Friday, August 16, 2013

~~ මට ආසයි ~~






දළදා සමිදුනට නෙළුම් මලක් 
පුජා කරන්න 
වැල් බෝ සමිදුට බාර වෙන්න
වැව රවුමේ තුරු සෙවනක  
ගිමන් නිවා  
මට ආසයි 
ඇවිද යන්න නුඹත් එක්ක  


මුදු වෙරළේ 
සූදු පෙනරැළි මත 
නුඹ හා දඟකරන්න   
සවස් යාමේ මට ආසයි 
නුඹ අත ගෙන 
සිනමාවක රස විදිනට 


නිදි ලොව ඈ සරි සරද්දී 
සිනාවකින් මුව සරසවන්න
මට ආසයි 
ඇගේ නෙතු පියනේ 
සිහිනයක් වෙන්න 

8 comments:

  1. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ලොකු....

    ReplyDelete
  2. Replies
    1. අඩෝ හැබැහිනුත් පුළුවන් ඈ ...

      Delete
  3. නිදාගනිද්දි නිදාගන්න දියන් කිති කවන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. කුචි කැව්වේ කොහෙද බොලන්

      Delete