Thursday, January 10, 2013

~~ වසන්තය පිපෙන තුරු 04 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~

ඉතින් හංසි ...
පවන් ඔයා ඇයි මට කැමති ?
ම්ම්ම් ඔයා ලස්සනයි.. අහිංසකයි... බොරු සෝබන නැ ... එක හින්දයි මට හිත ගියේ ....
වෙන මොනාද ඔයා මම ගැන දන්නේ ??
ඉන්නේ කිරිදිවැල ..තව ස්කොලේ යන මල්ලි කෙනක් ඉන්නවා .. ඔය වගේ දේවල් තමා ..
හ්ම්ම් හරි මම තව ප්‍රශ්නයක් අහන්නද ? ඔයාට දවසකට මේ ක්ලාස් එකට එන්න වියදම කියක් විතර යනවා ද?
ඔව්වා මොකටද ළමයෝ ..
උත්තර දෙන්න කෝ ..
ම්ම්ම් ඉන්න බලන්න ... කන්න බොන්න යාළුවො එක්ක කොහොමත් 500 - 700  අතර වගේ යනවා ...

හ්ම්ම්ම් ඔයා දන්නවද පවන් දවසකට මට වියදම් කරන්න පුළුවන් ගාන.. මගේ අතේ තියෙන්නේ බස් එකේ යන්න එන්න රු 80 හැරුනාම තව රු 50 විතරයි .... මම මේ කොර්ස් එක කරන්න ක්ලාස් එකට වියදම් කරන්නෙත්  හරි අමාරුවෙන්.. ඔයාලට වගේ මට සල්ලි නැ පවන් ...
සමහර විට ඔයා බස් එකේ ගිහින් නැතුව ඇති ජීවිතේටම... ඔයා සැපට විනෝදෙට හැදිච්ච කොල්ලෙක් ... ඔයාට කෙල්ලක් එක්ක යාළු වෙනවා කියන්නේ අත අරිනවා කියන්නෙත් බොහොම සුළු දෙයක් ...

හංසි ඔයා ඔය කියන්නේ මගේ හිටිය girl friends ලා ගැනනේ ... ඇත්ත මට කලින් කීප දෙනෙක්ම ඉදලා තියෙනවා ..ඒ එක කෙල්ලක් වත් ඔයා වගේ නැ ..ඔයාට මම කැමති කිවේ ඒ විදිහට යාලු වෙලා අත අරින්න නෙමේ හංසි .. උන්ට ඕනේ විනෝදය විතරයි.. මමත් විනෝද උනා... නැ කියන්නේ නැ .. එත් දිග relationship එකක් ගෙනියන්න තරම් උන් එකෙක්වත් වටින්නේ නැ ..එකයි අත ඇරියේ.. ඔයාටත් එහෙම කරයි කියලා හිතලා මට අකැමැති කියලා කියන්න එපා කෙල්ලේ ....

හ්ම්ම් ඔයාට කිව දේ තේරිලා නැ පවන්... ඔයා දන්නේ නැද්ද අපි ඉන්නේ ලෝක දෙකක කියලා... මට තියෙන්නේ පුංචි අහිංසක ලෝකයක් ..ඒ ලෝකෙයි ඔයාගේ ලෝකෙයි අහසට පොලව වගේ ...      
මගේ ලෝකේ ඇතුලේ ඉන්නේ මගේ දුක් විදින අප්පච්චියි  අම්මයි ..තාම ඉගෙනගන්න මල්ලියි විතරයි...ඒ ලෝකෙට තව කෙනක්ව දැන්ම මට කොහොමත්ම ඇතුල් කර ගන්න බැ පවන් ...

මගේ එකම බලාපොරොත්තුව මේ එක්සැම් එක කරගෙන  මොකක් හරි ජොබ් එකක් හොයන් මගේ පවුලට හයියක් වෙන එක .. මොකද මේක ෆේල් උනොත් තව පාරක් කරන්නවත් වියදම් කරන්න ඔයාලගේ අප්පච්චිලාට වගේ මගේ අප්පච්චිට සල්ලි නැ පවන් ....

exam එකට තව මාස 3 - 4 තියෙන්නේ ... ඔයාලගේ මේ විහිළු මේ දේවල් හින්දා මට හරියට පාඩම් වලට හිත යොමු කරන්නත් බැ පවන් ..
අනේ ප්ලීස් පවන් ..  මේ කරන දේවල් නවත්තන්න. ඔයාගේ යාළුවෝ සෙට් එකටත් කියන්න ...  මම ගැන හිතනවා නම් එක කරන්න ....
දැන් යමු ක්ලාස් එකට.... පටන් ගන්නත් කිට්ටුයි නේ ....

හ්ම්ම්ම්....ඔයා යන්න මම එන්නම් හංසි....


පවන් එදා ක්ලාස් එක පටන් ගන්නකම් අවේ නැ ...ඉන්ටවල් එකේදී කැන්ටින් එකේ අපිට ඌව සෙට් උනා....
මොකෝ බං උනේ ..ඇයි උඹ ක්ලාස් එකට අවේ නැත්තේ ..පවනි මොනාද කිවේ ..රෝයිටරයා ඇහුවා .....

පවනා විස්තරේ කිවා.... කියලා අයේ ඒකිට මුකුත් කියන්න යන්නත් එපා කියලා අපිට කිව්වා ..

මොන හුයන්නක් ද .... බොරු බයිලා මුන්ගේ ..අඩෝ රෝහානයා අහපන් ශෙහානාගෙන් ඔකිගේ අරක රත්තරන් ද කියලා ...  ජගා මල පැනලා කියෙව්වා..

නැ නැ උඹලා වෙන මුකුත් අහන්න කරන්න එපා.. එක ඉවරයි දැන් ... වෙන කෙල්ලෝ නැද්ද බං මට .. අපි වෙන එකකට බහිමු .. ඉවරනේ ...
ඒ මට කම්මැලි බං ක්ලාස් එකට යන්න දැන් ඉතින් අද .. උඹලා පලයල්ලා..

මටනම් යන්න වෙනවා බං ...නැත්තම් ඉතින් අරකිගේ බර බරේ ... ඉවරවෙලා මොනවද ගන්න යන්නත් ඕනේ කිවා .. වලක් බහින්න තිබ්බා නම් එල තමා ඉතින් ..රෝහානයා කිව්වා ...
මටත් යන්න වෙනවා බං .. මේ ටික පොඩ්ඩක් තේරෙනවා මදි .. අහගන්න වෙනවා හොඳට .. ජගාත් කිවා ...

හරි උඹලා පලයල්ලා මම යනවා පවනා එක්ක.. මගේ පොත් ටික අරන් වරෙන් එද්දී හරිද .. දැන් ඇතුලට ගියොත් අයේ පැන ගන්න වෙන්නේ නැ ... මම පවන් එක්ක යන්න සෙට් වුනා මොකද ඌ අවුලෙන් හිටියා කියලා මට තේරුනා .. හැබැයි ඌ එක උඩින් පෙන්නුවේ නැ ....

මෙච්චර කාලෙකට මට මේවගේ කෙල්ලක් හම්බුනාමයි බං හර්ෂ. උඹ මාව පොඩි කාලේ ඉඳලා දන්නා එකා..  උඹට තේරෙනවානේ මට අවුල් කියලා ..උඹ නොකිවාත් උඹ මාත් එක්ක අවේත් එකයි.. හංසිව අමතක කරන්න අමාරු වෙයි ... යද්දී පවන් මට මුළු ස්ටෝරියම කියන ගමන් කිවා...

සමහර විට පවන් අමාරුවෙයි .. එහෙම නැති වෙන්නත් පුළුවන්.. උඹ දන්නවා නේ මගේ කෙස් එක.. මම කොහොමත් සිරා ලව් කරපු එකානේ .. දැන් බලපන් මට ගානක් නැ .. කාලයත් එක්ක ඕවා අමතක වෙනවා. හැබැයි එකී කියපු එක දෙයක් හරි Exam එකට තව මාස 3-4 යි .. ට්‍රයි එකක් දීලා ගොඩ යමු එක සැරේ ... අනික වෙන දෙකට හිත යොදවනවා කියන්නේ ඔය දේට හොඳ බෙහෙතක් බං .. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

අපි බලමු... මුඩ් ගැසීම මගේ ස්ටයිල් නෙමේනේ.. කොහෙවත් යන්න බැ වගේ බං.. ගෙදර යමු..


ඊළඟ සතියේ උදේ පවන් මට ක්ලාස් යන්න  කලින් වරෙන් කියලා මැසේජ් කරලා තිබ්බා ..මමත් ඉතින් පැය 1/2 කලින් උගේ ගෙදරට ගියේ ගිය සතියේ ටික ලියා ගන්න කලින් යන එක හොදයි කියලා හිතන් ..

මම යද්දී රණසිංහ අංකල් කෑම කනවා..  ආ හර්ෂ පුතා ... කොහොමද .. කලාද? එන්න ඉදිඅප්පයක් කමු..
අනේ එපා අංකල් මමත් දැන් කළා ගෙදරින් එලියට බැස්සේ ..

ආ හර්ෂ උඹ අවාද.. යමන් එහෙනම් ....

පුතා අද කලින් නේද ...සිරිදාස ඇවිල්ලත් නැ තාම .. යන්නේ කොහොමද ...

ආ නැ අප්පච්චි හර්ෂගේ අයියා කාර් එකේ වැඩට යනවා.. එයත් එක්ක යනවා ..

ඈ ..

අහ එහෙමද .. හර්ෂ, කව්ද ගයාන් පුතාද ..
ආ මේ ඔව් අංකල් ..

අපි යනවා අප්පච්චි ...  යමන් ..

ඈ බුරුවො මොකද්ද ඒ උනේ... අපේ අයියා ගිහින් දැන් කොයි වෙලේද බං .. දැන් ඉතින් අහවල් එකේද යන්නේ.. ක්ලාස් නෙම්ද යන්නේ අද ...
ක්ලාස් තමා බං .. බස් එකේ යමන් ..
හෑ බස් එකේ .. ඒ මොකෝ
ඇයි මොකෝ මට බස් එකේ යන්න බැරිද .. ගියාම මොකෝ වෙන්නේ ...
හ්ම්ම් යමන්කෝ ..

මොකක් නමුත් පෙරළියක ආරම්භයක් විත්තිය මට දැනෙන්න ගත්තා .. පවන් කියන්නේ කොච්චර පිස්සු කෙලියත් ලේසියෙන් .. හිතේ තියෙන හැම එකක්ම එලියට දාන එකෙක් නෙමේ කියලා මම හොඳටම දන්නවා.. කොහොම උනත් පෙරළිය හොඳ එකක් වේවා කියලා හිතන් බස් ස්ටෑන්ඩ් එක අවා ...

මතු සම්බන්දයි 

                                                                                        පස්වැනි කොටසට 

11 comments:

  1. මරු ඈ...ඊළඟ එකත ඉක්මනට දාන්න..

    ReplyDelete
  2. ලස්සනයි සයිමෝ.
    කියන්න තරම් අඩුපාඩුවක් නෑ.කතාව ඔක්කොම දැම්මට පස්සේ මුල ඉඳං කියවලා තමා අඩුපාඩු කියන්න වෙන්නේ.
    ඒ නිසා ඉතුරු ටික ඉක්මනට දාහන්. :p ;)

    ReplyDelete
    Replies
    1. හුටා .. මේ ඔක්කොම එක පාර ලියන්න ගත්තානම් මාව එලවනවා ඔෆිස් එකෙන් ... ඊළඟ එක බොහෝදුරට අවසන් එක වෙයි .. ඊට පස්සේ කියන්න කෝ එහෙනම් ..

      තැන්කු වේවා !!!

      Delete
  3. කලින් පාර කියෙවුවෙ 4 වෙනි කොටස නේද.. මට අංක පැටලෙනවා මේකේ හැමදාම..
    කියවන්න බලාගෙනම ඉන්න නිසාද කොහෙද..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  4. ඈ ... ඔය උඩින් තියෙන්නේ ලස්සනට 1 2 3 කියලා ... (ඔෆිස් එකේ අයිස් ගහපුවාම පොඩ්ඩක් ඔළුව අවුල් වෙනවා ලූ )
    තැන්කු මොනා උනත් !!!
    ;) ;)

    ReplyDelete
  5. පවන් පට්ට ගේමකට සෙට් වෙනවා නේ.....
    එල එල

    ReplyDelete