
-එපා එපා .. මුකුත් කියන්න යන්න ඕනේ නැ .. මට අවුලක් නැ .. මම හොදින් ..
හොදින්? හොදින් නම් ඔය ඇස් වල කඳුළු මොකද .. නොදොකින් බල්ලා .. මට එන කේන්තිය අම්මපා ..
-මම පිස්සු නටලා කොල්ලෙක් වගේ හිටියාට මම ඇතුලෙන් කෙල්ලක් බං.. මටත් හැඟීම් තියෙනවා ..  ටික දවසකින් හරියාවි..
මම එක දන්නවා බං.. එක මට වැඩිය දන්නා එකෙක් නැ .. අමුතුවෙන් කියන්න දෙයක් නැ.. උඹට ඕනෑම දෙකට මම ඉන්නවා කියලා දන්නවා නේ ..
-දන්නවා බං .. පොඩි දෙයක් ඉල්ලනම් උඹට අවුලක් නැත්තම් ..
කියපිය ඉතින් ඕක අහන්න දෙයක් ද ?
-මම පොඩ්ඩක් ඔළුව තියාගන්නද උඹේ උරහිසේ...
හා..රු .233.26/=  දීපන් ...
-පොතට දාගනින් ..

මාසෙකින් දෙකකින් මට මගේ පුරුදු යාළුවා අයේ ලැබුණා.. විහිලු කරලා හිනාවෙලා පිස්සු නටලා දින සති මාස ගණන් ගෙවිලා යද්දී දවසක් ...

-හසිතයෝ ..
ඇයි බං ....
-මට ගෙදරින් බදින්නලු .. කවුරු හරි ඉන්නවද කියලා අහනවා .. නැත්තම් හොයනන්ම් ලු..
ඩිංගි චිකාරේ දාගෙන පොල් කටු මාලේ.. කේක් කේක් බිමක් බිමක් ..
-දෙන්නම් බොට බොන්න බලන් හිටපන්.. මගේ වෙඩිමේ බිම නැ...
මම බිලා එනවා එහෙනම් ... මේ ඉතින් උඹ මොකෝ අම්මාට කිවේ...
-මුකුත් කිවේ නැ ..සේප් එකේ මාරු උනා ...

එදා මගේ හිතේ මොකද්දෝ ලොකු බරක් දැනුනා .. වැඩට ගියාට උදේ සුලා කියපු දේ හැම තිස්සෙම මතකෙට අවා .. ඒ මොකද්ද කියලා හරියටම මට පැහැදිලි නැ..සුලා බැන්දට පස්සේ අපිට මේ වගේම හමු වෙයිද ? බැඳලා කොහේ හරි යාවිද ? ඔය වගේ ප්‍රශ්න හිත ඇතුලේ කැරකෙන්න ගත්තා ..
එත් ඇයි ඒ යාළුවෙක් නැති වෙන එකද විතරමද .. එහෙම නැත්තම් මගේ හිතේ වෙන හැඟීමක් ඇති වෙලාද .. දවසක් දෙකක් හිතුවා .. හිතලා මම තීරණයක් ගත්තා ... මගේ පට්ටම කුජිත අවස්ථා එකී එක්ක කතා කරලා කියලා තිබ්බත් මට මේක සුලාගේ මුණ බලන් කියන්න අමාරු උනා .. එදා සිකුරාදා දවසක් . වැඩ ඇරිලා ගෙදර ගිහින් රෑ මම සුලාට කෝල් එකක් ගත්තා ...

රිංග් වෙනවා ... හප්පේ මෙකි දාලා තියෙන රිංග් ඉන් ටොන් එක ..
"කවුරුන්ද ඔබ මගේ...
කවුරුන්ද මා ඔබේ ...
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමි..
දෙනෙත පුරා පිරි කඳුළු සලන්නෙමි ..
හදවත ගැහෙනා රිද්මය "

-හලෝ..
හලෝ සුලා ... කොහෙද බොල හිටියේ...
-උඹ හිතුවාද මමත් උබ වගේ මේක කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නේ කියලා හැම වෙලේම..
ඔව් ඉතින් නයිටි වලට මොන සාක්කුද ..
-ඔන් පටන් ගත්තා ... දැන් මොකටද උඹ කතා කලේ ..

" අපි බදිමුද ? "

මම එක පාරට කියලා දැම්මා ..    
ටික වෙලාවක් කිසිම සද්දයක් නැ ..
හෙලෝ සුලා .. ඉන්නවද ?
-ඔව් මොකද්ද උඹ කිවේ...
එක පාරයි කියන්නේ අයේ කියන්න බැ.. උඹට ඇහුන එක තමා කිවේ ...
-උඹ මේ සිරාවටද අහන්නේ ,...
ඔව්..  අපි බඳිමුද ? ඔන්න අයේ ඇහුවා...

එක කිව්වා විතරයි කෙල්ල ෆෝන් එක කට් කළා .. මට අයෙත් ගන්න තරම් ගටක් තිබ්බේ නැ.. පපුව ගැහෙනවා විනාඩියට 120 විතර ඇති වේගේ.. ඔළුව යකාගේ  කම්හල වගේ.. සුලා තරහ වෙයිද .. යාළුකම නැති වෙයිද .. දාඩියත් දාලා මට..

ටික් ටික් .. SMS එකක් සුලාගෙන්  ..
" මට හිතා ගන්න බැ .. හිතන්න ඕනේ ..හෙට කියන්නම් "

අම්මෝ ඇති යන්තම් තරහ නැ වගේ.. පපුව ගැස්ම අඩු උනා .. ඔළුව කුල් උනා ... නිදාගන්න ගියත් නින්ද ගියේ නැ .. එත් සැහෙන වෙලාවකට පස්සේ නින්ද ගියා...

 ටික් ටික් .. මුණට වැදිලා තිබ්බ ෆෝන් එකේ SMS Vibration එකට ඇහැරුනා ...
සුලාගෙන් බ්ලෑන්ක් මැසේජ් එකක් ...
මම Good Morning කියලා රිප්ලයි කළා ...    
Good Morning කියලා අයෙත් මැසේජ් එකක් අවා.. කෙල්ල තරහ නැ..  බොක්කෙන්ම ගට අරන් කෝල් එකක් ගත්තා ..
රිංග්ස් යනවා ...අන්සර් කරා සද්දයක් නැ..
හලෝ සුලා ...
-ම්..
මොකෝ කියන්නේ ..
-"හා .."
හා කිවේ ..
-ඊයේ කියපු එකට "හා "
කෙල්ල අයෙත් ෆෝන් එක කට් කරා .. මැසේජ් එකක් එනවා අයෙත් ..
මට ලැජ්ජයි බං ..
අයෙත් මම කෝල් කරා
ඇයි ලජ්ජා ...
-මන්දා ලැජ්ජයි වගේ ..
උඹේ මම නොදන්නා ලැජ්ජාව .. අනේ නිකන් හිටහන් .. කිව්වට මටත් ලැජ්ජයි ..
-හසිතයෝ
ම් ..
දැන් උඹ මගේ කවුරුන්ද ? මම උඹේ කව්ද? අපි අපේ කවුද ...

මම හිනා වෙලා නිකන් හිටියත් මගේ හිතේත්  ඒ ප්‍රශ්නේමයි ..


ඇත්තටම දැන් සුලා මගේ කවුද ? යාළුවා ද ගර්ල් ෆ්‍රෙන්ඩ්ද වෙන්න වයිෆ් ද?     

Wednesday, June 26, 2013

~~ කුරුල්ලා කොපි කිරීමේ උත්සහය ~~

"දෑස රිදෙනවා පාර බලා ඉඳලා" ......

ගොඩක් දවස් වල උදේට මගේ හිතේ කියැවෙන සිංදුවක කැල්ලක් ...
මුණට අව්ව වැටිලා තවත් සූදු උනු ඒ සූදු මුණ පඩි පෙළ උඩින් මතුවෙනවා .. හිත සැහැල්ලු වෙනවා ...

ගුඩ් මොර්නින්ග් අයියේ ...
වෙරි ගුඩ් මොර්නින්ග් සුදූ.. මොකද පරක්කු ... 
බස් එක තිබ්බේ නැ අයියේ .. ත්‍රිවිල් එකක උඩුගම්පොල හංදියට අවෙත් .. අයියෝ මගේ රු 250 ..
අපෝ වන්නි බස් එක අදත් නැද්ද.. ඉන්නවා කෝ මම චන්දේ ඉල්ලනකම් .. ඔයාටම කියලා දාලා දෙන්නම් බස් එකක් .. 
අනේ මේ යනවා යන්න .. එන්න එපා වන්නිය වන්නිය කියන්න අපේ පැත්තට ... මහා ලොකු ටවුන් කාරයා .. මොකටද ඉතින් වන්නි කෙල්ලක් එනකම් බලන් ඉන්නේ 
මේකනේ සින් එක වන්නි කෙල්ල හරි ලස්සනයි නේ .. (රවාගෙන හිටිය මුනේ හොරෙන් ඇදෙන ඒ හිනාවට මම හරි ආසයි ) අහලා නැද්ද අර ජිප්සිස්ලා කියන සින්දුවකත් කියන්නේ ...
ආ මොකද්ද ඒ ... 

"වැද්දාගේ දුව ගෝමර හැඩකාරී .. නගරේ නෑ කෙල්ලක් දැක්කේ ඒ වගේ "
එතොකොට මගේ තාත්තා වැද්දාද .. එන්න එපාහරිද තාත්තාට අනම් මනම් කියන්න .. ඕනේ නැ වැද්දෝ වැද්දියෝ එක්ක ආශ්‍රය කරන්න ... මම යනවා යන්න ඉස්සරහට ...

හේ මේ .. (මම යන්න හදනඇගේ අතින් අල්ලා ගනිමින්) මම විහිළුවක් නේ සූදු කලේ ..

ඈ මගේ අත ගසා නැවතී මාහට පිටු පා අහක බලා සිටින්නීය ...
අපරාදේ මට 7.05හේ යන්න තිබ්බේ ..ෂි තරහ අය එනකම් බලන් හිටියානේ මමත් .. 

අනේ අයියා අදත් බලන් හිටියාද .. මම කියලා තියෙනවා නේ අයියා දැන් මම එනකම් බලන්න එපා කියලා .. ඔයා පව් .. දවසක මම අයියාව දාලා යන්න යාවි ..
තරු කැට වගේ දිලිසෙන ඇස් වල කඳුළු පුරෝගෙන .. පනින්න ඔන්න මෙන්න ...
හ්ම්ම් දන්නවා නංගි එත් ...

අනේ එහම වෙනවනම් ඉක්මනටම .. එතොකොට අයියා මාත් එක්ක තරහ වෙයි ..මට වෛර කරාවි .. 

ජාති ජාතිත් නැ සූදු නංගි ..  ඔයා මාව දාලා යන්නේ ඔයාගේ වුමනාවට නෙමේ නේ නංගියෝ..
(කඳුළු බිඳු දෙකක් ඇගේ සූදු කම්මුල සිප ගනිද්දී කිසි වෙක්ට පේන්නට නොදී පිස දැමු මා )
හරි මම පොරොන්දු වෙනවා.. අම්මලා ඔයාට කෙනක් තීන්දු කරපු දවසට මම කලින් යනවා .. ඔයාට පෙන්න එන්නෙවත් නැ.. හොඳ සූදු නේ අඩන්න එපා .. 

නැ අයියා මම බැඳලා කොහේ හරි ඈතකට යනවා .. අයියාට පෙන්නේ නැති දිහාවකට.. මේ හැමදේකින්ම ඈත් වෙලා මම යනවා ...

හ්ම්ම්ම් හා .. අපි ඒවා එතොකොට බලමුකෝ ... ඉන්න ටිකේ මම මගේ සූදු කෙල්ලව ගිහින් දාන්න එන්නම් .. එකට මට ඉඩ දෙන්න සූදු...
අපි ඉන්න ටිකේ ඉමු සතුටින් හිනාවෙලා සූදු නංගෝ (මම තාලෙකට කිවා )
ඉකි බිදුමක් අතරින් අයෙත් අර ලස්සන හිනාවත් එක්ක ඇය ...
හා අයියා කියා සිනාසුනී ..    


Sunday, June 23, 2013

~~ වසන්තය පිපෙන තුරු 07 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~
~~ වසන්තය පිපෙන තුරු 05 ~~
~~ වසන්තය පිපෙන තුරු 06 ~~

ඉතින් ඉතින් කොහොමද කොහොමද .....
ගොඩක් හොදින් හංසි .. ඔයාට කොහොමද ?
ම්ම්ම් වෙනසක් නෑ .. හොදින් ඉන්නවා පවන් ...
සන්කෙන් එකේ ජොබ් එක හොඳයි ද හංසි ..
ඔයා කෝමද ඒක දන්නෙ ? ශේප් එකේ ජොබ් එක කරගෙන යනවා ඉතින් ..

ඉතින් හර්ෂ කොහොමද ? මොකෝ අද කට වැහිලා .. ඉස්සරනම් ඉතින් වක්කඩේ වගේනේ
හේ හේ නැ නැ .. තාමත් එහෙම තමා .. අපි ඉතින් කවදත් හොදින් නේ .. අවුලක් නැ ..

මේ බලාපොරොත්තු නොවුන හමුවීම නිසා මගේ මොළේත් අවුල් උනා වගේ මේ හුයන්නා සේරම විස්තර හොයාගෙන මට එනකම් කිවේ නැ බුරුවා .. හිතෙන් බැන්නට මදි වගේ දෙකක් කතා කරන්නම ඕනේ.


හංසි මට වතුර එකක් දෙන්න කෝ ... ගේ ඇතුලට යවන්න වුමනාවට මම කිවා ..
ඇයි වතුර .. තේ එකක්ම බොමු ..
හා බොමු බොමු ... මම කිවා ..

ඈ බෝල කැ** තෝ මට කිවේ නැත්තේ ඇයි මෙහෙ එන්නෙ කියලා . මෝඩ මුසලයා .. අනික තෝ කොහොමද විස්තර හොයා ගත්තේ ..
කෑ ගහන්න එපා යකෝ ගෙදර මිනිස්සුට ඇහෙයි . පස්සේ බොට ස්ටොරිය කියන්නම් .. තරහ නැතිව මට පොඩ්ඩක් තනියම කතා කරන්න චාන්ස් එකක් දීපන් හොඳේ .. හොඳ එකානේ ..
හාකෝ හාකෝ.. දැනට උඹ බේරුනා කියලා හිතා ගනින් ..

හංසි අයේත් අවා අපි ඉන්න තැනට .. කෝ මෙකි හිස් අතින් නේ ඇවිත් ඉන්නේ ..උදේට කාලත් නැ .. බඩගිනි අම්බානෙකට .. තේ හදන්න තේ දළු නෙලන්න ගිහින්ද මන්දා ...

ඉන්න හර්ෂ අම්මා තේ හදලා ගෙනේවි ..
අම්මාට කියලා තේ හදවන්නේ.. අම්මපා මෙහෙමත් ගෑනු ළමයි .. හෑ මෙකි මගේ හිත කියෙව්වද .. වස නෝන්ඩිය ... එක වහගන්න එක්ක මම එහෙම කියලා දැම්මා ..
අපෝ ඔව් මෙයානම් වෙනස් වෙලා නැ ඔය ඇරෙන්නේ වක්කඩ ..
හේ හේ හේ .. අපි සේරටම ඒ කතාවට හිනා උනා ..

ලොකූ .. පොඩ්ඩක් එන්න . අම්මාද කොහෙද කතා කලා.
මෙන්න හංසි ක්‍රීම් කැකර් වගයකුයි ඇඹුල් කෙසෙල් වගයකුයි අරන් එනවා .. අම්මෝ දෙයියෝ දුන්නා වගේ..
මැද තිබ්බ ස්ටුල් එකෙන් ට්‍රේ එක තියලා .. ඔන්න මම අල්ලන්නේ නැ අරගෙන කන්න කිවා ...
බිස්කට් 4 කෙසල් ගෙඩි 2 කටයි මම වග කියද්දී අරූ එක බිස්කට් එකයි කෙසල් ගෙඩියයි .. ටිකකින් අම්මා තේ අරන් ඇවිත් අපිට දුන්නා ..

අම්මේ මේ මගේ යාළුවෝ මේ පවන්, මේ හර්ෂ ... මම කියලා තියෙනවා නේ අම්මට මතකද ..
කොහොමද දරුවනේ .. හදුනා ගන්න ලැබිච්ච එක සතුටක් ..

අපි පොඩි හිනාවක් දාලා හිටියා ඉතින් .. ඇන්ටි ගියාට පස්සේ පවන් මට ශේප් ඇහැක් ගැහුවා..

ශා ඉස්සරහ මිදුල නම් ලස්සනයි .. කියාගෙන මම තේ එකත් අරගෙන මිදුලට අවා ... උන් දෙන්නාට කතා කරගන්න මගුලක් කතා කරගන්න ඉඩ දීලා ...
තේ එක බිලා එතැන තිබ්බ ලී බංකුව උඩින් තියා ඇවිදිදී .. හංසිගේ මල්ලි අවා මිදුලට.. මම ඌත් එක්ක කතා කර කර ගේ වටේ ඇවිද්දා .. ජම්බු ඉදිලා තිබ්බ හින්දා ජම්බු ගෙඩි කීපයකටත් වග කිවා .. විනාඩි 15-20 වගේ පවන් මට යමු කියලා කතා කලා ..

මම එතැනට යද්දී උදේ පවන්ගේ මුණේ තිබ්බ එළිය ගිහින් කළු වෙලා.. හංසිගේත් ඇස් රතු වෙලා ..

මල්ලි අම්මාට කියන්න අයියලා යන්න යන්නේ කියලා බිඳුණු කටහඩකින් හංසි කිවා .. අම්මේ කියාගෙන මල්ලි ගෙට ගියා ..

ආ පුතාලා යන්නද ?
ඔව් ඇන්ටි එහෙනම් අපි ගිහින් එන්නම් .. පවන් දෙකට නැමිලා වැන්දා ..
මමත් ඉතින් වැඳලා අපි යන්නම් ඇන්ටි .. යනවා හංසි ,...
අපි ගිහින් එන්නම් හංසි....
පරිස්සමින් ගිහින් එන්න පවන් .. හර්ෂ ..

මිදුලේදී යතුර ඉල්ලන් මම බයික් එක ගත්තා ....
ටික දුරක් යනකම් කිසිම කතාවක් කරේ නැ පවන්.. මගදී ෆ්රුට් ජුස් තියෙන තැනක් දැකලා මම බයික් එක එතැනට දැම්මා ... වරෙන් මොනා හරි බිබී කතා කරමු ...
හරි දැන් කියපන් විස්තරේ .. මොකද උනේ ...
පවන් විස්තරේ කියන්න ගත්තා ..


ඉතින් පවන් දැන් මොකද කරන්නේ ? කොහෙද වැඩ කරන්නේ ..
අපි දෙන්නා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා හංසි ,.. Software Developing Company එකක් .. Nano Soft Solution කියලා .. දැන් අපි ගාව 20 ක් විතර වැඩ කරනවා ..
ශා මරුනේ .. ඉස්සර පිස්සු නට නට හිටිය කොල්ලෝ දෙන්නාමද මේ ..
ඒ පිස්සු නටපු කොල්ලා කෙල්ලක් හින්දා වෙනස් උනා හංසි ..
අනේ ෂෝක් නේ .. කවුද ඒ වාසනාවන්ති ..
වෙන කවුරුත් නෙමේ හංසි, ඒ ඔයා ...
අනේ විහිළු කරන්න එපා පවන් ..
පොඩ්ඩක් මම කියන දේ අහන් ඉන්න හංසි . ඔයාට මම අපි හම්බුන අන්තිම දවසේ කිවා මතකද .. මාව අමතක කරන්න එපා කියලා .. ඒ මට මගේ හිතේ තිබ්බ ආදරය නැති කරලා දාන්න අමතක කරලා දාන්න බැරි හින්දා .. ඔයා දවසක් කිව කතාවකින් තේරුනා මට මගේ තාත්තා ගේ සල්ලි නැත්තම් මම නිකම්ම නිකම් නිකමෙක් කියලා .. මම වෙනස් වෙන්න ගත්තේ එදා ඉඳලා .. මටත් ඕනේ උනා සාමාන්‍ය මිනිහෙක් වෙන්න,
ඔයාලා වගේ බස් එකේ යන්න පුළුවන්, සාමාන්‍ය පඩියක් අරන් සාමාන්‍ය ජිවිතයක් ගෙවන්න පුළුවන් මිනිහෙක් වෙන්න මට ඕනේ උනා . අද මම ඒදේ කළා හංසි. මම තනියම නැගිට්ටා . අපේ බිස්නස් එකට තාත්තාගෙන් සත 5 ගත්තේ නැ අපි .. මගේයි හර්ෂගෙයි ඉතුරු කරපු සල්ලි දාලා බෑන්ක් ලෝන් එකක් අරන් පටන් ගත්තේ. අර බයික් එකට ලිසින් එක තාම ගෙවනවා මම. මමත් දැන් ඔයාලා වගේ සාමාන්‍ය මිනිහෙක් හංසි.
දවසක අර ඉන්නේ මිස්ටර් රණසිංහගේ පුතා කියලා මිනිස්සු මාව අදුරගන්නවාට නෙමේ අර ඉන්නේ " මිස්ටර් පවන් රණසිංහ" කියන තත්වයට මම තනියම එනවා .. ඒ ඔයා හින්දා .. එදාට මගේ අත අල්ලන් මගේ ලඟින් ඉන්න එනවද හංසි ..
පවන් අනේ මොනවද මේ කියන්නේ .. ඔයා මට තාම ආදරේද ..
මම කවදාවත් ඔයාට ආදරේ කරන එක නැවැත්තුවේ නැ .. නවත්තන්නේත් නැ හංසි. කියන්න කෝ ඔයා එනවද මාත් එක්ක
එත් පවන් ඔයාගේ ගෙදර කට්ටිය , අම්මලා තාත්තලා මම වගේ මුකුත්ම නැති ගමක කෙල්ලක්ට කැමති වෙයිද?
එක අපි බලමු.. එයාලා කැමති නැති උනත් මට දැන් තනි තීරණයක් ගන්න පුළුවන් මට්ටමේ කෙනක්නේ හංසි.
අනේ මට ඒ පව් කාර වැඩේ කරන්න බැ පවන්.. ඔයා විතරයි ඉන්නේ එයාලට.. අම්මා කෙන්ක්ගෙන් පුතා උදුරා ගත්තොත් මට ජාති ජාති ගෙවන්න වෙන පවක් එක ... ඔයා ගොඩක් හොඳ කොල්ලෙක් ඔයා අම්මාගේන් තාත්තාගෙන් අවසර ගන්න.අපිට ඒ ආශිර්වාදය නැති අනාගතයක් එපා පවන්. එයාලා අකමැති නම් අපි අපිට අයිති නැ පවන්.
මට ඔයාව අමතක කරන්න නම් බැ .. ඔයාට පුල්වුන් ද හංසි ..
මම දන්නේ නැ පවන්. මම ඔයාව ලබන්න තරම් වාසනාවන්ත නෑ කියලා හිත හදාගන්නම්.


ඔන්න ඕකයි උනේ බං ...
උඹ නම් මාර පොරක් . උඹ කොහොමද විස්තර හොයා ගත්තේ ඉන්න තැන වැඩ කරන ඒවා , අනික කොල්ල්ක් ඉන්නවා ද නැද්ද කියලා උඹ දැන ගත්තේ කොහොමද ..
ශේහානා මතකනේ උඹට .. ඒකිගෙන් හොයා ගත්තේ..
එකී කිව විදිහට හංසි මට කැමතියි බං .. හංසිගේ කියන්නේ තමන්ට වඩා අනුන් ගැන හිතන කෙනක් මචං.
හ්ම්ම්ම් .. දැන් මොකද බං කරන්නේ ...
මන්දා බං .. මුකුත් හිතා ගන්න බෑ බලමු ..

සතියකට විතර පස්සේ පවන්ලගේ ගෙදර සිද්ද වුනු තවත් සිදුවීමක් නිසා මම අංකල්ටයි ඇන්ටිටයි මම කතා කරන්න තීරණය කළා ..

පවන් ගෙදර නැති ඉරිදා දවසක මම එහෙ ගියා. අංකලුයි ඇන්ටි සාලේ ඉගෙන හිටියා..
ආ හර්ෂ පුතා .. එන්න පුතා නම් ඔන්න කොහෙද ගියා ..
ඔව් ඇන්ටි එකම තමා මම අවේ .. ඇන්ටියි අංකල් එක්කයි කථා කරන්න පොඩ්ඩක් ..
එකත් හොඳයි අපිටත් ඔයා එක්ක කතා කරන්න ඕනේ .. කවුද පුතා මේ අපේ එකා පැටලිලා ඉන්න කෙල්ල.
බලන්න අර Mr.වීරසේකරගේ දුවව අපි Propose කරලා තිබ්බේ මුට .. මූ කැමති නැ කියනවා.. බදින්න බැ කියනවා... බදිනවා නම් බදින්නේ අර කෙල්ලව ලූ .. මොකද්ද ඒකිගේ නම ...

හංසනී ...

අන්න හරි හංසිනි .. කොහේදෝ ඉන්න කෙල්ලක් .. අපිට ගැලපෙනවා ද නැද්ද හොයලා බලන්නේ නැතිව යාළුවෙලා ... අච්චර හොඳ ෆැමිලි එකකින් කතා කරලා තියෙද්දී ... මූට දෙන්නේ නැ ශත පහක දෙයක් .. මූ මොකක් හරි අකීකරු වැඩක් කරොත් එහෙම..

අංකල් බැනගෙන බැනගෙන යනවා... excuse me අංකල් මම පොඩ්ඩක් කතා කරන්න ද ?

පළවෙනියටම කියන්න ඕනේ පවන් හංසිනිට ආදරෙයි.. හංසනීත් ආදරේ ඇති .. හැබැයි තාම දෙන්නා affair එක පටන් අරන් නැ ..
මොකක්.. මොකද්ද ඒ කතාවේ තේරුම ...
ඇන්ටි මතකද මිට අවුරුදු 3-4 උඩින් හිටිය පවන්.. නාහෙට අහන්නේ නැති නාස්තිකාර පුතා මතකද ... පොඩ්ඩක් හිතලා බලන්න අද ඉන්නේ ඒ පුතා ද? පවන්ට හංසිව හම්බුනේ අපේ ක්ලාස් එකේදී .. වෙන ඕනෑම කෙල්ලක් පවන් ඇහුවාම එක පයින් හා කියද්දී හංසි කැමති උනේ නැ ..
හංසි නිසා පවන්ට ජිවිතේ තේරෙන්න ගත්තා.. ඒ නිසාම පවන් වෙනස් උනා .. අංකල්ගේ උදව්වක් නැතිවම තනියම නැගිට්ටා.. ඔය ඔක්කොම හංසි එදා කියපු දේවල් හින්දා .. හංසිට පේන්න හංසිව ලබා ගන්න ඕනේ හින්දා කරපු දේවල් ..

සති දෙකකට කලින් අපි හංසිලාගේ ගෙදර ගියා.. යනකම් මම දන්නෙත් නැ එහෙ කියලා .. අයෙත් හංසිගේන් අහුවාත් හංසිගේ උත්තරේ මොකද්ද දන්නවා ද අංකල්..
"අංකල්ලා එයාට කැමති වෙන්නේ නැ .. දෙමව්පියන්ගේ කැමැත්ත නැතිව බැ .. එක හින්දා අමතක කරන්න කියන එක .. "

ඒ කෙල්ල ගොඩක් හොඳ කෙල්ලක්..ලස්සනයි.. එකමදේලොකු සල්ලි තියෙන පවුලක් නොවීම .. සාමාන්‍ය පවුලක්..
මට කියන්න තියෙන්නේ ඔච්චරයි .. පවන්ට කියන්න එපා මම මේ ගැන කතා කරා කියලා .. මොකද ඌ මට එපා කියපු දෙයක් මම මේ කරේ.. ඇන්ටිලා හිතන්න.. පවන් කැමති නැති කෙල්ලක් කසාද බන්දලා දෙනවා ද නැද්ද කියන එක. කොහොම උනත් එක දෙයක් සුවර්.. ඒ කෙල්ල අංකල්ගෙයි ඇන්ටිගෙයි කැමැත්ත නැතිව පවන්ව බදින එකක් නම් නැ .. මම යන්නම් ඇන්ටි .. අංකල් ගිහින් එන්නම්..

ඊලග සෙනසුරාදා නිවාඩු උනත් මම ඔෆිස් එකට ගියේ අතපසු වෙලා තිබිච්ච් වැඩ ටිකක් කරලා දාන්න කියලා හිතාගෙන.. උදේ 10 විතර මගේ ලෑන්ඩ් ලයින් එක රින්ග් උනා ..

Hello Mr.Harsha , Mr.Pawan's Parents are here.. They are asking you..
OK, send them in..

Good Morning පුතා ..
Morning Uncle, Aunty... මොකෝ මේ පැත්තේ ...
අපි පුතාලාගේ ගෙදර ගියා ගෙදරින් තමා කිවේ ඔෆිස් අවා කියලා.. අපි පුතාව පොඩ්ඩක් එක්කන් යන්න කියලා අවේ. පුතා බිසී නැත්තම් අපිත් එක්ක පොඩි ගමනක් යමුද ...
ම්ම් ලොකු වැඩක් නම් නැ .. යමු .. එත් කොහෙද ?
අර ගෑනු ළමයා බලන්න ...
හෑ කවුද හංසිව ද.. කෝ පවන් ... පවන් යන්නේ නැද්ද ?
පවන් දන්නේ නැ අපි අද මේ ගමන යන විත්තියක් වත්.. හර්ෂ පුතා කියන්නත් එපා..
හරි අංකල් .. විනාඩි 5ක් දෙන්න ..

හරියටම පාර මතක නොතිබුනත් පැයකින් විතර කොහොම හරි අපි හංසිලාගේ ගෙදරට අවා ..
පිළිගැනීම් හදුන්වා දීම් වලින් තේ පැන් සංග්‍රහ වලින් පස්සේ ...

එහෙනම් හංසිලාගේ අම්මේ දෙන්නා දෙන්නට කැමති එකේ මෙයාලගේ කැමැත්තට ඉඩ දෙමු නේද ...
එත් අපි සාමන්‍ය පවුලක් .. අපිට දෙන්න දෑවැදි කියලා දෙයක් නැ ..
දෑවැදි ඉල්ලුවේ කවුද .. මේ ඉන්නේ හඳක් වගේ දුවෙක් හදලා .. මෙයා හොඳටම ඇති අපිට නේද රණේ..
ඔව් ඔව් දෑවැදි අවශ්‍ය නැ .. මගේ කොල්ල කොන්ද පණ තියෙන එකෙක්.. දෑවැදි ඉල්ලන්නේ කොන්ද පණ නැති හිඟන්නෝ ...
පොඩි ඉල්ලීමක් තියෙනවා .. අද පොඩ්ඩක් අපිත් එක්ක දුවව අපේ ගෙදර එවන්න. හවස් වෙද්දී ආපහු ගෙනත් බස්සනම් .. තනියම එවන්න බැරිනම් මේ මලයා එක්ක එවන්න කෝ ..
අනේ එක්කන් යන්න දැන් ඉතින් කෙල්ල ඔයාලටත් අයිති නේ . දුවේ එහෙනම් ගිහින් ලෑස්ති වෙන්න .. මල්ලිත් එක්කන් යන්න එහෙනම් ..
මෙච්චර වෙලා ඇස් වල කඳුළු පුරෝගෙන හැඩිම හිර කරගෙන හිටිය හංසිනිගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා ... ඇය හඬමින් අංකල්ටත් ඇන්ටිගේත් දෙපා නැමදීම හැමෝටම සංවේදී දර්ශනයක් උනා .. පවන්ගේ අම්මා හංසිනිව නැගිට්ටවලා කඳුළු පිහිදලා ඔළුව ඉඹලා ... බිදුණු හඬින්
"අඩන්න එපා දුවේ ... යන්න ගිහින් ඉක්මනට ඇඳගෙන එන්න" කියලා කිවා

හර්ෂ පුතා ගෙදරට යනකම් පවන්ට කියනවා එහෙම නෙමේ අපි මෙයාව එක්කන් එනවා කියලා හරිද..
හරි හරි අංකල් ...


පවන් .. පුතා කොහෙද .. පවන් ..
ඇයි අම්මේ .. මම කාමරේ අම්මේ ..
පුතා පොඩ්ඩක් එන්න .. අපි ඔයාට කාතා කරපු ගෑනු ළමයෙක් ඇවිල්ලා ඉන්නවා .. පොඩ්ඩක් ඇවිල්ලා කතා කරන්න ..
මම කිවා නේ අම්මේ, මට ඔය මගුල් හොයන්න එපා කියලා .. එහෙම තියෙද්දිත් ඇයි ගෙදරට එක්කන් අවේ.. එක්කන් ආවානම් අම්මලාම කතා කර ගන්න එකයි ඇත්තේ .. මට බැ ..
මේ ලඟට අපු ගමන් එයාලා ඇවිත් ඉන්නේ .. හොඳ පුතා වගේ වචනයක් කතා කරලා යන්න ..
හරි එන්නම් හැබැයි මගේ උත්ත්තරේ දන්නවා නේ .. යමු ..

සාලෙට ආපු පවන්ට උගේ ඇස් අදහා ගන්න බැරිව තත්පර ගානක් ගල් ගැහිලා හිටියා..

හංසි ..

අනේ අම්මේ මේ හංසි .. කොහොමද ? මට තේරෙන්නේ නැ .. තාත්තේ මේ මගේ හංසි ..

පවන් හංසි ලඟට ඇවිත් අත අල්ලා ගන්න ගමන් කියවන්න ගත්තා ..

ජිවිතේ පළවෙනි වතාවට මගේ යාළුවා මගේ බොක්ක අඩනවා දැකලා මගෙත් ඇස් වලට කඳුළු පිරුණා ..

දෙන්නාම අත් අල්ලාගෙන අඩනවා .. දෙන්නටම කතා කර ගන්න බැ ..

ටිකකින් අංකලුයි ඇන්ටි ලඟට ඇවිත් "දැනුත් බදින්න බෑ ද පුතේ " කියලා හිනා වේවි ඇහුවා ..
පවන් අම්මාව බදාගෙන ... මේ තමා ලෝකේ ඉන්න හොඳම අම්මා .. තාත්තාව බදාගෙන ..තාත්තේ, තැනක් යු තාත්තේ.. හංසි මේ තමා ලෝකේ ඉන්න හොඳම අම්මයි තාත්තායි ...

හරි හරි ගිහින් දෙන්නා කතා කරගන්න කතා කරන්න තියෙන දෙයක් ...

යමු හංසි .. හංසිගේ අතින් අල්ලන් එලියට යන පවන් දිහා මම සතුටින් බලන් හිටියා ..

හංසිව ගිහින් බස්සන කලින් පවන් හංසිගේ නළල ආදරෙන් සිප ගනිද්දී මට හිතුනේ..


වසන්තය පිපෙන තුරු ඉවසමින් සිටිය 
පවන්ගේ ජීවිතේ පැතුම් මල් පිපී ඇත
දසන්තයෙ හැම තැනම සුවඳක්ව ගලන විට
ඇත්තටම ඔහු ඉතින් දැන් සිනාසෙනු ඇත...


~~ නිමි ~~



Friday, May 31, 2013

~~ මා මගෙන් අරන් යන නුඹ ~~




සීතලට ගුලි වෙච්චි
අකීකරු සිතුවිල්ලක්
පනින්නට හදනවා
එක සිතක උණුහුමට
පුදුමමයි ඒ සිතේ රස්නයට
අකුරු අමුණා හැඩකර
හික්මවන යුරු
මගේ ඒ සිතුවිල්ල



Thursday, May 23, 2013

~~ වසන්තය පිපෙන තුරු 06 ~~


පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~
~~ වසන්තය පිපෙන තුරු 05 ~~

ඊලඟ සති දෙකේ office ඉවර වෙලා ඇවිත් අපි දෙන්නා කරේ බිස්නස් එකට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්න එක  බිස්නස් එක සැලසුම් කරන හැටි.. බිස්නස් එක රේජිස්ට්ර් කරන්න අවශ්‍ය ඇප්ලිකේෂන් , ලෝන් ඇපිලිකේෂන් එහෙම ගෙනල්ලා සුදානම් උනා ..
අපි දෙන්නා අතේ තියෙන සල්ලි දාලා රෙන්ට් එකට පොඩි ඔෆිස් ස්පේස් එකක් ගත්තා... අවශ්‍ය මැෂින් කීපයකුත් අරගෙන බිස්නස් එක ස්ටාට් කරන්න පුළුවන් තත්වෙට අවා..
ඊලඟට නමක්... නමක් හොයන්න මාර ගේමක් දෙන්න උනා අන්තිමට කල්පනා කරලා කරලා "Nano Soft Solution " කියලා අපේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන් උනා ...
අයියාගේ හෙල්ප් එකෙන් ඇප්ලිකේෂන් එක පුරවලා අවශ්‍ය ඩොකියුමන්ට් හරි විදිහට හදා ගන්න පුළුවන් උන නිසා ඉක්මනටම ලෝන් එකේ වැඩේ කරගත්තා ...


මාස දෙකක් වෙද්දී සියල්ල සුදානම් ... හොඳ නැකතක් බලලා සුබ මොහොතින් අපේ ගෙවල් දෙකටම කියලා   දෙමාපියන්ගේ ආශීර්වාදය මත හාමුදුරුවෝ නමක් ගෙනල්ලා පිරිතක් කියලා අපි Nano Soft එක පටන් ගත්තා. ඕපනින් එකට අපේ පවුල් දෙකේ කට්ටියට අමතරව අපි දෙන්නා ජොබ් එක කරපු තැන බොස්ටත් ඉන්වයිට්  කලා .. කිරිබත් කැවුම් එක්ක පොඩි තේ මේසයක් අම්මලා ලෑස්ති කරලා තිබ්බා.. තේ බිලා ඉවර වෙලා හැමෝම සුබ පතලා ඉවර උනාම,

අපිව පුදුම කරමින් බොස් අපිට මෙන්න ඔයාලට ඔයාලාගේ ගමන සාර්ථක වෙන්න කියලා අපිට එහෙට ආපු පොඩි Contract එකක් දුන්නා ...

එහෙම පටන් ගත්ත Nano Soft එක අපි දෙන්නගේ මහන්සියෙන් බලන් ඉද්දි හොඳ තැනකට අවා ... Marketing පැත්ත පවන් බලද්දී Development පැත්ත මම බැලුවා .. මාස 6 වෙද්දී අපි 5 දෙනක් ගෙන් පටන් ගත්ත එක 20 දෙනක් වැඩට අරන් වැඩ කරන්න තරම් අපිට Jobs අවා... පටන් අරන් අවුරුද්දකට කිට්ටු වෙන්න අවා .. අපි කලින් වැඩ කරපු තැන Sub Contract ගන්න පුළුවන් උනා වගේම Singapore Company එකකත් Sub Contract ගන්න පුළුවන් වෙච්චි එක අපි ලබපු ලොකු ජයග්‍රහණයක් වුනා .. එක දිගට දෙන්නම සැහෙන්න වැඩ වලින් සැහෙන්න හෙම්බත් වෙලා හිටියත් අපේ මහන්සියෙ ඵල නෙලද්දී දැනුනු සතුටෙන් ඒ මහන්සිය නැතිව ගියා.. Company එකේ  පළවෙනි Profit එක අපි දෙන්නා අතර බෙදුණු දවස අමුතුම සතුටක් දැනුනේ.. කලින් ජොබ් එක කරලා salary එක ගත්ත පලවෙනි දවසේ දැනුණු සතුටට වඩා සිය දහස් ගුණයක සතුටක් අමුතුම හැඟීමක් සිත වෙලාගෙන තිබ්බා..

කාලෙකට පස්සේ අපි දෙන්නා වික් එන්ඩ් එකක් නිවාඩු ගත්තා .. ඒ වික් එන්ඩ් එකේ සෙනසුරාදා හවස පවන් මට කෝල් කළා ...

හර්ෂයෝ උඹ හෙට මුකුත් වැඩක් දාගෙන ද ?
නෑ බං මුකුත් නෑ .. මොකෝ සීන් එක ?
හෙට උදේ පොඩි ගමනක් යමුද මා එක්ක ?
යමන් යමන් ... මම එන්නම් .. කොහෙද?
යමන්කෝ යන ගමන් කියන්නම් ... මගේ බයික් එකේ යමන් .. 9.30 විතර ලෑස්ති වෙලා හිටපන්...
ඔකෙස් ...
එළකිරි එහෙනම් මම තිබ්බා.. නාගන්න යන්න ඕනේ...
අම්මෝ පල  එකනම් හොඳ වැඩක්.. ගමට සේවයක් ..
පල &^%$ යන්න... මම යනෝ බායි ..
බායි බායි ...

ජනේලෙන් එහාපැත්තෙ තාප්පේ උඩ ලේන්නු දෙන්නෙක් රණ්ඩු වෙනවද කොහෙද කෑ ගැහිල්ලට යන්තම් ඇහැරුණා ඔළුව් මේ පැත්තට හරවලා අයේ නිදා ගන්න යද්දී මුණට ඉර අව්ව වැටුනා..
අම්මට සිරි වෙලාව කීයද .. 8.50  හුටා .. පවනා කොහෙද යන්න කතා කලානේ .. මගුලයි.. දඩ බඩ ගාලා නැගිට්ට .. කුස්සියට දිව්වා තේ එක බීවා.. බාත් රුම් එකට රිංග ගත්තා ..

පුතා අන්න පවන් පුතා ඇවිත් හෝන් ගහනවා ..  මම බාත් රුම් එකේදී අම්මා කෑගහනවා ..
අනේ අම්මේ ඌට පොඩ්ඩක් ගෙට ඒන්න කියන්නෝ.. මම ලෑස්ති වෙනවා කියලා ...

යකෝ තොට ලෑස්ති වෙලා ඉන්න කියලා නේ කිවේ.. පවන් කාමරේට ඇවිල්ලා කෑ ගහනවා ..
නින්ද ගියා බං .. හිටපන් නාලා ඉවරයි.. විනාඩි 2යි ඇඳ ගත්තා අවා ..
නොදොකින් තෝ...  උලමා ..

 බාත් රුම් එකෙන් ඇවිල්ලා අම්මා මැදලා ගෙනල්ලා තියපු ටි ෂර්ට් එක ඇඳගෙන රැක් එකේ තිබ්බ ෂොට් ගත්තා අදින්න අතට ..
ෂෝට අදින්න එපා යකෝ ... ඩෙනිම දාගනින් ..
මොකද්ද බං.. අපි කොහෙද යන්නේ ... හිටපිය එහෙනම් .. ඩෙනිම දාගෙන එන්නම් ...හරි යමන්.. අම්මේ අපි යනෝ ..
උදේට කන්නේ නැද්ද ළමයෝ .. කොහෙද මේ දෙන්නා උදෙන්ම යන්නේ ..
බෑ අම්මේ මුට පරක්කු ලූ .. යන ගමන් මොනා හරි කන්නම් ...
ඇන්ටි අපි යනවා එහෙනම් ..
හරි පුතාලා පරිස්සමින් ගිහින් එන්න.

බේස්ලයින් එක දිගේ ඇවිත් කැළණි පාලමෙන් නුවර පාරට දාද්දි මම ඇහුවා ..
පවන් කියපන් කෝ අපි කොහෙද යන්නේ කියලා..
කෙල්ලක් බලන්න .. වරෙන් ගිහින්ම බලමු ...
ඈ මොකද්ද කිවේ .. අනේ පල යන්න බයිලා නොගහා .. කියපිය කෝ ..
පවන් හිනා උනා විතරයි ...
මුට මම හිතින් බැන බැන .. යමන් කෝ යන දෙවාස්තානෙක කියලා හිටියා...

පැයක විතර ගමනකින් පස්සේ පවන් එක ගෙදරක් ඉස්සරහ නැවැත්තුවා.. සාමාන්‍ය පොඩි ගෙයක් ලස්සනට මල් වවපු මිදුලක් එක්ක.. ඉස්සරහ O/L , A/Lකරන වයසේ වගේ පිරිමි ළමයෙක් හිටියා ..

පවන් හෙල්මට් එකයි ජැකට් එකයි ගලවලා බයික් එක උඩින් තියලා පඩිය බැහැලා ඉස්සරහට යද්දී මමත් උගේ පස්සෙන් ගියා ..

අයියලා කාවද බැලුවේ?
මල්ලි අක්කා ඉන්නවා ද ? අපි අක්කගේ පරණ යාලුවෝ වගයක් ..
අක්කේ මෙන්න යාළුවෝ වගයක් ඇවිල්ලා .. මල්ලි කතා කරගෙනම ගේ ඇතුලට ගියා ...

"කවුද මල්ලි" ගේ ඇතුලෙන් ආපු හුරු පුරුදු කටහඬ එක්ක වටේ පිටේ සිරි නරඹා නරඹා හිටිය මට ගේ ඇතුල දිහා බැලුනා ...        
දෙවියනේ "කන්කානම් මුදියන්සේලාගේ හංසිනි පවනි චතුරිකා" ගේ ඇතුළෙන් මුණ මතු වෙද්දීම මගේ හිත ඇතුලේ මුළු නමම මතකෙට අවා ... පවන්ගේ මුණේ ලස්සන හිනාවක් ඇදිලා ..

දෙවියනේ පවන්, හර්ෂ, කොහොමද ? කොහොමද ගේ හොයා ගත්තේ? මේ කොහේ යන ගමන් ද? එළියේ මොකෝ .. එන්න එන්න වාඩි වෙන්න ..  

කෙල්ල සම්පුර්ණයෙන්ම අන්දොස් .. ප්‍රශ්න ගොඩයි .. එකී විතරක් නෙමේ මමත් ෆුල්ම අන්දොස් ..

අපි ගිහින් ඉස්සරහ තිබ්බ පුටු දෙකකින් වාඩි උනා ....

මතු සම්බන්දයි

                                                                                                    අවසාන කොටසට
 



Saturday, May 11, 2013

~~ වසන්තය පිපෙන තුරු 05 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~

එදායින් පස්සේ අපි හැමදාම බස් එකේ යන්න පුරුදු උනා ...ආතල් එකේ ඒසි එකේ ආපු කාලේ ඉවරයි ..මමත් හිතින් බැන බැන යාළුවා වෙනුවෙන් කට්ට කන්න ගත්තා.. පවන් පුළුවන් තරම් හංසිව මග ඇරලා හිටියා. බස් ස්ටෑන්ඩ් එකේදී හංසි එනවා දැක්කොත් මාවත් ඇදගෙන කඩේකට රිංගනවා මිසක් හංසිට පෙන්න හිටියේ නැ. එත් දවසක් අපි බස් එකෙන් බැහැලා එද්දී මම හංසි එනවා දැක්කා. හැබැයි ප්‍රමාද වැඩි...

"පවනා අන්න හංසි" කියලා කියන්න හදලා කට වහගත්තේ මොන මගුලක් ද හැමදාම හැඟෙන්නේ වෙන දෙයක් වෙයි නේ කියලා මම කට වහ ගත්තා. හංසි ලඟට එනකම් පවන් දැක්කෙත් නැ ..

ගුඩ් මොර්නින්ග් පවන් .. හර්ෂ .. මොකද මේ පැත්තේ ...
ගුඩ් මොර්නින්ග් හංසි ... ආ මේ මේ අපි යාලුවෙක් හම්බු වෙන්න අවා .... පවන් කිව්වා ...
කවුද කෙල්ල්ක්ද ... හේ හේ හේ
ඉස්සරනම් අවා කෙල්ලක් බලන්න දැන් නම් එන්නේ නැ .. කිව්වේ නැ මගේ කටින් පැන්නා ... පවනායි හංසි දෙන්නාම මාව කන්න වගේ බැලුවා ..
හරි පවන් එහෙනම් හම්බුවෙලා එන්න කෝ යාළුවාව මම යනවා කාල්ස් එකට ...
අමුතු විදිහට කියලා එකී යන්න ගියා ...

ශී බලපන්කො දැක්කේ නැනේ බං ලඟට එනකම්ම...
ඇයි වෙනදා වගේ හැංගෙන්නද ? මොන හුයන්නකට ද යකෝ අපි හැඟෙන්නේ ....
නැ බං ඒකිගේ පස්සේ එනවා කියලා වැරදියට හිතයි කියලා .. අනික මොකද්ද බුරුවො අර කියපු කතාව...
අඩේ සොරි බං හිතලා කිවේ නැ.. දන්නවා නේ සමහර වෙලාවට මගේ කටට බ්රේක් නැ බං
හ්ම්ම් හරි හරි යමන් දැන් ක්ලාස් එකට ... විනාඩි 5 විතර පස්සේ අපිත් ක්ලාස් එකට ගෑටුවා ..

කොහොමන් කොහොම හරි පවන් වෙනස්වෙන්න ගත්ත විත්තිය මට තෙරෙද්දී ඒ වෙනස හොඳ පැත්තට බව    තේරෙන්න එක සිදුවීමක් උනා ....


සෙනසුරාද දවල්ට කාලා මම ආතල් එකේ නින්දක් දාගෙන ඉද්දි එක පාරට මාර්ක් ඇන්ටනි කණ අස්සේ Let  it Rain Over me කියලා කෑගහන්න ගත්තා ... ලාවට ඇහැක් ඇරලා නො බැලුවාම පවන්ගේ ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එක...
ඇස් දෙක අරින්නේවත් නැතිව ෆෝන් එක කණ උඩ තියන් මම අන්සාර් කරා
ඇයි බං ....
හර්ෂ පුතා පවන්ගේ අම්මා කතා කරන්නේ ..
එක ඇහුනා විතරයි හාන්සි වෙලා හිටිය මාව කෙලින් උනා ඒ පාර මොන මාරලයක් ද පාත් වෙන්න යන්නේ කියලා හිතිලා ..
ආ ඇයි ඇන්ටි ....
සොරි පුතා නිදන් නේද හිටියේ....
ආ එකට කමක් නැ ඇන්ටි .. මම මේ නිකන් ඇදට ආවා නින්ද ගියා ...
පුතා මම මේ කතා කලේ අපේ පුතාට මොකක් හරි ප්‍රශ්නයක් ද ?
ඇයි ඇන්ටි එහෙම ඇහුවේ ?
නැ පුතා වෙනදාට මම කොච්චර කිවත් Clubbing යන්න එපා කියලා අහන්නේ නැති කෙනා .. මම අහගෙන ඊයේ යාලුවෝ ඇවිත් කතා කලත් ගියේ නැ.... වෙනදා වගේ නෙමේ ..කාමරේ වැඩි හරියක් ඉන්නේ ... මම ඇහුවාට කියන්නෙත් නැ... මොකක් හරි ප්‍රශ්නෙකද පුතා එයා ඉන්නේ ?
අනේ නැ ඇන්ටි එහෙම කිසිම ප්‍රරශ්නයක් නැ .. Exam එක ලඟයි නේ ඇන්ටි එකයි .... මාත් එක්ක කිවා ටිකක් පාඩම් කරන්න ඕනේ කියලා ..
අනේ මන්දා පුතා මට කොල්ලාගේ වෙනසක් තේරෙනවා... එකයි මම මේ ඇහුවේ ... පොඩ්ඩක් හොයලා බලන්න ඔයාලා පොඩි කාලේ ඉදලා දන්නවා නේ ...
හරි ඇන්ටි බය වෙන්න එපා එහෙම දෙයක් නැ...

ඉතුරු මාස දෙක තුනත් විශේෂයක් නැතිව ගෙවිලා ගියා... Exam එක ලියලා ඉවර උන දවසේ අපි ඔක්කොම සැහැල්ලුවෙන් හිනා වෙලා හිටියත් .. පවන්ගේ ඒ හිනාව අස්සේ එලියට පෙන්නනේ නැති දුකකුත් තිබුනා කියලා මම දැනන් හිටියා.....
ක්ලාස් ඉවර වෙලා පොඩියට තිබුණු පාර්ටි එක ඉවර වෙලා අපි හැමෝම සමුගද්දි පවනියි ෂෙහාරායි අපි ඉන්න තැනට අවා ...
ඇවිල්ලා අපිට කතා කරලා සමුගන්න යද්දී පවන් මට ඇහැක් ගැහුවා .. මට තේරුනා මූට තනියම කතා කරන්න ඕනේ කියලා .. මම ශේප් එකේ ශේහරායි අනික් සෙට් එකයි අරන් පොඩ්ඩක් එතනින් එහාට ගිහින් පවනට පොඩි චාන්ස් එකක් දුන්නා ..

තාමත් ඔයාගේ උත්තරේ වෙනසක් නැද්ද හංසි ....
හ්ම්ම්ම් නැ පවන් ... මම එදත් කිවේ මම දැන්ම ඔය මුකුත් හිතන්නේ නැ කියලා... ඔයාට අකමැති හින්දා නෙමේ .. ඔයා හොඳ කොල්ලෙක් මට තේරෙනවා .. අදින් පස්සේ ඉතින් අපි හම්බුවෙන එකක් නැ .. මාව දකින්නේ නැතිව කාලයක් ගියාම මේ ඔක්කොම අමතක වෙයි ..
එකනම් වෙයි කියලා හිතන්න අමාරුයි හංසි ... එක ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් මාව මතක තියාගෙන ඉන්න ... අමතක කරන්න එපා ..දවසක අයේ අපි හම්බු වෙයි ... එච්චරයි මම ඉල්ලනේ...
එහෙම වෙන්නේ නැ පවන්.. ඔයා මම ඉල්ලපු දේ ඉටු කළා .. ඔයා වගේ කෙනක් එහෙම අමතක වෙන්න නම් මම මැරිලා උපදින්න ඕනේ.. එත් මම ඔයාට කියන්නේ මාව අමතක කරලා දාන්න ...

එහෙනම් මම යන්නම් පවන් ... අනම් මනම් හිතන්නේ නැතිව අනාගතේට වැඩක් කර ගන්න පවන්.. පරිස්සමින් ඉන්න ...බුදුසරණයි...
හ්ම්ම්ම් හා හංසි ... බුදුසරණයි .. ඔයත් පරිස්සමින් ...



කාලය ඔහොම ගෙවිල යද්දී අපි දෙන්නා ප්‍රෝග්‍රෑම්න් කොර්ස් එකක් කරන්න සෙට් උනා .. අවුරුද්ද කින් අපි එකත් ඉවර කරලා .. පවන් ගේ තාත්තා ගේ යාලුවෙක් ගේ කම්පනියක ජොබ් වලට සෙට් උනා... අපි එතැනත් අවුරුද්දක් විතර වැඩ කළා ... දවසක් ..

හර්ෂයා ... උඹ ගාව ඉතුරු කර ගත්ත සල්ලි තියෙනවා ද ?

මොකෝ බං ? ටිකක් ඇති ...

පොඩි අයිඩියා එකක් තියෙනවා මගේ... අපි දෙන්නා පටන් ගමුද බිස්නස් එකක් .. Software Solution කම්පැනි එකක් ..

අම්මට සිරි පට්ට අයිඩියා එක .... කරමු මචං .. දැන් බලහන් අපි Develop කරපු Software ටිකට කස්ටෝගෙන්  ඔක්කොම අවේ Positive Feed backs නේ බං ... අපිට කරන්න පුළුවන් වෙයි .... එත් බං අපි දෙන්නා ගාව තියෙන ඒවා ඇති වෙයිද ? මදි උනොත් උඹට තාත්තාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් නේ බං ..

නැ බං .. මට ඕනේ තනියම කරන්න තාත්තාගෙන් නැතිව.. උඹලාගේ අයියාට කියලා බෑන්ක් ලෝන් එකක් සෙට් කර ගන්න තමා අයිඩියා එක තියෙන්නේ ....

හරි අවුලක් නැ .. මම කතා කරන්නම් අයියාට.. පස්සේ අපි දෙන්නා ගිහින් කතා කරමු.. මම දන්නා තරමින් Business Registration / Proposal එහෙම ඕන වෙනවා ..

හරි එව්වා හදමු .. උඹ මගේ පාට්නර් වෙනවද .. උඹ මාත් එක්ක එනවා ද ?

ඕක අහන්න දෙයක්ද යකෝ.. අපායට හරි යමන් මම එනවා ...

පාසල් ජීවිතෙන් සෙල්ලකාර ජීවිතෙන් සමු අරන් ජිවිතේ අළුත් පිටුවක් පෙරලන්න යන ඒ පිටුවේ මටත් ලොකු තැනක් දුන්නු මගේ ෆ්‍රෙන්ඩා ගැන අවංක හද පිරි සතුටකින් පවන් ගේ කරට අත දාගෙන මම කිවා ...

                                                       මතු සම්බන්දයි 



                                                                                                         හයවැනි කොටසට