Tuesday, September 11, 2012

~~ බැසයන්න සඳවති ~~

සඳවතිය
බැස ගිය නුඹ
හිඳිනු ඇයි තව
වළා අතර
පෙනී නොපෙනී
යනුමැන විගහින්
මගේ ලොවට අද
පායන්න ඉඩ දී
හිරු කුමරිට

6 comments:

  1. බැස ගියද සද කුමරිය
    වලා කැලුම් රොදක් සේ
    පායාවිද හිරු කුමරිය
    ඔබේ ලොවට එලිය දෙන්න

    ReplyDelete
    Replies
    1. ඇය පායාවි..
      සදාකල් අඳුර
      නුහුරුයි නුපුරුදුයි
      මට ..
      පායාවි විගසින් ඈ

      Delete
  2. සද කුමරිට වඩා හිරු කුමරි කොහොම කලත් හොදයිනේ :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං ලස්සන විතරයි ...පිස්සන්ගේ පිස්සුව වැඩි කරනවා ...මෙලෝ වැඩකට නැ :P

      Delete
  3. හිරු කුමරි????? :O

    පෙම් බඳින්නේ බලාගෙනයි
    හිරු කුමරිට නම්
    දැවී අළු වෙලා යාවි
    තරහ ගියෝතින්

    ReplyDelete
    Replies
    1. හිරු කුමරි
      මට අගෙයි
      දැවී ගියත්
      එකවර
      පෙළන් නැ
      සඳවතී මේන්
      වරින් වර

      Delete