Thursday, November 1, 2012

~~ අහිමි මොහොතක් ~~

මහා වැස්සක
කුඩේ යටින්
ඈ ගෙන ගිය 
සොදුරු මොහොත 
හිමි නැ අද 

මහා වැස්සට
තුති කරමින් 
හඬන දෑස
නොපෙන්නට   
මා යනවා  
අද විගසින් 

8 comments:

  1. වැස්සට හැමදෙන බනිනා කාලේ
    තුති දෙන ඔබ මා අගය කරන්නේ
    පණුච්චි හැමදා බඩගා යන්නේ
    ඔබේ කවි ලියවිලි මරේ මරුයි නේ

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලස්සනම ලස්සනයි...

    නැගෙනා කඳුළු බිඳු
    ඇය නොදකිනා සඳ
    කඳුල පිසදා
    නැගෙන සිනහව
    හැර ගිය ඇයට නොව
    ළඟ හිඳිනා අපට වටී...

    ReplyDelete
  4. මල් මල් හිරිපොද
    වැටෙනා සවසක
    හිත හිරිවට්ටන
    නුඹේ සුවදත්
    හද තරුළු කරන් මට
    මේ මල් වැස්සේ
    මල් කුඩයක් යට
    අත් වැල් අල්ලන්
    ඇවිදන් යන්නට
    නුඹ හිටියා නම්
    අදත්
    එදා වගේ
    මගේ ලඟින්...
    .
    .
    .
    .
    .
    .
    .
    කොච්චර ලස්සනද එහෙමනම් මේ හැන්දැව නේද???


    ReplyDelete
  5. ලස්සනයි කව් සිතුවිලි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete