Thursday, May 23, 2013

~~ වසන්තය පිපෙන තුරු 06 ~~


පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~
~~ වසන්තය පිපෙන තුරු 05 ~~

ඊලඟ සති දෙකේ office ඉවර වෙලා ඇවිත් අපි දෙන්නා කරේ බිස්නස් එකට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්න එක  බිස්නස් එක සැලසුම් කරන හැටි.. බිස්නස් එක රේජිස්ට්ර් කරන්න අවශ්‍ය ඇප්ලිකේෂන් , ලෝන් ඇපිලිකේෂන් එහෙම ගෙනල්ලා සුදානම් උනා ..
අපි දෙන්නා අතේ තියෙන සල්ලි දාලා රෙන්ට් එකට පොඩි ඔෆිස් ස්පේස් එකක් ගත්තා... අවශ්‍ය මැෂින් කීපයකුත් අරගෙන බිස්නස් එක ස්ටාට් කරන්න පුළුවන් තත්වෙට අවා..
ඊලඟට නමක්... නමක් හොයන්න මාර ගේමක් දෙන්න උනා අන්තිමට කල්පනා කරලා කරලා "Nano Soft Solution " කියලා අපේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන් උනා ...
අයියාගේ හෙල්ප් එකෙන් ඇප්ලිකේෂන් එක පුරවලා අවශ්‍ය ඩොකියුමන්ට් හරි විදිහට හදා ගන්න පුළුවන් උන නිසා ඉක්මනටම ලෝන් එකේ වැඩේ කරගත්තා ...


මාස දෙකක් වෙද්දී සියල්ල සුදානම් ... හොඳ නැකතක් බලලා සුබ මොහොතින් අපේ ගෙවල් දෙකටම කියලා   දෙමාපියන්ගේ ආශීර්වාදය මත හාමුදුරුවෝ නමක් ගෙනල්ලා පිරිතක් කියලා අපි Nano Soft එක පටන් ගත්තා. ඕපනින් එකට අපේ පවුල් දෙකේ කට්ටියට අමතරව අපි දෙන්නා ජොබ් එක කරපු තැන බොස්ටත් ඉන්වයිට්  කලා .. කිරිබත් කැවුම් එක්ක පොඩි තේ මේසයක් අම්මලා ලෑස්ති කරලා තිබ්බා.. තේ බිලා ඉවර වෙලා හැමෝම සුබ පතලා ඉවර උනාම,

අපිව පුදුම කරමින් බොස් අපිට මෙන්න ඔයාලට ඔයාලාගේ ගමන සාර්ථක වෙන්න කියලා අපිට එහෙට ආපු පොඩි Contract එකක් දුන්නා ...

එහෙම පටන් ගත්ත Nano Soft එක අපි දෙන්නගේ මහන්සියෙන් බලන් ඉද්දි හොඳ තැනකට අවා ... Marketing පැත්ත පවන් බලද්දී Development පැත්ත මම බැලුවා .. මාස 6 වෙද්දී අපි 5 දෙනක් ගෙන් පටන් ගත්ත එක 20 දෙනක් වැඩට අරන් වැඩ කරන්න තරම් අපිට Jobs අවා... පටන් අරන් අවුරුද්දකට කිට්ටු වෙන්න අවා .. අපි කලින් වැඩ කරපු තැන Sub Contract ගන්න පුළුවන් උනා වගේම Singapore Company එකකත් Sub Contract ගන්න පුළුවන් වෙච්චි එක අපි ලබපු ලොකු ජයග්‍රහණයක් වුනා .. එක දිගට දෙන්නම සැහෙන්න වැඩ වලින් සැහෙන්න හෙම්බත් වෙලා හිටියත් අපේ මහන්සියෙ ඵල නෙලද්දී දැනුනු සතුටෙන් ඒ මහන්සිය නැතිව ගියා.. Company එකේ  පළවෙනි Profit එක අපි දෙන්නා අතර බෙදුණු දවස අමුතුම සතුටක් දැනුනේ.. කලින් ජොබ් එක කරලා salary එක ගත්ත පලවෙනි දවසේ දැනුණු සතුටට වඩා සිය දහස් ගුණයක සතුටක් අමුතුම හැඟීමක් සිත වෙලාගෙන තිබ්බා..

කාලෙකට පස්සේ අපි දෙන්නා වික් එන්ඩ් එකක් නිවාඩු ගත්තා .. ඒ වික් එන්ඩ් එකේ සෙනසුරාදා හවස පවන් මට කෝල් කළා ...

හර්ෂයෝ උඹ හෙට මුකුත් වැඩක් දාගෙන ද ?
නෑ බං මුකුත් නෑ .. මොකෝ සීන් එක ?
හෙට උදේ පොඩි ගමනක් යමුද මා එක්ක ?
යමන් යමන් ... මම එන්නම් .. කොහෙද?
යමන්කෝ යන ගමන් කියන්නම් ... මගේ බයික් එකේ යමන් .. 9.30 විතර ලෑස්ති වෙලා හිටපන්...
ඔකෙස් ...
එළකිරි එහෙනම් මම තිබ්බා.. නාගන්න යන්න ඕනේ...
අම්මෝ පල  එකනම් හොඳ වැඩක්.. ගමට සේවයක් ..
පල &^%$ යන්න... මම යනෝ බායි ..
බායි බායි ...

ජනේලෙන් එහාපැත්තෙ තාප්පේ උඩ ලේන්නු දෙන්නෙක් රණ්ඩු වෙනවද කොහෙද කෑ ගැහිල්ලට යන්තම් ඇහැරුණා ඔළුව් මේ පැත්තට හරවලා අයේ නිදා ගන්න යද්දී මුණට ඉර අව්ව වැටුනා..
අම්මට සිරි වෙලාව කීයද .. 8.50  හුටා .. පවනා කොහෙද යන්න කතා කලානේ .. මගුලයි.. දඩ බඩ ගාලා නැගිට්ට .. කුස්සියට දිව්වා තේ එක බීවා.. බාත් රුම් එකට රිංග ගත්තා ..

පුතා අන්න පවන් පුතා ඇවිත් හෝන් ගහනවා ..  මම බාත් රුම් එකේදී අම්මා කෑගහනවා ..
අනේ අම්මේ ඌට පොඩ්ඩක් ගෙට ඒන්න කියන්නෝ.. මම ලෑස්ති වෙනවා කියලා ...

යකෝ තොට ලෑස්ති වෙලා ඉන්න කියලා නේ කිවේ.. පවන් කාමරේට ඇවිල්ලා කෑ ගහනවා ..
නින්ද ගියා බං .. හිටපන් නාලා ඉවරයි.. විනාඩි 2යි ඇඳ ගත්තා අවා ..
නොදොකින් තෝ...  උලමා ..

 බාත් රුම් එකෙන් ඇවිල්ලා අම්මා මැදලා ගෙනල්ලා තියපු ටි ෂර්ට් එක ඇඳගෙන රැක් එකේ තිබ්බ ෂොට් ගත්තා අදින්න අතට ..
ෂෝට අදින්න එපා යකෝ ... ඩෙනිම දාගනින් ..
මොකද්ද බං.. අපි කොහෙද යන්නේ ... හිටපිය එහෙනම් .. ඩෙනිම දාගෙන එන්නම් ...හරි යමන්.. අම්මේ අපි යනෝ ..
උදේට කන්නේ නැද්ද ළමයෝ .. කොහෙද මේ දෙන්නා උදෙන්ම යන්නේ ..
බෑ අම්මේ මුට පරක්කු ලූ .. යන ගමන් මොනා හරි කන්නම් ...
ඇන්ටි අපි යනවා එහෙනම් ..
හරි පුතාලා පරිස්සමින් ගිහින් එන්න.

බේස්ලයින් එක දිගේ ඇවිත් කැළණි පාලමෙන් නුවර පාරට දාද්දි මම ඇහුවා ..
පවන් කියපන් කෝ අපි කොහෙද යන්නේ කියලා..
කෙල්ලක් බලන්න .. වරෙන් ගිහින්ම බලමු ...
ඈ මොකද්ද කිවේ .. අනේ පල යන්න බයිලා නොගහා .. කියපිය කෝ ..
පවන් හිනා උනා විතරයි ...
මුට මම හිතින් බැන බැන .. යමන් කෝ යන දෙවාස්තානෙක කියලා හිටියා...

පැයක විතර ගමනකින් පස්සේ පවන් එක ගෙදරක් ඉස්සරහ නැවැත්තුවා.. සාමාන්‍ය පොඩි ගෙයක් ලස්සනට මල් වවපු මිදුලක් එක්ක.. ඉස්සරහ O/L , A/Lකරන වයසේ වගේ පිරිමි ළමයෙක් හිටියා ..

පවන් හෙල්මට් එකයි ජැකට් එකයි ගලවලා බයික් එක උඩින් තියලා පඩිය බැහැලා ඉස්සරහට යද්දී මමත් උගේ පස්සෙන් ගියා ..

අයියලා කාවද බැලුවේ?
මල්ලි අක්කා ඉන්නවා ද ? අපි අක්කගේ පරණ යාලුවෝ වගයක් ..
අක්කේ මෙන්න යාළුවෝ වගයක් ඇවිල්ලා .. මල්ලි කතා කරගෙනම ගේ ඇතුලට ගියා ...

"කවුද මල්ලි" ගේ ඇතුලෙන් ආපු හුරු පුරුදු කටහඬ එක්ක වටේ පිටේ සිරි නරඹා නරඹා හිටිය මට ගේ ඇතුල දිහා බැලුනා ...        
දෙවියනේ "කන්කානම් මුදියන්සේලාගේ හංසිනි පවනි චතුරිකා" ගේ ඇතුළෙන් මුණ මතු වෙද්දීම මගේ හිත ඇතුලේ මුළු නමම මතකෙට අවා ... පවන්ගේ මුණේ ලස්සන හිනාවක් ඇදිලා ..

දෙවියනේ පවන්, හර්ෂ, කොහොමද ? කොහොමද ගේ හොයා ගත්තේ? මේ කොහේ යන ගමන් ද? එළියේ මොකෝ .. එන්න එන්න වාඩි වෙන්න ..  

කෙල්ල සම්පුර්ණයෙන්ම අන්දොස් .. ප්‍රශ්න ගොඩයි .. එකී විතරක් නෙමේ මමත් ෆුල්ම අන්දොස් ..

අපි ගිහින් ඉස්සරහ තිබ්බ පුටු දෙකකින් වාඩි උනා ....

මතු සම්බන්දයි

                                                                                                    අවසාන කොටසට
 



9 comments:

  1. මේක කියවලා ආයිත් පරණ ඒවා කියවලා ආයිමත් මේක කියවන්න වෙයි මට නම්... හරි ඉක්කන්ට කතාව දානවා නේ මෙයා..

    ReplyDelete
    Replies
    1. අලේ දන්නවා නේ ඉතින් පහු ගිය කාලේ ප්‍රශ්න නේ අප්පා,... වැඩ ඔෆිස් එකේ ලියන්න වෙලාවක් නැ පණුවෝ .. අයේ පරණ ඒවා කියවලා එන්න හොඳේ ..

      Delete
  2. එලස් ඈ...ඉක්මනට ලියන්ඩෝ....

    ReplyDelete
  3. ටිකක් හරි වේලාසනින් මේ කොටස ආව වගේ අනික් කොටසත් දෙන්න ඇහ්.... ජයවේවා කිවුව....

    ReplyDelete
    Replies
    1. ඔව් ලබන මාසේ මුල දෙන්නම් හොඳේ ... තැන්කු ..

      Delete
  4. ඇති යන්තම් ආයේ ලියන්න මතක් වුනා.මැටි ඔටුවෙක්‌ ම තමා :@

    ReplyDelete
    Replies
    1. ෆල මොලී .. අපි ඉතින් දේශය ගොඩ නැගීම සඳහා වැඩ කරන ජනතාව නේ .. වැඩ අධිකයි ..

      Delete
  5. තෙරුවන් සරණයි!

    ReplyDelete