Friday, April 22, 2022

~~ නෙලා ගැනුමට ~~

 




ඈ මාගේ විශ්වවිද්‍යාල ප්‍රේමයයි, කිසිදිනෙක රන්ඩුසරුවල්ව වෙන් නොවූ තදින්බැදුනු ආදරයක් විවාහයකින් කෙරවල වෙන්න සිහින දැකපු අපේ නොගැලපුනු එකම කාරනය උන පවුල් පසුබිම නිසාම අපි මාවත් දෙකක යන්න ගත්ත තිර්ණය අදටත් මා විදවන කාරනයක්..


අවුරුදූ ගානනකට පසු ඈ මා රැකියා කරන සමාගමෙහිම වෙනත් අංශයක සේවයට බැදුනු බව ඇගේ සේයාරුවක් සමග පැමිණි ආයතනික ඊමෙල් පනිවිඩය සමග මා අතීතයේ මතක අතර අතරමංව බොහෝ වේලාවක් සැරිසරන්නට විය.

දෙදෙනාගේම එකගතාවය මත වෙන්ව යන්නට මත්තෙන් සියළු සමාජ මධ්‍ය තුලින් එකිනෙකා අවහිර කර දැමුවද වෙන්ව මාස කිහිපයක් යාමට මත්තෙන් මා ව්‍යාජ ගිනුමක් තුලින් ඇගේ මුහුණ පොත තුලින් වරින් වර ඈ රුව බලන ඈගේ තොරතුරු සොයා බැලිම රහසින් අදටත් මා සිදු කරන්නක්..

ඈගේ විවාහය සිදුවන තුරාවට තනිකඩව සිටි මා දෙමාපිය පෙරැත්ත මත විවාහ දිවියක් ගතකලද, ඈ හා ගෙවුනු අතිතය, ඈ හා බැදුනු හදවත තවමත් නොවෙනස් හදේ කොනක තාවමත් නිදන්ව පවති.

ඈ සේවයට පැමීනී දා සිටම ඈ මග හැර ඈට නොපෙනෙනා ලෙස ඈ දෙස බලා සිටියද,

දිනක,

දිවා ආහරය ගැනීම සදහා සුපුරුදු අවන්හල වෙත ගිය විට මාගේ මිතුරියක හා ඈ සිටි අතර මිතුරියගේ අඩගැසිම මත ඔවුන් සිටි මේසය වෙත මා හට යාමට සිදුවු අතර මිතුරිය විසින් ඈ මාහට හදුන්වා දීමට කටයුතු කරන ලද්දේ අප අතිතය ඇය නොදන්නා බැවිනි.

භාහිර කතාබහෙන් වෙනසක් නොපෙන්වුවද මාගේ අනපේක්ෂිත හමුවීම ඈ නොසන්සුන් කල බව ඈ හොදින් හදුනන මා නිරික්ෂණය කල කරුනක් විය.

දිවා ආහාරයෙන් පසු ආයතනයේදී ඈ විසින් එවන ලද ඊමෙල් පනිවිඩයක ඈ හට මා සමග කතා කිරිමට අවශ්‍ය බව සදහන්ව තිබුනි.

එලෙස ඇරඹි අපේ යලී හමුවීම අපට නොදැනිම ලොවට රහසින් අප බිදීගිය පැරණී සිහින සොයා යන්නට තරම් දුර ගියනමුදු, ඒ හීන නිදහසේ හිත්පුරා විදින්නට අප පමා වැඩි බැව් දෙදෙනාටම පසක් විය.

එබැවින් අප පැරණි ප්‍රේමය සිතේ සිරගත කර, එය අතීත සුන්දර මතකය් ලෙස පමනක් ඉතිරිකොට ගෙන දිවිගෙවන්නට ගිවිස ගතිමු.

ගතින් අප වෙන්ව දිවිගෙවුද, බැදුනු අප සිත් තවම ලෙංගතුය.




------------------------------------------------------------------------------------------------------------------------------------




නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය.. 
බලා දුර හිඳ කතා නොකරම 
සුසුම් පපුවක හිරකිරීමය.. 

ඇස්පනාපිට බිඳුනු හීනෙක 
ලොවට රහසින් සැරිසැරීමය..// 
හිත්පුරා හිඳිනට වරම් නැති 
සොඳුරු සයනෙක නිදිවැරීමය.. 

නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය.. 

ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ 
පැරණි පෙම්බස් සිහිකිරීමය..// 
පණ පිටින් මුළුසිරුර දන් දී 
එකම හිතකට ලොබ බැඳීමය.. 

නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය.. 
බලා දුර හිඳ කතා නොකරම 
සුසුම් පපුවක හිරකිරීමය..




ගායනය - සුනීර සුමංග 
සංගීතය - කපිල අපරැක්ක 
පබැඳුම - නාරද විජයසූරිය




https://www.youtube.com/watch?v=sbg1Udos0Pg


Friday, September 7, 2018

~~ LOVE ~~






ගාලූ මුවදොර පිටිය කෙලවර
අඩ අදුර විහිදුනු බැම්ම මත හිද 
නැගී බිදේනා සයුරු රළ රැගෙන එන
සිහිල් සුළගට පිපුනු හිරිගඩූ මැකී යන්නට
උරතලේ සැතපුනු නුඹ හිස ගෙන 
උනුසුම් හාදුවක් තබන්නද දෙතොල්මත

Thursday, August 23, 2018

~~ මගේ ප්‍රේමය ~~




නුඹේ ප්‍රේමය අවසන් වූ බව දැන
ඇගේ ප්‍රේමය පුදන කල.. 
නුඹ රැගෙන ගිය මගේ ප්‍රේමය 
යලි රැගෙන එනු මැන.. 
ඇයට පුදන්නට මගේ ප්‍රේමය 
යලි ඇවැසිය මට..

Friday, September 9, 2016

~~ ඉවසාපන් මයේ මැණිකේ ~~

ඉදින් මැණිකෙ මම බත් ඩිංගක් ලිප තියන්න හනික පමා උනා හොදොටෝම අද ගිය කයිය, අක්කරනම් කියක් කියලද .. ලැබුනේ නැහැ කාසි අතට වී සේරුම එකක් දෙකක්, මල්ලට වැටුනේ හා හා උඹ ගිහින් අරහෙන් ඈදී ගනින් මේ දුම හොද නෑ උඹෙ හතියට. හෙට ගොහිං ඇන්න එමුද වාතෙට තෙල් ඩිංගිත්තක් මතකද මැණිකේ උඹහට සින්න වෙච්ච කුඹුර කෑල්ල දරුවාගේ වියදමටම අරච්චිට උගස් කරපු එහෙයි අද කයිය තිබුනෙ මම ගියපු. උඹට නොකීවේ, උඹ කදුළු බොයි කියමයි. දරුවාගෙන් නෑ ආරංචියකුත් , උන්ට කොයිද මැණිකේ ඉස්පාසුව ටවුමේ ඩිස්පැන්සරියේ හරියට ලෙඩ්ඩුලූ රෑ වෙනකම් බේත් කරනවලු ඌ



නිමිත්ත :
ගණේමුල්ලට මෙහා  වංගුවේ පුංචි ගෙදරක සියා කෙනක් දෙකට නැමීගෙන දර ලිපකින් අහාර පිසිනව දැකීම ..    

Wednesday, October 21, 2015

~~ විදි බට සන්නාලිය ~~




සහතික ගොන්න දිය වෙද්දී 
අගහිගකම් මත රුදුරු.... 
පෙම් කලා ඈ ලද සොච්චමට 
හරඹ කර මසක් ඉඳිකටු නුල් සමගිනා.... 


ගුරු පාර අද්දර හැමදාම මුණ ගැසුණු 
කෝඩු කාර ආදර සිතුවිලි මෝදු කල 
පෙම්වත් සෙනෙහස යටවෙද්දී 
පිය සෙනෙහසට වාරු අහිමි.... 
පෙම් කළා ඈ ලද මොනර කොළවලට 
වැතිර හිඳ හෝරාවක් මල හැගුමන් හා සමග....


විත්ති කුඩුවට වී බිම බලන් හිඳිද්දී 
ඇප මුදල් අහිමිව තුන් මස දඬුවම 
මිටිපහරින් නියම වෙද්දී 
නුඹෙත් දෑස් බැඳ ඇතිද.... 
උතුමියනි නඩුකාර 
ඇසුවා ඇගේ නෙතඟින් ගලා ගිය කඳුල.... 

Monday, November 3, 2014

~~ අතීතය සෙමින් වියැකී යමින් ~~



ෂෙල් වෙඩි මෝටාර් උණ්ඩ පහරින්
දෙබෑ වී ගිය තල් අරණ හරිතව
අහස් කුස සිඹ වසා පැතිරෙති
රුදිරු අතීතයක නටඹුන් මත

වෛරයෙන් මුසපත් කල
ලෙයින් නහවා වියෝ දුක් උරුම කල
දනන් සිත් නිවී සැනසි
සිනා හඬ දසත් පැතිරේවා
අතීතය සෙමින් වියැකී යමින් ... 


පිංතුරය - U Rasta G Bandaragoda / U Rasta G Photography

Thursday, September 25, 2014

~~ ලොතරැයිය සුදුව වාසනාව ~~




උඩ පනින පුංචි පන්දුවක
හිරවෙලා දහසක් පැතුමන් 
අන්න අර අතන අසරුවන් 
කාසි පොදි මිටි බැදන් දුවනවා 
ලොතරැයි කුඩුව රේස් බුකිය 
සුදුව යැයි මිනිසුන් කියනවා 

ගෙයක දොරක වාහනයක
සිහිනයන් හැමදා දකිනවා 
උඩ පනිනා පන්දුවේ 
හැල්මේ දුවනා අසරුවේ 
ලක්ෂිමි ගෙන එනතුරු
හැමදා මම මග බලනවා



නිමිත්ත -: පිටකොටුව බෝගස අසල වාසනාව හොයමින් ලොතරැයි කුඩු අසල රැස් කන මිනිසුන්..

Thursday, July 10, 2014

~~ හෙටත් එන්න ~~



 - අම්මට උඩු කුණු කාණුවකට ගිය කලක් ... කොළඹටනම් ආස්චර්ය වේගෙන එනවා ද කොහෙද..

කොම්පඤ්ඤවීදියේ කුණු ඇල සුද්ද කරලා ලස්සනට හදපු වෝක් වේ එකේ බංකුවක ඉඳගන්න ගමන් මටම කියාගත්තා ...  හැමදාම හවස 5ට 6ට මෙතැනට එන එක පුරුද්දක් වෙලා දැන් ..හැමදාම එකම බංකුවේ මුහුද පැත්තට මුණ දාලා පැයක් දෙකක් ඔහේ දුමක් ඇදලා මනෝ පාරක් ගහගෙන ඉර බහින හැටි බලන් ඉදලා අපහු බෝඩින් කැල්ලට සැපත් වෙනවා ..
දුමක් දාන්න හිතන් ගෝල්ඩ්ලිෆ් පැකට් එක ගත්තා ..අන්තිම සිගරට් එක... යන ගමන් අරන් යන්න ඕනේ දෙක තුනක් තව.. නැත්තම් වත්තේ සෝමා අක්කාගෙන් රුපියල් 3ක් වැඩියෙන් තමා ගන්න වෙන්නේ ..
බටේ පත්තු කරන් මුහුද දිහා බලන් දුම් වළලු දෙක තුනක් අහසට යැව්වා ...

 + කොළඹට ආශ්චර්ය උනාට වැඩක් නැ, මේකේ ඉන්න මිනිස්සුන්ගේ මොළ වෙනස් නොකර ..

මට පිටිපස්සෙන් මලපැනපු ස්වීට් කෙලි වොයිස් එකකට ගැස්සිලා පිටිපස්ස හැරුනා මම .. අම්මට සිරි ඉටිකිරිස් කැල්ලක් බංකුව අනික් කෙලවරේ..  පොතක් අතේ තියන් සිගරට් දුමට කැහැ කැහැ රවනවා මට. මෙකි කොහෙන්ද පාත් උනේ මෙතැනට..

 - සොරි නංගි.. ඔයා ඉන්නවා දැක්කේ නැ .. සිගරට් එක නිවන ගමන් මම කිවා..

කොච්චර මිනිස්සු රැව්වාත් බැන්නත් මගේ පාඩුවේ සිගරට් එක ගහන මම, ඒ ඇස් දෙකට බය උනාද ? ඇයි මම සිගරට් එක නිව්වේ..

 + තැන්ක්ස් සිගරට් එක නිව්වාට .. කෙල්ල පොතට මුණ ඔබා ගත්තා ..    

පොතේ නම කියවන්න මම ට්‍රයි කලා .. මහින්ද ප්‍රසාද් කියලා පේනවා.. නම වැහිලා අතට .. ඔළුව තව ටිකක් නවලා ඇල කරලා පොතේ නම ගැන හෝඩුවාවක් ගන්න බැලුවා...

 + "සෙංකොට්ටං" ... මගේ දිහා නොබලාම කෙල්ල කිව්වා

අයෙත් නොන්ඩි ... මේකිට පැත්තටත් ඇස් තියෙනවාද කොහෙද... ආ නැ කෙල්ලෝ මවපු එකා 360 විව් එකක් එක්ක ලුනේ මුන්ව මවලා තියෙන්නේ .. පොතක කියලා තිබ්බා මතක් උනා මට ..

 - ආ පොත හොදයි කියලා අරංචියි ..තාම කියවන්න බැරි උනා... ගන්න ඕනේ මේ මාසේ පඩියට ..

 + අයියාත් පොත් කියවනවා ද .. එක හොදයි.. දැන් පොත් කියවන කොල්ලෝ අඩුයි නේ ...

 - හේ හේ .. වෙන මොනා කරන්නද නංගි කාලේ ගෙවන්න .. බෝඩිමට ගියාම පට්ට පාළුයි .. තනිකම ගෙවා    ගන්න ඉතින් පොත් තමා...

 + අහ..අයියාත් බෝඩ් වෙලාද ඉන්නේ ... අද කලින්ම කළුවර වැටීගෙන එනවා..මාත් යන්න ඕනේ  අයියා බෝඩිමට ..  

කෙල්ල පොත බෑග් එකට දාගන්න ගමන් කිවා ..

 + යන්නම් අයියා.. බායි ...

- හරි නංගි බායි ..

 - පරිස්සමින් යන්න..

කෙල්ලගේ පුංචි ඇස් එක පාරට ලොකු උනා ...

ඒ මොකද්ද ඒ මට උනේ කොහෙන්ද ඒ කැල්ල කටට අවේ...නොදන්නා කෙල්ලක්ට  "පරිස්සමින් යන්න"  කියලා මට කියවුනේ ඇයි.. අද මට මොකද වෙලා තියෙන්නේ ... මගේම ඔළුවේ ප්‍රශ්න කැරකෙන්න ගත්තා... නිවපු සිගරට් එක අයෙත් පත්තු කර ගත්තේ ඔළුව කුරුවල් වෙච්චි එකෙන් මිදෙන්න .. අනික රු 25 ක් විසි කරන්නේ කොහොමද .....

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඊයේ රෑ යද්දී වත්තේ සුටියාලා සිරාලා පාර්ටි දාලා ..උන් එක්ක සෙට් වෙලා අද නැගිටින්න පරක්කු වුනු නිසා උදේ පාන්දරම සුපවයිසර් කාරයා එක්ක වලියක් දාගන්න උනා..ශික් දවසම මස්ත බාල්දුයි .. ඌට හිතින් බැන බැන වලිය ගැන කල්පනා කර කර බංකුව ලඟට අවේ ගෝලිඩ්ලිෆ් පැකට් එකත් අතට ගන්න ගමන් . ඒ එක්කම අමතක වෙලා තිබ්බ ඊයේ සිද්දිය මතක් වෙලා පිටි පස්ස බැලුනා...

  + හලෝ අයියා ...

අතට ගත්ත පැකට් එක එහෙම්ම සාක්කුවට රිංගෙව්වා ..

 - හලෝ නංගි.. අදත් අවා නේ ...

 + මම හැමදාමවගේ  එනවා...

 - මමත් එනවා නේ .. මම දැකලා නැනේ නංගිව මිට කලින් ..

 + මම නොමලි ඉන්නේ අර එහා පැත්තේ බංකුවේ .. එත් දැන් එකට කපල් එකක් එනවා ... මම හිටියොත් එයාලට බාදායි නේ .. එකයි මම මේ පැත්තට අවේ... මම නම් අයියාව දකිනවා හැමදාම මෙතැනට එනවා .
සොරි ඔයාගේ තැනට ඇවිත් ඔයාගේ නිදහසට බාදා කරාට...

 - ආ එකට කමක් නැ නංගි.. අද මොකද්ද කියවන පොත . ශා සුමිත්‍රා රාහුබද්ධගේ පොතක් නේද ..

 + ආ අයියා "සෙංකොට්ටං" තියෙනවා.. මම කියවලා ඉවරයි ..දෙන්නද කියවන්න..අපරාදෙනේ සල්ලි දීලා ගන්නේ ..

 - අනේ තැන්ක්ස් නංගි දෙන්න.. දැන් කිවන්න පටන් ගන්නම්.. ඉවර කරන්න නම් ඉතින් වෙන්නේ නැ දැන් කියවලා .. කරදරයක් නැත්තම් හෙටත් එනවා නම් ගෙන්න ..එතොකොට හෙට ඉවර කරන්න පුළුවන් මට..

 + ආ නැ කමක් නැ අයියා කියවලා ගෙනත් දෙන්නකෝ...

පළවෙනි පිටුවේ යටින් පුංචියට " සුරංගා - 2013-10-14 " කියලා ලස්සනට ලියලා තිබ්බා

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔහොම පටන් ගත්ත අපේ හිතවත් කම එක දිගට ගලාගෙන ගියා.. අපි දෙන්නා ගොඩක් පොත් කියෙව්වා.. අපි දෙන්නා ගාව තියෙන පොත් හුවමාරු කරන් කියවන්න ගත්තා.. එකී හින්දාම සිගරට් වලට යන සල්ලි පොත් ගන්න යෙදෙව්වා.. ඒ විතරක් නෙමේ මගේ පෙනුමත් වෙනස් උනා..එකත් පට්ට නොන්ඩි සින් එකක්.

දවසක් මම ඇහුවා,

 - නංගි ඔයා කිවා නේ මම මෙතැනට හැමදාම එනවා දකිනවා කියලා මාව මතක හිටියේ කොහොමද ?
කෙල්ල ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා,

 + මන්දා මට මතක හිටියා, ඒ විතරක් නෙමේ මම නමකුත් දාලා තිබ්බේ ඔයාට .. "රස්තියාදු ජෙන්ටා" කියලා

 - හෑ "රස්තියාදු ජෙන්ටා" ඒ මොකෝ ඒ ..

 + ඇයි ඉතින් බලන්න කෝ .. ඔයා හොදට ඇදගෙන එනවා ..ඒ උනාට රැවුල කොන්ඩේ කිසි පිළිවෙලක් නැ
 + රස්තියාදු කාරයෙක් වගේ සිගරට් බොනවා..

මම හිනා වෙලා පොතට මුණ ඔබා ගත්තා ..... පට්ට නෝන්ඩිය ..

පහු වෙනිදාම කොන්ඩේ රැවුල පිළිවෙලක් කර ගත්තා..

කාත් කවුරුවත් නැතිව අනාථයෙක් වෙච්චි මට සුරංගාගේ ඇසුර මහා මෙරක් වගේ දැනුනා.. අපි දෙන්නා පොත් ලෝකයෙන්  පිටට අවා .. ඔහේ කතා කර කර ඉන්න, ඇවිදින්න යන්න .. රැල්ල පාගන්න යන්න පුරුදු උනා.. හැමදාම බෝඩිමට ගිහින් ඇරලවන එකත් මගේ පුරුද්දක් උනා..

නැවතිලා තිබ්බ මගේ අධ්‍යාපන කටයුතු හිමින් පටන් ගන්න දිරි දුන්නා .. කොටින්ම මගේ ජිවිතේ පිළිවෙලක් වෙන්න ගත්තා..
අපි දෙන්නා පෙම්වතුන් ද ? එයා මට ආදරේ කරනවා ද ? දන්නේ නැ.. නමුත් මම ආදරේ කරනවා.. හැබැයි මට එක කියා ගන්න බැරි උනා ..

දවසක් ...

හැමදාම කලින් එන සුරංගා අද නැ .. පැය 1/2කට විතර පස්සේ මැලවිච්ච මුනකින් සුරංගා අවා.. හෑන්ඩ් බෑග් එකවත් නැතිව..

 - ඇයි නංගි පරක්කු...

 + අයියා මට දවස් කීපයකට එන්න වෙන එකක් නැ ..

 - ඇයි ඒ නංගි

 + පරිස්සමින් ඉන්න අයියා මම යනවා ..

මට යමක් කියන්න හිතන්න කලින් එයා ගියා ...

දවස් 4ක්  එක දිගට පුරුදු විදිහට එයා එනකම්  බලන් හිටියා... 5 වෙනි දවසේ එයා අවා..අද එයාගේ බිඩේ එක උදේ විශ් කරන්න කෝල් කරත් ෆෝන් එක වැඩ කලේ නැ,දවසම වැඩ කලේ නැ.දවස් 5කට කලින් අපු ඇදුමම ඇඳන් , එදා වගේම සුදු මැලි වෙලා..

 - හලෝ නංගි .. ඇති යන්තම් අවා අද .. එන්න ඉඳ ගන්න නංගි ..

+ එපා ..මම කියලා යන්න අවේ අයියේ... සමහර විට අයේ මට කවදාවත් එන්න වෙන එකක් නැ, ඔයා පරිස්සමින් ඉන්න.. මම එනකම් බලන්න එපා අයේ..

 - අනේ ඇයි ඒ නංගි..

 + මම යන්නම් අයියා..

මට මුකුත් හිතා ගන්න බැරි උනා.. පපුව හිර වෙනවා වගේ දැනුනා... යන්න හැරුණු කෙල්ල අයෙත් හැරුනා.. කඳුලක් සුදු කම්බුල දිගේ බේරෙනවා...

 + අයියා , ඔයා දන්නවා නේ මම ඔයාට ආදරෙයි කියලා ... මට සමාවෙන්න අයේ මම කවදාවත් නාවොත්..  

මම හිර වෙලා.. වචනයක් එලියට එන්නේ නැ.. බොද වෙච්චි එයාගේ රූපේ ඈතට යනවා දැක්කා .. එයා වෙනුවෙන් ගත්තු පෆියුම් එකත් බෑග් එකේ ..

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

මම මාසයක්  බලන් හිටියා දෙකක්  බලන් හිටියා හැමදාමත් ඒවි කියලා... මගේ ජිවිතේ කඩා වැටුනා ..අයෙත් පරණ රස්තියාදු ජෙන්ටා වේගෙන එනවා මම..
මට හේතුවක් ඕනේ..ආදරෙයි නම් ඇයි යන්න ගියේ .. මට හිත හදා ගන්න හේතුවක් ඕනේ..
මම තීරණයක් ගත්තා . මොන දිපන්කරේ හිටියත් හොයන් යනවා එයාව. ඔව් ගිහින් අහනවා..

යාළුවෙක් ගෙන් බයික් එකකතු ඉල්ලන් දවසක් මට කියලා තිබ්බ ඒරියා එක හොයන් යන්න පිටත් උනා ..

පැය දෙක තුනක් කට්ට කලා ..එක එක්කෙනාගෙන් අහගෙන .. සුරංගාගේ කියලා හිතෙන ගෙදරට ගියා..
ඉස්සරහා මොකක් හරි උත්සවයක් තිබිලා ගහපු ටෙන්ට් එකක් ගලවා ගලවා හිටිය කොල්ලෝ සෙට් එකක් හිටියා..

 - අයියේ මේ සුරංගා නංගිගේ ගෙදරද ...

 + ඔව් මල්ලි.. ඒ මගේ නංගි .ඔයා සුකිත ද ?

 - ඔව් අයියා ..

 + එන්න මල්ලි ගෙට වාඩි වෙලා කතා කරමු. නංගි මට මල්ලි ගැන කියලා තියෙනවා...

 - කෝ අයියේ සුරංගා .. මාස 3 කලින් එයාගේ බිඩේ දවසේ ඇවිත් යනවා කියලා ගියාට පස්සේ කිසිම ආරංචියක් නැනේ .. කොහෙද එයා ඉන්නේ ..

 + එයාගේ බිඩේ දවසේ මල්ලිට එයාව හම්බුනාද ? එකනම් වෙන්න බැ මල්ලි..

 - නැ ඇත්තමයි අයියේ මට අහම්බුනා ඊට දවස් 5 කලින් ඇවිත් කියලා ගියා ටික දවසක් එන්න වෙන්නේ නැ කියලා පස්සේ බර්ත්ඩේ දවසේ ඇවිල්ලා කියලා ගියා අයේ එන්නේ නැ කියලා...

 + මල්ලි මේ කියන දේ අහලා කලබල වෙන්න එපා . ඊයේ තමයි නංගිගේ තුන් මාසේ දානේ තිබ්බේ ..

 - මොකක්... විහිලු කරන්න එපා අයියේ.. මට ඉබේටම පුටුවෙන් නගිටුනා

 + ඇත්ත මල්ලි..වාඩිවෙන්න කෝ විස්තරේ කියන්න ..
 + එයාගේ උපන්දිනේට දවස් 5 කලින් හදිසියේ කලන්තේ දාලා වැටිලා ඔෆිස් එකේ දී .. හොස්පිටල් ඇඩ්මිට් කලාම තමා දැන ගත්තේ එයාට බ්‍රේන් ටියුම්ර් එකක් කියලා.. එදාම ඔපරේෂන් කලා .. නංගි දවස් 5ක් කෝමා එකක ඉදලා හරියටම එයාගේ බර්ත් ඩේ එක දවසේම නංගි අපිව දාලා ගියා ... එත් මට තාම හිතා ගන්න බැරි මල්ලිට හම්බු උනා කියන කතාව..
 + ඉන්න පොඩ්ඩක් මල්ලි ...

අයියා ගෙට ගියා ..
මට ඇහුනු දේ තාමත් මට අදහා ගන්න බැ.. මට ආදරෙයි කිව්ව කෙල්ල මැරිලා ලූ.... එහෙම වෙන්නේ කොහොමද ..මගේ මොලේ පිස්සු වැටිලා .. මගේ සුරංගනාවී නැහැලු දැන් .. මම හීනයක් දකිනවා ද?
නෑ මම පිළිගන්නේ නැ ..මුන් බොරු කියන්නේ ..
මම යන්න එලියට බැස්සා..

 + සුකිත මල්ලි...
 + මේ ටික ඔයාගේ වෙන්න ඕනේ ...

සුරංගා ගාව තිබ්බ මගේ පොත් 4ක් අයියා මට දුන්නා..

+ මල්ලි හිත කලබල කරගන්න එපා.. ඉන්න ටිකක් ඉදලා යමු.. දැන්ම යන්න එපා..

තවත් මොනාදෝ අයියා කිවාත් මගේ ඔළුවට අවේ නැ .. බයිසිකලේට නැගලා එන්න අවා..


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අදත් මම පොතක් අරන් අපේ පුරුදු බංකුවට අවා... ටිකකින් මගේ සුරංගාත් අවා.. ඇවිත් මට පැත්තෙන් වාඩි උනා.. මම කියවනකම් මගේ උරහිසට ඔළුව තියන් ඉන්නවා..

හැමදාමත් මේ විදිහමයි ....පොත කියවනකම් මගේ ලඟට වෙලා ඉන්නවා..  වෙනසකට තියෙන්නේ එයාගේ උණුසුම මට දැනෙන්නේ නැ වෙනදා වගේ..

සමහර වෙලාවට මගේ කනෙන් ඇදලා  බාදා කරනවාත් හිට.. එක්සෑම් කොහොමද අහනවා.. තව සමහර වෙලාවට පොතක කැල්ලක් එයාටත් ඇහෙන්න මට කියවන්න කියනවා..

මම එයාගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දී .. පොත හයියෙන් කියවද්දී , එතනින් යන එන මිනිස්සු අමුතු විදිහට මම දිහා බලනවා..සමහරු හිනා වෙනවා.. ඉතින් අපිට මොකද .. මම ඒවා ගණන් ගන්නේ නැ ..

නංගි බබෝ යමු රෑ උනා නේද ... යන්න බැ ?? බෑ කියලා බැනේ බබෝ .. යමු යමු දැන්. හෙටත් එනවා නේ මම ..




හෙවනක් නැති 
අරමුණක් නැති
රස්තියාදු ජීවිතයකට
ජිවන හුස්ම පිඹී 
ඈගේ සෙනෙහසින් 
මරුට සරදම් කර
හමුවෙමු හෙටත් අප 
සදාතනිකව 
වෙන් නොවන්නට


  
 

Tuesday, April 22, 2014

~~ ආදරය නම් ~~


වෙලාව රෑ 12ත් පහුවෙලා .. නින්ද අහලකවත් නැ.. පොල් අත්තකින් බේරිලා එන හඳ එළිය තීරු තීරු පොටිකොවට වැටිලා අමුතු රටා මවලා . හුළඟට පොල් අතු එහෙ මෙහෙ වෙද්දී ඒ රටාත් එක එක විදිහට වෙනස් වෙනවා ... මතකද උඹට ඉස්සර මේ රටා වලට එක එක නම් දානවා .. උඹ හැමදේකම වෙනස් දෙයක් දැක්කා. ඒ හින්දම වෙන්න ඇති උඹ මාත් එක්කත් ආවේ, නිකම්ම නිකන් සාමාන්‍ය කොල්ලෙක් වුනු මගේ වෙනසක් උඹ දකින්න ඇති.

මේ හඳ එළිය මගේ ජිවිතේ මතකයන් කියකටන්ම් සාක්‍ෂි දරනවා ද .. ඒ දුක සැප පිරුණු අතීතේ....  

හොදම යාළුවෝ දෙන්නා වුනු අපි දෙන්නට ගමේ උන් කතන්දර හැදුවා.. ඒ කතා අම්මලා විශ්වාස කරලා දෙගොල්ලා අසල්වැසි වෛරක්කරයෝ වෙද්දී අපි බඩ අල්ලන් හිනා උනා ..

එත් එයාලා අපිව හිර කරද්දී අපේ හිත්වල නොතිබ්බ ආදරය කියන දේ හිත් වලට මෝදු වෙන්න ගත්තා..

කාටත් හොරෙන් දවසක් රෑක , එත් මේ වගේම හඳ එළියේ ඉස්ඉස්සෙලාම මම උඹේ නළල කිස් කරා .. එකත් බයෙන් ගැහි ගැහි .. ඇස් දෙක පියාන උඹ හාදුව වින්දා .. අපි වෙන් වෙලායන්න හදද්දී බලාපොරොත්තු නොවුණු විදිහට උඹත් මගේ නළලට කිස් එකක් දීලා ලැජ්ජාවෙන් දිව්වා අද ඊයේ වගේ මතකයි ..

පුංචි පඩියකට රස්සාව කරපු මට උඹට වැලන්ටයින්, බර්ත්ඩේ, ඇනිවසිරි ගිෆ්ට් අරන් දෙන්න සල්ලි තිබ්බේ නැ. උඹ කවදාවත් ඒවා බලාපොරොත්තු උනෙත් නැ . එත් මම දුක් උනා. ඒ ගැන කීවාම උඹ කිවේ,
"කමක් නැ පුළුවන් දවසක අරන් දෙන්න කෝ"..

අම්මලා කැමැති කරවා ගන්න බැරිම තැන,  අපේම ලෝකයක් හොයාගෙන මේ සාමාන්‍ය කොල්ලා එක්ක අවෙත් මේ වගේම හඳ පායලා තිබ්බ දවසක. ඒ මිට අවුරුදු 12කට කලින්...

උඹ නැත්තම් අද මම මේ තැන නැ .. මෙතැනට එන්න උඹ හැමදාම මගේ පිටිපස්සෙන් හිටියා .. අපේ කියලා කවුරුත් නැති වෙද්දී තනියම නැගිටින්න උඹ මට හයියක් උනා.. දවසම වැඩ කරලා OT කරලා රෑ වෙද්දී මම ගෙදර එනකම් උඹ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා..හරිම මහන්සි කියලා කවදාවත් උඹට කියන්න උනේ නැ. එක උඹට තේරෙනවා .. එහෙම දවස් වලට උඹ අමාරුවෙන් හදපු කෑම එක බෙදන් ඇවිත් කවනවා. එහෙම නැත්තම් ලඟට වෙලා කනකම් ඔළුව අත ගානවා.    

සමහර දවස් වල, ගොඩක් වෙලාවට හඳ එළිය තියෙන දවස් වලට රෑට කෑම කාලා, අපි උන්නු පොඩි කාමර කෑල්ලේ  ඉස්සරහ පඩිය උඩට වෙලා මගේ උරහිසේ නැත්තම් උකුළට වෙලා ඔහේ හඳ දිහා බලන් කියෝ කියෝ ඉන්නවා..


 -හසීත .. කොහෙද ඔයා ...
ඒ මගේ චන්දි මාව හොයනවා..
 -ආ චන්දි මම ඉස්සරහා ....
 -මොනාද අනේ මේ රෑ දොරත් ඇරගෙන කරන්නේ ඉස්සරහට වෙලා ..
චන්දි පුරුදු විදිහට ඇවිත් මගේ උකුලෙන් වාඩි වෙන ගමන් ඇහුවා .. මම මුකුත් නොකියා හඳ දිහාට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා.. මගේ පපුවට හේත්තු වෙලා ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා,
 -ලස්සනයි නේ .. මේ හඳ කවදාවත් තාමත් වෙනස් වෙලා නැ එදා වගේමයි නේද ..
 -ඔව් ඔයා වගේමයි.. පොඩි උන් දෙන්නා නිදි ද ?
 -අනේ යන්න .. ඔව් පොඩි ඒකිගේ උණ නම් දැන් බැහැලා ..ඒ උනාට දඟල දඟලා හිටියා කකුල් දෙකේ ..
 -යමු හසිත නිදාගමු ..

කවදාවත් මොනවත්ම නොයිල්ලපු උඹ වෙනුවෙන් ගොඩක් දේවල් දෙන්න මට හීනයක් තිබ්බා  .. ඒ හීනෙ මම අද හැබෑ කරගෙන .. ඒ හීනෙ පස්සේ දුවන හැම අඩියක් පුරාවට උඹ මා එක්ක හිටියා.

ඉතින් මගේ ජිවිතේට මේ හඳ එළිය කොච්චර බැදිලා තිබ්බත් ,

නුඹයි 
සඳ එළිය  
රූ රටා ඇඳි 
ජිවන රංග මඩල මත 

නුඹයි
සඳ එළිය  
එකළු කල 
ජිවන මංපෙත


Saturday, March 15, 2014

~~ හන්තාන සිහිනේ ~~



සුබා ... මොකෝ කෙල්ලේ කල්පනා කරන්නේ ? ආ උඹ අඩනවා ද ... මොකෝ මේ කදුළු පුරෝගෙන ..

නැ කේතු මුකුත් නැ ... මේ නිකන් .

හ්ම්ම් නිකන් අඩන මිනිස්සුත් ඉන්නවා කියලා දන්නේ අදනේ.. බලපන් දැන් උඹ කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා .. උඹ මේ අවුරුදු දෙක තිස්සෙම හැබෑ කරගන්න බැරි හීනයක් පස්සේ දුවනවා.. කි දෙනෙක් උඹ පස්සෙන් අවා ද එනවා ද ? ඇයි හිත හදන් මේච්චර ලස්සන කැම්පස් ජිවිතේ විදින්න බැරි ...

මං දන්නේ නැ කේතු ..මට මුදිත හැර වෙන කා ගැනවත් එහෙම හිතෙන්නේ නැ ..මේක හරියට සංසාරේ පතාගෙන ආපු දෙයක් වගේ..

හෑ සංසාරේ පතාගෙන ආපු එකක් ..උඹ ලඟදි සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් වත් කියෙව්වා ද ? ඕක සංසාර හීනයක් වෙයි .. බලාගෙන...

හ්ම්ම්ම්...ඇත්ත කේතු.. හීනයක් වෙන්න ඇති..එත් මම ඒ හීනෙ දකිනවා..දකින්න ආසා කරනවා.. මට ආසයි අර අපේ එළිමහන් රංගපිටේ තියෙන්නේ ..එකේ මුදිතට තුරුල් වෙලා නාට්‍යක් බලන්න .. දවසක උදෙන්ම අර ආර්ට් ෆැකල්ටි එක ගාව මැයි මල් වැටිලා කහපාට වුනු පාර දිගේ පොද වැස්සකට තෙමෙන්න.. මම ඒ හින දකිනවා කේතු.. සමහර විට මේවා සදාකල් හින වෙන්න පුළුවන් කියලා දන්නවා..එත් මම දකිනවා..

සුබා මේ අහපන් කෙල්ලේ ... උඹ දන්නවා නේ මුදිතගේ කථාව .. මම හිතන්නේ නැ ඌ දැන්ම ආදරයක් ගැන හිතාවි කියලා ... දැන්ම නෙමේ කවදාවත් හිතාවිද කියලා මට සැකයි ...අවුරුදු ගානක් ඌ කෙල්ල වෙනුවෙන් නොකළ දෙකයක් නෑලුනේ,,, එහෙම කරලත් ඒකි මුව අත ඇරලා වෙන එකකේ එක්ක ගියානේ ... එච්චරට ආදරය කරලා එහෙම දෙයක් උනාම ගොඩ එන්න අමාරුයි කාලයක් යනකම් .. මතකද ඌ ලියපු කවියක තිබ්බා උගේ ජීවිතේම අදුරු වෙලා කියලා..

ඔව් කේතු .. ලියලා තිබ්බේ හරියටම ...

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...

අම්මෝ උඹට එකත් කටපාඩම් ද ... උඹ නම් පිස්සියක් .. එක අතකින් බලපුවම උඹේ ආදරේ කියපු කවි උඹට මතක නැත්තම් මට මතක හිටින්නද,අනික උඹත් ඉතින් කවි කාරීනේ ...
ඇති යන්නතම් මුනට හිනාවක් අවා .. වරෙන් යන්න දැන් ඇති බුම්මාන් හිටියා..ලෙක්චර්ස් පටන් ගන්න කිට්ටුයි ..වර වර ..



මුදිත ..
ආ සුබා ...
පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන් ද ?
හ්ම් යමු ...

මුදිත ..තව මාස ගානයි තියෙන්නේ මට ඔයාව දකින්න ..

මේ අහන්න සුබා .. ඔයා ගොඩක් හොඳ කෙල්ලක් ..ඔයාව ලබන කෙනා ගොඩක් වාසනාවන්ත වේවි..එත් මට තාම...

ඔව් මම දන්නවා ඔයාට තාම මම ගැන හිතන්න බැ කියලා.. ගොඩක් හොද කෙල්ලක් උනාට මම හරි අවාසනාවන්ත කෙල්ලෙක් වෙන්න ඇති මුදිත...

ඔය ඉතින් ඇස් වල කදුළු පුරෝගෙන ... ඔයා වගේ කෙල්ලෙක්ට මුළු හිතෙන්ම ආදරේ කරන්න ඕනේ නැත්තම් එක ඔයාට කරන අසාධාරණයක් සුබා ... මට තාමත් මගේ අතීතේ හිතේ කොනක ඉදන් වද දෙනවා..

හ්ම්ම්ම් කමක් නැ මුදිත ..ඔයා වගේම මමත් තනි වෙන්නම් .. පුළුවන් කාලයක් ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නම් ... මම යන්නම් එහෙනම් ....

සුභා ... ඉන්න පොඩ්ඩක් ..
මම හිමින් හිත හදන් එන්නම් ඔයා ලඟට .. හැබැයි කෙල්ලේ මට දිනයක් කියන්න බැ..එත් මම එන්නම් ඔයා ළඟට ..එතකම් ඉන්න පුළුවන් ද ඔයාට ...

මුදිත අනේ ඇත්තම ද ඔය... මට මේක හීනයක් වගේ ..ඉන්නම් මුදිත ඉන්නම් ..ඕන තරම් කාලයක් ඉන්නම්...

ඔව් සුභා මම දවසක ඔයාගේ මේ හීනෙ හැබෑ කරන්නම් ... දවසක අපි මේ හන්තානට යමු ... එතන ඉදන් දෙන්නාම අයෙත් අළුත් හීනයක් දකිමු .. හන්තාන සිහිනයක් දකිමු ...

==============================================================
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

http://www.youtube.com/watch?v=E8oHEQjoiaY
==============================================================

Tuesday, February 25, 2014

~~ "අපේ" වූ "මගේ" දෑ ~~





මගේ නිවහන - අපේ නිවහන 
මගේ කාමරය - අපේ කාමරය 
මගේ ඇඳ - අපේ ඇඳ 
ලෙස
මගේ සියල්ල අපේ වූ සද 
මගේ වූ එකම දෙය
ඇය


Thursday, January 16, 2014

~~ උඹ එක්ක මං ~~


ඒ ලතිකා එකනෙමේ ...කොහොමද උඹේ කොල්ලා ..

ඉන්නවා බං ඉතින් ..

හොදා හොදා ... දැන් අවුරුදු 5 විතර ඇති නේ එෆෙයා එකට ? දැන් කොච්චර දුර ගිහින්ද උඹලා දෙන්නා ආ ?

ලබන මාර්තු වලට අවුරුදු 6 බං .. මොක්කද්ද මොකද්ද ඒ දුර කාතාව..

එර්ර්ර්ර්ර් ..දන්නේ නැද්ද බං ඉතින් අරවා ..

හෑ උඹට මොකටද ඒවා ..ඒවා පර්සනල් ..

ආ ඒ කියන්නේ උඹලා රුම් එකකට එහෙම ගිහින් තියෙනවා වගේ නේ ...

අනේ නැ බං සුපුන් ඒ ජාතියේ එකෙක් නෙමේ.. ෆිල්ම් හෝල් එකකදී කිස් කරලා තියෙනවා එච්චරයි .. අනික අද කාලේ කොල්ලෝ සුවර් කරන්න බැනේ බං.. මොනා හරි වෙලා බදින්න බැරි උනොත් අපිට ඔය වගේ දෙයක් කරගෙන මම වෙන කාව හරි බදින්නේ කොහොමද ... සුපුන් උනත් බදින්න කලින් එහෙම දෙකට කැමති නැ

අනේ බං උඹ ජිවත් වෙන්නේ කොයි ශතවර්ශේද ? ඔය ඉස්සර හණමිටි අදහස් බං ඕවා.. ආ හොදම උදාහරනේ , උඹට අර ජිවනි මතකේ ..අපේ ඉකොන් ක්ලාස් අවේ .. කොහොමද එකී .. කොල්ලෝ බර ගානක් ආශ්‍රය කරා .. නොගිය හොටෙල් එකක් නැතිව ඇති .. දැන් බලහන්කෝ බැදලා ළමයෙක්ත් ඉන්නවා..හස්බන්ඩ් ප්‍රයිවට් ෆර්ම් එකක ලොකු පොස්ට් එකක් කරන පොරක් ..


අපි වෙන්වෙලා මාස 6 වැඩි වුනත් එදා ලතිකා යාලුවෙක් එක්ක කතා කරපු මේ සිද්දිය මගේ හිතර නිතර වද දෙන කාරණයක් ..ඇත්තටම ඈ මා හැර දමා ගියේ මෙවැන්නක් නිසාද ? අප ජිවත් වන්නේ 21 වන ශතවර්ෂයේ වුවද මංගල රාත්‍රිය වන තුරු ඈ මලක් ලෙස ආරක්ෂා කිරීම මගේ වගකීමක් ලෙස මා දුටිමි. අප සුද්දන් නොවිය යුතු බව මා විශවාස කලෙමි ..


ඔයි සුපුන් .. MC එකට Hobit ෆිල්ම් එක ඇවිත්.. මේ සෙනසුරාද යමුද .. සෙට් එක ගිහින් කාලා බිලා එමුද . මොකෝ කියන්නේ උඹ එනවා ද ?

හ්ම්ම්ම් .. අනේ මට බැ උඹලා පලයල්ලා .. එක එක ඒවා මතක් වෙනවා ඔළුව විකාර වෙනවා බං ඕකට ගියාම..

මොන මගුලක් ද බං දැන් මාස 6 වඩා වැඩි නේද බ්රේක් වෙලා .. ඕවා හිත හිතා හැමදාම ඉන්නද බං ...අත ඇරලා දාපන් ...

බලමු..උඹලා ඇරන්ජ් කරපන්කෝ ..හිතුනොත් එන්නම් ...


මගේ යාහළුවන් කොතරම් කිවාත් අවුරුදු 6 ප්‍රේමය මාස 6 කින් අමතක කර දැමීම කිසි සෙත් මාහට නම් කල නොහැක්කකි .. වසර 6 පුරාවට මසකට හෝ දෙවතාවකට වරක් සිනමාපටයක් නැරඹීමට අප පුරුද්දක් කරගෙන සිටියේ අප දෙදෙනාම සිනමා ලෝලීන් වූ නිසාමයි .. මේ සිනමා හල තුල මතකයන් ගොන්නක් කැටිව හද තුල කැකැරෙමින් නිතර මාහට පිඩා ගෙන දේ .. සිනමා හල පමණක් නොව විහාරමහා දේවි උද්‍යානය, ගංගාරාමය ස්ථාන බොහෝ ආදර මතක සටහන්ය. උදේ හවස මේ ස්ථාන පසුකිරීම මාහට ඉතා අසීරු කරුණකි ..


ආ Mr.සුපුන් ... කාලෙකින් නේ... මොකද මේ පැත්තේ අවේ නැත්තේ ..අපෙන් වරදක් වත් උනාද .. කෝ ලතිකා මිස්..

අනේ නැ Mr. Fernando.. එහෙම එකක් නැ ...ලතිකා දැන් මෙහෙ නැ..ට්‍රාන්සර් එකක් ලැබුනා නේ ..
අහ එහෙමද .. මතක් කරා කියලා කියන්න .. හරි එහෙනම් මම වේටර් කෙනක් ව එවන්නම් Mr.සුපුන් ඔඩර් කරන්න කෝ ..


ඒ දිනක් අප නිතර ආ ගිය ආපනශාලාවක හොදින් හදුනාන්නා වූ කළමනාකරුවකු හා සමග මාහට මුහුණ දීමට සිදුවූ එක සිද්දියකි . එපමණක් පමණක් නොව අප නිතර ආ ගිය බස් රථවල කුලීරථ වලදී මේ හා සමාන සිදුවීම් නිසා ඇගේ මතකයන් නිතර අලුත් වෙමින් හද පිඩා ගෙන දේ ..

බොහෝ විට මෙවැනි අවස්ථා වලදී මා දෑස් වසාගෙන සිත වෙනතකට යොමු කරන්න උත්සහ කලද සැම විටම ඇගේ මතකයන් අපේ මතකයන් මා පපුතුරේ රූ රටා අදිමින් මතකයන් අළුත් කරයි ...


එක් සෙනසුරාදා දිනයක හවස් යාමයක මාත් මගේ යහළුවකු හා බිර වීදුරුව රස බැලීම සඳහා දෙහිවල ප්‍රදේශයේ තානායමකට ගොඩ වදින විටදී නොසිතු අයුරින් ඈ මාහට මුහුණට මුහුනලා මුණ ගැසිනි.. සැනකින් තානායමෙහි සිට පැමිණි තරුණයකු සුරතේ වේලි මා නුදුටු සේ ඈ ඉවත ගියද ඇගේ තෙත් වූ කොණ්ඩයද පොඩි වූ ඇදුම් වලින් බොහෝ දේ මාහට පසක් කර දෙන්නට සමත් විය..


මේ සා සියල්ල මා වටා සිදුවුවත් කෙලෙසක කවදාක ඈගේ මතකයෙන් මිදී මාහට යාහැකිද ? මතකයන් අමතක කිරීමට මේ නගරය මාහට ඉඩ දේවිද .. කවදාවන තුරු මා නුඹේ මතකයන් හා දිවි ගෙවම්ද .. කාලයට ඉඩ දී බලා සිටිනවා මම ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

උඹ එක්ක මං ආගිය හැම තැන් 
පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම..//  

ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත් රෑ සටහන් පපුවේ මැද මැවුනා 
අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින් 
ගනුදෙනුවක් කරගන්නට බැරුවා උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය 
කෙල්ලන් තව අය හා යනවා කියා... 
ඇය සුද්දියකට හරවා.. 
උදුරාගත්තා...

http://www.youtube.com/watch?v=rlb00hiAS8c

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Friday, August 16, 2013

~~ මට ආසයි ~~






දළදා සමිදුනට නෙළුම් මලක් 
පුජා කරන්න 
වැල් බෝ සමිදුට බාර වෙන්න
වැව රවුමේ තුරු සෙවනක  
ගිමන් නිවා  
මට ආසයි 
ඇවිද යන්න නුඹත් එක්ක  


මුදු වෙරළේ 
සූදු පෙනරැළි මත 
නුඹ හා දඟකරන්න   
සවස් යාමේ මට ආසයි 
නුඹ අත ගෙන 
සිනමාවක රස විදිනට 


නිදි ලොව ඈ සරි සරද්දී 
සිනාවකින් මුව සරසවන්න
මට ආසයි 
ඇගේ නෙතු පියනේ 
සිහිනයක් වෙන්න 

Tuesday, August 6, 2013

~~ හිතක් සින්නකරේටම ~~



මගේ හිත හිස්ම හිස් 
හරියට හිස් ඉඩමක් වගේ 
අතරනි පතර සරුවට වැඩුනු 
සිතුවිලි ගහක් දෙකක් නැතුවාම නෙමේ 
කාගේ හරි හීන මාළිගාවකට කියාපු තැන 
ගන්නවා නම් මෙන්න හිත් 
ලියා දෙන්නම් සින්නකරේටම




Friday, August 2, 2013

~~ සිහිනයක හෝ දකිනු වස් ~~



නොබලන හින අතර
තිගැස්සි ඇස් ඇහැරවන
දකින එකම හීනය නුඹ
වසාගමි දෑස් යලිත්
යලියලිත් දකිනුවස්
සිහිනයක හෝ
අයිති නැති නුඹ



Monday, July 15, 2013

~~ කවි හයිය ~~




දුක තනිය
පාළු කපන විට
දිවියට
මිතුරු වූ කලක
කවිය...
නුඹට මට
මහමෙරක සවි
දැනේ හැම හිතට



Friday, July 5, 2013

~~ කවුරුන්ද ඔබ මගේ ~~

ඔයි තමුසේ කොහෙද ?
-නොදොකින් උදේ පාන්දර කෙල්ලෙක්ට කථා කරද්දී ගුඩ් මොර්නින්ග් කියලවත් ඉදපියකෝ ..
කෝ කොහෙද කෙල්ලක් ඉන්නේ .. කෙල්ල්ක්ට කතා කලානම් කියනවා ..
-ඇයි යකෝ මම කෙල්ලක් නෙමේද ?
ආ උඹ කෙල්ලක් ද?  මම හිතුවේ කෙලි භාගයක් කියලා .. මේ බයිලා වලින් වැඩක් නැ .. කොහෙද ඉන්නේ තෝ.. තාම ගෙදර ද ..
-පල යන්න බුරුවා..... මම ඉන්නේ හංදියේ ..
කොයි අම්බකි** හන්දියේද ...
-තොත් එක්ක කතා කරනවට මට ගහන්න ඕනේ.. මම තියනවා...
හපෝ මේකිගේ ගණන්.. මේ එන ගමන් නේ? ඉක්මනට වර මම ස්ටේෂන් එකේ ...  
-බැ තෝ පල තනියම යන අහක ...
තනියම තමා බොල යන්නේ යන තැනට.. එතැනට උබව එක්කන් යන්න බැ.. ට්‍රෙන් එකේ තනියම යන්න කම්මැලි.
-ආ මේ උබේ කම්මැලි කම් මකන්න එකියක් හොයාගනින් අයේ.. මට බැ .
හරි හොයාගන්නකම් වරෙන් කෝ.. උබේ බොරුවක් අහගෙන යද්දී කම්මැලි නැ ..
-errrrr බුරුවා .. තියපිය ෆෝන් එක බස් එක එනවා..
හා වර මම ඉස්සරහ ඉන්නවා ..


සුලා එහෙම නැත්තම් සුලන්‍යා මට ඉන්න මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් .. ඇයි අවුල් ද .. පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයෙක් හොඳම යාළුවා වෙන්න බැරිද .. මගේ සියළු ජිවිත කථා ආදර කථා අකුරක් නෑර දැනගෙන ඉන්න ඒ වගේම ඒකිගේත් සියල්ල දත් බෙස්ට් ෆ්‍රෙන්ඩාලා අපි දෙන්නා.. ෆිල්ම් බලන්න .. ගෘප් ගේට් වලට.. කොහේ හරි වලක් බහින්න අනිවා අපි දෙන්නා යන්නේ එකට.. කොහේ හරි ගෙදරින් පනින්න ඕන වෙලව්වට අපි අපිදෙන්නවා ගෙවල් වලට උගස් තියලා පනිනවා... සමහර වෙලවට ලව් කරන්න පාර්ක් එකට මගේ කෙල්ලවයි සුලාගේ කොල්ලයි අරගෙන එකට යන වෙලාවල් තියෙනවා.. ඒතරමට අපි දෙන්නාගේ යාළු බැදීම තිබ්බා ..

මොකෝ බං සුලෝ පරක්කු..
-ඇහැරුනේ නැ බං.. එලාම් එක ඔෆ් කරලා විනාඩි 5ක් නිදා ගන්නවා කියලා නිදාගත්තා .. ඇහැරුනේ පැය 1/2 පස්සේ බං..
ඊයා ඒ කියන්නේ තෝ අද ඔක්කොම වැඩ ටික භාගෙට කරලා ඇවිල්ල ඇත්තේ.. තෝ අඩුම ගානේ දත් මැද්දාද ? එක තමා මේ කුණු ගඳ...
-පල යන්න. තෝ මොකටද ඉබින්න එන්නේ මාව ..
උඹව ඉබින්න?? ඊට වඩා හොඳයි යකෝ මේ කුණු කාණුවේ මුණ ඔබා ගන්නවා...
-බුරුවා ..
ඌ යකෝ ඒ ගහපු පාරනම් රිදුනා ඈ .. හිටපිය දෙන්නම් තොට..

හරවන එක තමා දැන් යන්න වෙන්නේ...  වරෙන් යන්න එහා පැත්තට...

මොකෝ බං නිදි කිරන්නේ .. ඊයේ රෑ මල් ද ? මලිතයා නිදාගන්න දුන්නේ නැද්ද ?
-හ්ම්ම් ඔව් ..
ආ ඒ කියපු විදිහනම් අවුල් වගේ.. මොකෝ ප්‍රශ්නයක් ද ? රණ්ඩු උනාද ?
-මං උඹට කියන්නම හිටියේ බං .. දැන් ටික දවසක් ඉදන් කෙස්..  මලිත්ට වෙන කවුරුහරි ඉන්නවා වගේ දැනුනා .. ඊයේ මම කෙලින්ම ඇහුවා .. අහලා ඔක්කොම ඉවරයක් කරා ..
මොකක් මුගේ අම්මාට ... අහුවෙච්චිදෙන් කෝ ඕකාට මම දෙකක් කතා කරන්න ..
-එපා එපා .. මුකුත් කියන්න යන්න ඕනේ නැ .. මට අවුලක් නැ .. මම හොදින් ..
හොදින්? හොදින් නම් ඔය ඇස් වල කඳුළු මොකද .. නොදොකින් බල්ලා .. මට එන කේන්තිය අම්මපා ..
-මම පිස්සු නටලා කොල්ලෙක් වගේ හිටියාට මම ඇතුලෙන් කෙල්ලක් බං.. මටත් හැඟීම් තියෙනවා ..  ටික දවසකින් හරියාවි..
මම එක දන්නවා බං.. එක මට වැඩිය දන්නා එකෙක් නැ .. අමුතුවෙන් කියන්න දෙයක් නැ.. උඹට ඕනෑම දෙකට මම ඉන්නවා කියලා දන්නවා නේ ..
-දන්නවා බං .. පොඩි දෙයක් ඉල්ලනම් උඹට අවුලක් නැත්තම් ..
කියපිය ඉතින් ඕක අහන්න දෙයක් ද ?
-මම පොඩ්ඩක් ඔළුව තියාගන්නද උඹේ උරහිසේ...
හා..රු .233.26/=  දීපන් ...
-පොතට දාගනින් ..

මාසෙකින් දෙකකින් මට මගේ පුරුදු යාළුවා අයේ ලැබුණා.. විහිලු කරලා හිනාවෙලා පිස්සු නටලා දින සති මාස ගණන් ගෙවිලා යද්දී දවසක් ...

-හසිතයෝ ..
ඇයි බං ....
-මට ගෙදරින් බදින්නලු .. කවුරු හරි ඉන්නවද කියලා අහනවා .. නැත්තම් හොයනන්ම් ලු..
ඩිංගි චිකාරේ දාගෙන පොල් කටු මාලේ.. කේක් කේක් බිමක් බිමක් ..
-දෙන්නම් බොට බොන්න බලන් හිටපන්.. මගේ වෙඩිමේ බිම නැ...
මම බිලා එනවා එහෙනම් ... මේ ඉතින් උඹ මොකෝ අම්මාට කිවේ...
-මුකුත් කිවේ නැ ..සේප් එකේ මාරු උනා ...

එදා මගේ හිතේ මොකද්දෝ ලොකු බරක් දැනුනා .. වැඩට ගියාට උදේ සුලා කියපු දේ හැම තිස්සෙම මතකෙට අවා .. ඒ මොකද්ද කියලා හරියටම මට පැහැදිලි නැ..සුලා බැන්දට පස්සේ අපිට මේ වගේම හමු වෙයිද ? බැඳලා කොහේ හරි යාවිද ? ඔය වගේ ප්‍රශ්න හිත ඇතුලේ කැරකෙන්න ගත්තා ..
එත් ඇයි ඒ යාළුවෙක් නැති වෙන එකද විතරමද .. එහෙම නැත්තම් මගේ හිතේ වෙන හැඟීමක් ඇති වෙලාද .. දවසක් දෙකක් හිතුවා .. හිතලා මම තීරණයක් ගත්තා ... මගේ පට්ටම කුජිත අවස්ථා එකී එක්ක කතා කරලා කියලා තිබ්බත් මට මේක සුලාගේ මුණ බලන් කියන්න අමාරු උනා .. එදා සිකුරාදා දවසක් . වැඩ ඇරිලා ගෙදර ගිහින් රෑ මම සුලාට කෝල් එකක් ගත්තා ...

රිංග් වෙනවා ... හප්පේ මෙකි දාලා තියෙන රිංග් ඉන් ටොන් එක ..
"කවුරුන්ද ඔබ මගේ...
කවුරුන්ද මා ඔබේ ...
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමි..
දෙනෙත පුරා පිරි කඳුළු සලන්නෙමි ..
හදවත ගැහෙනා රිද්මය "

-හලෝ..
හලෝ සුලා ... කොහෙද බොල හිටියේ...
-උඹ හිතුවාද මමත් උබ වගේ මේක කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නේ කියලා හැම වෙලේම..
ඔව් ඉතින් නයිටි වලට මොන සාක්කුද ..
-ඔන් පටන් ගත්තා ... දැන් මොකටද උඹ කතා කලේ ..

" අපි බදිමුද ? "

මම එක පාරට කියලා දැම්මා ..    
ටික වෙලාවක් කිසිම සද්දයක් නැ ..
හෙලෝ සුලා .. ඉන්නවද ?
-ඔව් මොකද්ද උඹ කිවේ...
එක පාරයි කියන්නේ අයේ කියන්න බැ.. උඹට ඇහුන එක තමා කිවේ ...
-උඹ මේ සිරාවටද අහන්නේ ,...
ඔව්..  අපි බඳිමුද ? ඔන්න අයේ ඇහුවා...

එක කිව්වා විතරයි කෙල්ල ෆෝන් එක කට් කළා .. මට අයෙත් ගන්න තරම් ගටක් තිබ්බේ නැ.. පපුව ගැහෙනවා විනාඩියට 120 විතර ඇති වේගේ.. ඔළුව යකාගේ  කම්හල වගේ.. සුලා තරහ වෙයිද .. යාළුකම නැති වෙයිද .. දාඩියත් දාලා මට..

ටික් ටික් .. SMS එකක් සුලාගෙන්  ..
" මට හිතා ගන්න බැ .. හිතන්න ඕනේ ..හෙට කියන්නම් "

අම්මෝ ඇති යන්තම් තරහ නැ වගේ.. පපුව ගැස්ම අඩු උනා .. ඔළුව කුල් උනා ... නිදාගන්න ගියත් නින්ද ගියේ නැ .. එත් සැහෙන වෙලාවකට පස්සේ නින්ද ගියා...

 ටික් ටික් .. මුණට වැදිලා තිබ්බ ෆෝන් එකේ SMS Vibration එකට ඇහැරුනා ...
සුලාගෙන් බ්ලෑන්ක් මැසේජ් එකක් ...
මම Good Morning කියලා රිප්ලයි කළා ...    
Good Morning කියලා අයෙත් මැසේජ් එකක් අවා.. කෙල්ල තරහ නැ..  බොක්කෙන්ම ගට අරන් කෝල් එකක් ගත්තා ..
රිංග්ස් යනවා ...අන්සර් කරා සද්දයක් නැ..
හලෝ සුලා ...
-ම්..
මොකෝ කියන්නේ ..
-"හා .."
හා කිවේ ..
-ඊයේ කියපු එකට "හා "
කෙල්ල අයෙත් ෆෝන් එක කට් කරා .. මැසේජ් එකක් එනවා අයෙත් ..
මට ලැජ්ජයි බං ..
අයෙත් මම කෝල් කරා
ඇයි ලජ්ජා ...
-මන්දා ලැජ්ජයි වගේ ..
උඹේ මම නොදන්නා ලැජ්ජාව .. අනේ නිකන් හිටහන් .. කිව්වට මටත් ලැජ්ජයි ..
-හසිතයෝ
ම් ..
දැන් උඹ මගේ කවුරුන්ද ? මම උඹේ කව්ද? අපි අපේ කවුද ...

මම හිනා වෙලා නිකන් හිටියත් මගේ හිතේත්  ඒ ප්‍රශ්නේමයි ..


ඇත්තටම දැන් සුලා මගේ කවුද ? යාළුවා ද ගර්ල් ෆ්‍රෙන්ඩ්ද වෙන්න වයිෆ් ද?     

Wednesday, June 26, 2013

~~ කුරුල්ලා කොපි කිරීමේ උත්සහය ~~

"දෑස රිදෙනවා පාර බලා ඉඳලා" ......

ගොඩක් දවස් වල උදේට මගේ හිතේ කියැවෙන සිංදුවක කැල්ලක් ...
මුණට අව්ව වැටිලා තවත් සූදු උනු ඒ සූදු මුණ පඩි පෙළ උඩින් මතුවෙනවා .. හිත සැහැල්ලු වෙනවා ...

ගුඩ් මොර්නින්ග් අයියේ ...
වෙරි ගුඩ් මොර්නින්ග් සුදූ.. මොකද පරක්කු ... 
බස් එක තිබ්බේ නැ අයියේ .. ත්‍රිවිල් එකක උඩුගම්පොල හංදියට අවෙත් .. අයියෝ මගේ රු 250 ..
අපෝ වන්නි බස් එක අදත් නැද්ද.. ඉන්නවා කෝ මම චන්දේ ඉල්ලනකම් .. ඔයාටම කියලා දාලා දෙන්නම් බස් එකක් .. 
අනේ මේ යනවා යන්න .. එන්න එපා වන්නිය වන්නිය කියන්න අපේ පැත්තට ... මහා ලොකු ටවුන් කාරයා .. මොකටද ඉතින් වන්නි කෙල්ලක් එනකම් බලන් ඉන්නේ 
මේකනේ සින් එක වන්නි කෙල්ල හරි ලස්සනයි නේ .. (රවාගෙන හිටිය මුනේ හොරෙන් ඇදෙන ඒ හිනාවට මම හරි ආසයි ) අහලා නැද්ද අර ජිප්සිස්ලා කියන සින්දුවකත් කියන්නේ ...
ආ මොකද්ද ඒ ... 

"වැද්දාගේ දුව ගෝමර හැඩකාරී .. නගරේ නෑ කෙල්ලක් දැක්කේ ඒ වගේ "
එතොකොට මගේ තාත්තා වැද්දාද .. එන්න එපාහරිද තාත්තාට අනම් මනම් කියන්න .. ඕනේ නැ වැද්දෝ වැද්දියෝ එක්ක ආශ්‍රය කරන්න ... මම යනවා යන්න ඉස්සරහට ...

හේ මේ .. (මම යන්න හදනඇගේ අතින් අල්ලා ගනිමින්) මම විහිළුවක් නේ සූදු කලේ ..

ඈ මගේ අත ගසා නැවතී මාහට පිටු පා අහක බලා සිටින්නීය ...
අපරාදේ මට 7.05හේ යන්න තිබ්බේ ..ෂි තරහ අය එනකම් බලන් හිටියානේ මමත් .. 

අනේ අයියා අදත් බලන් හිටියාද .. මම කියලා තියෙනවා නේ අයියා දැන් මම එනකම් බලන්න එපා කියලා .. ඔයා පව් .. දවසක මම අයියාව දාලා යන්න යාවි ..
තරු කැට වගේ දිලිසෙන ඇස් වල කඳුළු පුරෝගෙන .. පනින්න ඔන්න මෙන්න ...
හ්ම්ම් දන්නවා නංගි එත් ...

අනේ එහම වෙනවනම් ඉක්මනටම .. එතොකොට අයියා මාත් එක්ක තරහ වෙයි ..මට වෛර කරාවි .. 

ජාති ජාතිත් නැ සූදු නංගි ..  ඔයා මාව දාලා යන්නේ ඔයාගේ වුමනාවට නෙමේ නේ නංගියෝ..
(කඳුළු බිඳු දෙකක් ඇගේ සූදු කම්මුල සිප ගනිද්දී කිසි වෙක්ට පේන්නට නොදී පිස දැමු මා )
හරි මම පොරොන්දු වෙනවා.. අම්මලා ඔයාට කෙනක් තීන්දු කරපු දවසට මම කලින් යනවා .. ඔයාට පෙන්න එන්නෙවත් නැ.. හොඳ සූදු නේ අඩන්න එපා .. 

නැ අයියා මම බැඳලා කොහේ හරි ඈතකට යනවා .. අයියාට පෙන්නේ නැති දිහාවකට.. මේ හැමදේකින්ම ඈත් වෙලා මම යනවා ...

හ්ම්ම්ම් හා .. අපි ඒවා එතොකොට බලමුකෝ ... ඉන්න ටිකේ මම මගේ සූදු කෙල්ලව ගිහින් දාන්න එන්නම් .. එකට මට ඉඩ දෙන්න සූදු...
අපි ඉන්න ටිකේ ඉමු සතුටින් හිනාවෙලා සූදු නංගෝ (මම තාලෙකට කිවා )
ඉකි බිදුමක් අතරින් අයෙත් අර ලස්සන හිනාවත් එක්ක ඇය ...
හා අයියා කියා සිනාසුනී ..    


Sunday, June 23, 2013

~~ වසන්තය පිපෙන තුරු 07 ~~

පරණ කොටස් කියවලා එමු 
~~ වසන්තය පිපෙන තුරු 01 ~~
~~ වසන්තය පිපෙන තුරු 02 ~~
~~ වසන්තය පිපෙන තුරු 03 ~~
~~ වසන්තය පිපෙන තුරු 04 ~~
~~ වසන්තය පිපෙන තුරු 05 ~~
~~ වසන්තය පිපෙන තුරු 06 ~~

ඉතින් ඉතින් කොහොමද කොහොමද .....
ගොඩක් හොදින් හංසි .. ඔයාට කොහොමද ?
ම්ම්ම් වෙනසක් නෑ .. හොදින් ඉන්නවා පවන් ...
සන්කෙන් එකේ ජොබ් එක හොඳයි ද හංසි ..
ඔයා කෝමද ඒක දන්නෙ ? ශේප් එකේ ජොබ් එක කරගෙන යනවා ඉතින් ..

ඉතින් හර්ෂ කොහොමද ? මොකෝ අද කට වැහිලා .. ඉස්සරනම් ඉතින් වක්කඩේ වගේනේ
හේ හේ නැ නැ .. තාමත් එහෙම තමා .. අපි ඉතින් කවදත් හොදින් නේ .. අවුලක් නැ ..

මේ බලාපොරොත්තු නොවුන හමුවීම නිසා මගේ මොළේත් අවුල් උනා වගේ මේ හුයන්නා සේරම විස්තර හොයාගෙන මට එනකම් කිවේ නැ බුරුවා .. හිතෙන් බැන්නට මදි වගේ දෙකක් කතා කරන්නම ඕනේ.


හංසි මට වතුර එකක් දෙන්න කෝ ... ගේ ඇතුලට යවන්න වුමනාවට මම කිවා ..
ඇයි වතුර .. තේ එකක්ම බොමු ..
හා බොමු බොමු ... මම කිවා ..

ඈ බෝල කැ** තෝ මට කිවේ නැත්තේ ඇයි මෙහෙ එන්නෙ කියලා . මෝඩ මුසලයා .. අනික තෝ කොහොමද විස්තර හොයා ගත්තේ ..
කෑ ගහන්න එපා යකෝ ගෙදර මිනිස්සුට ඇහෙයි . පස්සේ බොට ස්ටොරිය කියන්නම් .. තරහ නැතිව මට පොඩ්ඩක් තනියම කතා කරන්න චාන්ස් එකක් දීපන් හොඳේ .. හොඳ එකානේ ..
හාකෝ හාකෝ.. දැනට උඹ බේරුනා කියලා හිතා ගනින් ..

හංසි අයේත් අවා අපි ඉන්න තැනට .. කෝ මෙකි හිස් අතින් නේ ඇවිත් ඉන්නේ ..උදේට කාලත් නැ .. බඩගිනි අම්බානෙකට .. තේ හදන්න තේ දළු නෙලන්න ගිහින්ද මන්දා ...

ඉන්න හර්ෂ අම්මා තේ හදලා ගෙනේවි ..
අම්මාට කියලා තේ හදවන්නේ.. අම්මපා මෙහෙමත් ගෑනු ළමයි .. හෑ මෙකි මගේ හිත කියෙව්වද .. වස නෝන්ඩිය ... එක වහගන්න එක්ක මම එහෙම කියලා දැම්මා ..
අපෝ ඔව් මෙයානම් වෙනස් වෙලා නැ ඔය ඇරෙන්නේ වක්කඩ ..
හේ හේ හේ .. අපි සේරටම ඒ කතාවට හිනා උනා ..

ලොකූ .. පොඩ්ඩක් එන්න . අම්මාද කොහෙද කතා කලා.
මෙන්න හංසි ක්‍රීම් කැකර් වගයකුයි ඇඹුල් කෙසෙල් වගයකුයි අරන් එනවා .. අම්මෝ දෙයියෝ දුන්නා වගේ..
මැද තිබ්බ ස්ටුල් එකෙන් ට්‍රේ එක තියලා .. ඔන්න මම අල්ලන්නේ නැ අරගෙන කන්න කිවා ...
බිස්කට් 4 කෙසල් ගෙඩි 2 කටයි මම වග කියද්දී අරූ එක බිස්කට් එකයි කෙසල් ගෙඩියයි .. ටිකකින් අම්මා තේ අරන් ඇවිත් අපිට දුන්නා ..

අම්මේ මේ මගේ යාළුවෝ මේ පවන්, මේ හර්ෂ ... මම කියලා තියෙනවා නේ අම්මට මතකද ..
කොහොමද දරුවනේ .. හදුනා ගන්න ලැබිච්ච එක සතුටක් ..

අපි පොඩි හිනාවක් දාලා හිටියා ඉතින් .. ඇන්ටි ගියාට පස්සේ පවන් මට ශේප් ඇහැක් ගැහුවා..

ශා ඉස්සරහ මිදුල නම් ලස්සනයි .. කියාගෙන මම තේ එකත් අරගෙන මිදුලට අවා ... උන් දෙන්නාට කතා කරගන්න මගුලක් කතා කරගන්න ඉඩ දීලා ...
තේ එක බිලා එතැන තිබ්බ ලී බංකුව උඩින් තියා ඇවිදිදී .. හංසිගේ මල්ලි අවා මිදුලට.. මම ඌත් එක්ක කතා කර කර ගේ වටේ ඇවිද්දා .. ජම්බු ඉදිලා තිබ්බ හින්දා ජම්බු ගෙඩි කීපයකටත් වග කිවා .. විනාඩි 15-20 වගේ පවන් මට යමු කියලා කතා කලා ..

මම එතැනට යද්දී උදේ පවන්ගේ මුණේ තිබ්බ එළිය ගිහින් කළු වෙලා.. හංසිගේත් ඇස් රතු වෙලා ..

මල්ලි අම්මාට කියන්න අයියලා යන්න යන්නේ කියලා බිඳුණු කටහඩකින් හංසි කිවා .. අම්මේ කියාගෙන මල්ලි ගෙට ගියා ..

ආ පුතාලා යන්නද ?
ඔව් ඇන්ටි එහෙනම් අපි ගිහින් එන්නම් .. පවන් දෙකට නැමිලා වැන්දා ..
මමත් ඉතින් වැඳලා අපි යන්නම් ඇන්ටි .. යනවා හංසි ,...
අපි ගිහින් එන්නම් හංසි....
පරිස්සමින් ගිහින් එන්න පවන් .. හර්ෂ ..

මිදුලේදී යතුර ඉල්ලන් මම බයික් එක ගත්තා ....
ටික දුරක් යනකම් කිසිම කතාවක් කරේ නැ පවන්.. මගදී ෆ්රුට් ජුස් තියෙන තැනක් දැකලා මම බයික් එක එතැනට දැම්මා ... වරෙන් මොනා හරි බිබී කතා කරමු ...
හරි දැන් කියපන් විස්තරේ .. මොකද උනේ ...
පවන් විස්තරේ කියන්න ගත්තා ..


ඉතින් පවන් දැන් මොකද කරන්නේ ? කොහෙද වැඩ කරන්නේ ..
අපි දෙන්නා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා හංසි ,.. Software Developing Company එකක් .. Nano Soft Solution කියලා .. දැන් අපි ගාව 20 ක් විතර වැඩ කරනවා ..
ශා මරුනේ .. ඉස්සර පිස්සු නට නට හිටිය කොල්ලෝ දෙන්නාමද මේ ..
ඒ පිස්සු නටපු කොල්ලා කෙල්ලක් හින්දා වෙනස් උනා හංසි ..
අනේ ෂෝක් නේ .. කවුද ඒ වාසනාවන්ති ..
වෙන කවුරුත් නෙමේ හංසි, ඒ ඔයා ...
අනේ විහිළු කරන්න එපා පවන් ..
පොඩ්ඩක් මම කියන දේ අහන් ඉන්න හංසි . ඔයාට මම අපි හම්බුන අන්තිම දවසේ කිවා මතකද .. මාව අමතක කරන්න එපා කියලා .. ඒ මට මගේ හිතේ තිබ්බ ආදරය නැති කරලා දාන්න අමතක කරලා දාන්න බැරි හින්දා .. ඔයා දවසක් කිව කතාවකින් තේරුනා මට මගේ තාත්තා ගේ සල්ලි නැත්තම් මම නිකම්ම නිකම් නිකමෙක් කියලා .. මම වෙනස් වෙන්න ගත්තේ එදා ඉඳලා .. මටත් ඕනේ උනා සාමාන්‍ය මිනිහෙක් වෙන්න,
ඔයාලා වගේ බස් එකේ යන්න පුළුවන්, සාමාන්‍ය පඩියක් අරන් සාමාන්‍ය ජිවිතයක් ගෙවන්න පුළුවන් මිනිහෙක් වෙන්න මට ඕනේ උනා . අද මම ඒදේ කළා හංසි. මම තනියම නැගිට්ටා . අපේ බිස්නස් එකට තාත්තාගෙන් සත 5 ගත්තේ නැ අපි .. මගේයි හර්ෂගෙයි ඉතුරු කරපු සල්ලි දාලා බෑන්ක් ලෝන් එකක් අරන් පටන් ගත්තේ. අර බයික් එකට ලිසින් එක තාම ගෙවනවා මම. මමත් දැන් ඔයාලා වගේ සාමාන්‍ය මිනිහෙක් හංසි.
දවසක අර ඉන්නේ මිස්ටර් රණසිංහගේ පුතා කියලා මිනිස්සු මාව අදුරගන්නවාට නෙමේ අර ඉන්නේ " මිස්ටර් පවන් රණසිංහ" කියන තත්වයට මම තනියම එනවා .. ඒ ඔයා හින්දා .. එදාට මගේ අත අල්ලන් මගේ ලඟින් ඉන්න එනවද හංසි ..
පවන් අනේ මොනවද මේ කියන්නේ .. ඔයා මට තාම ආදරේද ..
මම කවදාවත් ඔයාට ආදරේ කරන එක නැවැත්තුවේ නැ .. නවත්තන්නේත් නැ හංසි. කියන්න කෝ ඔයා එනවද මාත් එක්ක
එත් පවන් ඔයාගේ ගෙදර කට්ටිය , අම්මලා තාත්තලා මම වගේ මුකුත්ම නැති ගමක කෙල්ලක්ට කැමති වෙයිද?
එක අපි බලමු.. එයාලා කැමති නැති උනත් මට දැන් තනි තීරණයක් ගන්න පුළුවන් මට්ටමේ කෙනක්නේ හංසි.
අනේ මට ඒ පව් කාර වැඩේ කරන්න බැ පවන්.. ඔයා විතරයි ඉන්නේ එයාලට.. අම්මා කෙන්ක්ගෙන් පුතා උදුරා ගත්තොත් මට ජාති ජාති ගෙවන්න වෙන පවක් එක ... ඔයා ගොඩක් හොඳ කොල්ලෙක් ඔයා අම්මාගේන් තාත්තාගෙන් අවසර ගන්න.අපිට ඒ ආශිර්වාදය නැති අනාගතයක් එපා පවන්. එයාලා අකමැති නම් අපි අපිට අයිති නැ පවන්.
මට ඔයාව අමතක කරන්න නම් බැ .. ඔයාට පුල්වුන් ද හංසි ..
මම දන්නේ නැ පවන්. මම ඔයාව ලබන්න තරම් වාසනාවන්ත නෑ කියලා හිත හදාගන්නම්.


ඔන්න ඕකයි උනේ බං ...
උඹ නම් මාර පොරක් . උඹ කොහොමද විස්තර හොයා ගත්තේ ඉන්න තැන වැඩ කරන ඒවා , අනික කොල්ල්ක් ඉන්නවා ද නැද්ද කියලා උඹ දැන ගත්තේ කොහොමද ..
ශේහානා මතකනේ උඹට .. ඒකිගෙන් හොයා ගත්තේ..
එකී කිව විදිහට හංසි මට කැමතියි බං .. හංසිගේ කියන්නේ තමන්ට වඩා අනුන් ගැන හිතන කෙනක් මචං.
හ්ම්ම්ම් .. දැන් මොකද බං කරන්නේ ...
මන්දා බං .. මුකුත් හිතා ගන්න බෑ බලමු ..

සතියකට විතර පස්සේ පවන්ලගේ ගෙදර සිද්ද වුනු තවත් සිදුවීමක් නිසා මම අංකල්ටයි ඇන්ටිටයි මම කතා කරන්න තීරණය කළා ..

පවන් ගෙදර නැති ඉරිදා දවසක මම එහෙ ගියා. අංකලුයි ඇන්ටි සාලේ ඉගෙන හිටියා..
ආ හර්ෂ පුතා .. එන්න පුතා නම් ඔන්න කොහෙද ගියා ..
ඔව් ඇන්ටි එකම තමා මම අවේ .. ඇන්ටියි අංකල් එක්කයි කථා කරන්න පොඩ්ඩක් ..
එකත් හොඳයි අපිටත් ඔයා එක්ක කතා කරන්න ඕනේ .. කවුද පුතා මේ අපේ එකා පැටලිලා ඉන්න කෙල්ල.
බලන්න අර Mr.වීරසේකරගේ දුවව අපි Propose කරලා තිබ්බේ මුට .. මූ කැමති නැ කියනවා.. බදින්න බැ කියනවා... බදිනවා නම් බදින්නේ අර කෙල්ලව ලූ .. මොකද්ද ඒකිගේ නම ...

හංසනී ...

අන්න හරි හංසිනි .. කොහේදෝ ඉන්න කෙල්ලක් .. අපිට ගැලපෙනවා ද නැද්ද හොයලා බලන්නේ නැතිව යාළුවෙලා ... අච්චර හොඳ ෆැමිලි එකකින් කතා කරලා තියෙද්දී ... මූට දෙන්නේ නැ ශත පහක දෙයක් .. මූ මොකක් හරි අකීකරු වැඩක් කරොත් එහෙම..

අංකල් බැනගෙන බැනගෙන යනවා... excuse me අංකල් මම පොඩ්ඩක් කතා කරන්න ද ?

පළවෙනියටම කියන්න ඕනේ පවන් හංසිනිට ආදරෙයි.. හංසනීත් ආදරේ ඇති .. හැබැයි තාම දෙන්නා affair එක පටන් අරන් නැ ..
මොකක්.. මොකද්ද ඒ කතාවේ තේරුම ...
ඇන්ටි මතකද මිට අවුරුදු 3-4 උඩින් හිටිය පවන්.. නාහෙට අහන්නේ නැති නාස්තිකාර පුතා මතකද ... පොඩ්ඩක් හිතලා බලන්න අද ඉන්නේ ඒ පුතා ද? පවන්ට හංසිව හම්බුනේ අපේ ක්ලාස් එකේදී .. වෙන ඕනෑම කෙල්ලක් පවන් ඇහුවාම එක පයින් හා කියද්දී හංසි කැමති උනේ නැ ..
හංසි නිසා පවන්ට ජිවිතේ තේරෙන්න ගත්තා.. ඒ නිසාම පවන් වෙනස් උනා .. අංකල්ගේ උදව්වක් නැතිවම තනියම නැගිට්ටා.. ඔය ඔක්කොම හංසි එදා කියපු දේවල් හින්දා .. හංසිට පේන්න හංසිව ලබා ගන්න ඕනේ හින්දා කරපු දේවල් ..

සති දෙකකට කලින් අපි හංසිලාගේ ගෙදර ගියා.. යනකම් මම දන්නෙත් නැ එහෙ කියලා .. අයෙත් හංසිගේන් අහුවාත් හංසිගේ උත්තරේ මොකද්ද දන්නවා ද අංකල්..
"අංකල්ලා එයාට කැමති වෙන්නේ නැ .. දෙමව්පියන්ගේ කැමැත්ත නැතිව බැ .. එක හින්දා අමතක කරන්න කියන එක .. "

ඒ කෙල්ල ගොඩක් හොඳ කෙල්ලක්..ලස්සනයි.. එකමදේලොකු සල්ලි තියෙන පවුලක් නොවීම .. සාමාන්‍ය පවුලක්..
මට කියන්න තියෙන්නේ ඔච්චරයි .. පවන්ට කියන්න එපා මම මේ ගැන කතා කරා කියලා .. මොකද ඌ මට එපා කියපු දෙයක් මම මේ කරේ.. ඇන්ටිලා හිතන්න.. පවන් කැමති නැති කෙල්ලක් කසාද බන්දලා දෙනවා ද නැද්ද කියන එක. කොහොම උනත් එක දෙයක් සුවර්.. ඒ කෙල්ල අංකල්ගෙයි ඇන්ටිගෙයි කැමැත්ත නැතිව පවන්ව බදින එකක් නම් නැ .. මම යන්නම් ඇන්ටි .. අංකල් ගිහින් එන්නම්..

ඊලග සෙනසුරාදා නිවාඩු උනත් මම ඔෆිස් එකට ගියේ අතපසු වෙලා තිබිච්ච් වැඩ ටිකක් කරලා දාන්න කියලා හිතාගෙන.. උදේ 10 විතර මගේ ලෑන්ඩ් ලයින් එක රින්ග් උනා ..

Hello Mr.Harsha , Mr.Pawan's Parents are here.. They are asking you..
OK, send them in..

Good Morning පුතා ..
Morning Uncle, Aunty... මොකෝ මේ පැත්තේ ...
අපි පුතාලාගේ ගෙදර ගියා ගෙදරින් තමා කිවේ ඔෆිස් අවා කියලා.. අපි පුතාව පොඩ්ඩක් එක්කන් යන්න කියලා අවේ. පුතා බිසී නැත්තම් අපිත් එක්ක පොඩි ගමනක් යමුද ...
ම්ම් ලොකු වැඩක් නම් නැ .. යමු .. එත් කොහෙද ?
අර ගෑනු ළමයා බලන්න ...
හෑ කවුද හංසිව ද.. කෝ පවන් ... පවන් යන්නේ නැද්ද ?
පවන් දන්නේ නැ අපි අද මේ ගමන යන විත්තියක් වත්.. හර්ෂ පුතා කියන්නත් එපා..
හරි අංකල් .. විනාඩි 5ක් දෙන්න ..

හරියටම පාර මතක නොතිබුනත් පැයකින් විතර කොහොම හරි අපි හංසිලාගේ ගෙදරට අවා ..
පිළිගැනීම් හදුන්වා දීම් වලින් තේ පැන් සංග්‍රහ වලින් පස්සේ ...

එහෙනම් හංසිලාගේ අම්මේ දෙන්නා දෙන්නට කැමති එකේ මෙයාලගේ කැමැත්තට ඉඩ දෙමු නේද ...
එත් අපි සාමන්‍ය පවුලක් .. අපිට දෙන්න දෑවැදි කියලා දෙයක් නැ ..
දෑවැදි ඉල්ලුවේ කවුද .. මේ ඉන්නේ හඳක් වගේ දුවෙක් හදලා .. මෙයා හොඳටම ඇති අපිට නේද රණේ..
ඔව් ඔව් දෑවැදි අවශ්‍ය නැ .. මගේ කොල්ල කොන්ද පණ තියෙන එකෙක්.. දෑවැදි ඉල්ලන්නේ කොන්ද පණ නැති හිඟන්නෝ ...
පොඩි ඉල්ලීමක් තියෙනවා .. අද පොඩ්ඩක් අපිත් එක්ක දුවව අපේ ගෙදර එවන්න. හවස් වෙද්දී ආපහු ගෙනත් බස්සනම් .. තනියම එවන්න බැරිනම් මේ මලයා එක්ක එවන්න කෝ ..
අනේ එක්කන් යන්න දැන් ඉතින් කෙල්ල ඔයාලටත් අයිති නේ . දුවේ එහෙනම් ගිහින් ලෑස්ති වෙන්න .. මල්ලිත් එක්කන් යන්න එහෙනම් ..
මෙච්චර වෙලා ඇස් වල කඳුළු පුරෝගෙන හැඩිම හිර කරගෙන හිටිය හංසිනිගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා ... ඇය හඬමින් අංකල්ටත් ඇන්ටිගේත් දෙපා නැමදීම හැමෝටම සංවේදී දර්ශනයක් උනා .. පවන්ගේ අම්මා හංසිනිව නැගිට්ටවලා කඳුළු පිහිදලා ඔළුව ඉඹලා ... බිදුණු හඬින්
"අඩන්න එපා දුවේ ... යන්න ගිහින් ඉක්මනට ඇඳගෙන එන්න" කියලා කිවා

හර්ෂ පුතා ගෙදරට යනකම් පවන්ට කියනවා එහෙම නෙමේ අපි මෙයාව එක්කන් එනවා කියලා හරිද..
හරි හරි අංකල් ...


පවන් .. පුතා කොහෙද .. පවන් ..
ඇයි අම්මේ .. මම කාමරේ අම්මේ ..
පුතා පොඩ්ඩක් එන්න .. අපි ඔයාට කාතා කරපු ගෑනු ළමයෙක් ඇවිල්ලා ඉන්නවා .. පොඩ්ඩක් ඇවිල්ලා කතා කරන්න ..
මම කිවා නේ අම්මේ, මට ඔය මගුල් හොයන්න එපා කියලා .. එහෙම තියෙද්දිත් ඇයි ගෙදරට එක්කන් අවේ.. එක්කන් ආවානම් අම්මලාම කතා කර ගන්න එකයි ඇත්තේ .. මට බැ ..
මේ ලඟට අපු ගමන් එයාලා ඇවිත් ඉන්නේ .. හොඳ පුතා වගේ වචනයක් කතා කරලා යන්න ..
හරි එන්නම් හැබැයි මගේ උත්ත්තරේ දන්නවා නේ .. යමු ..

සාලෙට ආපු පවන්ට උගේ ඇස් අදහා ගන්න බැරිව තත්පර ගානක් ගල් ගැහිලා හිටියා..

හංසි ..

අනේ අම්මේ මේ හංසි .. කොහොමද ? මට තේරෙන්නේ නැ .. තාත්තේ මේ මගේ හංසි ..

පවන් හංසි ලඟට ඇවිත් අත අල්ලා ගන්න ගමන් කියවන්න ගත්තා ..

ජිවිතේ පළවෙනි වතාවට මගේ යාළුවා මගේ බොක්ක අඩනවා දැකලා මගෙත් ඇස් වලට කඳුළු පිරුණා ..

දෙන්නාම අත් අල්ලාගෙන අඩනවා .. දෙන්නටම කතා කර ගන්න බැ ..

ටිකකින් අංකලුයි ඇන්ටි ලඟට ඇවිත් "දැනුත් බදින්න බෑ ද පුතේ " කියලා හිනා වේවි ඇහුවා ..
පවන් අම්මාව බදාගෙන ... මේ තමා ලෝකේ ඉන්න හොඳම අම්මා .. තාත්තාව බදාගෙන ..තාත්තේ, තැනක් යු තාත්තේ.. හංසි මේ තමා ලෝකේ ඉන්න හොඳම අම්මයි තාත්තායි ...

හරි හරි ගිහින් දෙන්නා කතා කරගන්න කතා කරන්න තියෙන දෙයක් ...

යමු හංසි .. හංසිගේ අතින් අල්ලන් එලියට යන පවන් දිහා මම සතුටින් බලන් හිටියා ..

හංසිව ගිහින් බස්සන කලින් පවන් හංසිගේ නළල ආදරෙන් සිප ගනිද්දී මට හිතුනේ..


වසන්තය පිපෙන තුරු ඉවසමින් සිටිය 
පවන්ගේ ජීවිතේ පැතුම් මල් පිපී ඇත
දසන්තයෙ හැම තැනම සුවඳක්ව ගලන විට
ඇත්තටම ඔහු ඉතින් දැන් සිනාසෙනු ඇත...


~~ නිමි ~~



Friday, May 31, 2013

~~ මා මගෙන් අරන් යන නුඹ ~~




සීතලට ගුලි වෙච්චි
අකීකරු සිතුවිල්ලක්
පනින්නට හදනවා
එක සිතක උණුහුමට
පුදුමමයි ඒ සිතේ රස්නයට
අකුරු අමුණා හැඩකර
හික්මවන යුරු
මගේ ඒ සිතුවිල්ල