Tuesday, October 16, 2012

~~ ඉඩෝර ජිවිතේ ~~

ඉඩෝර වෙච්චි ජිවිතයට
බිංදුවෙන් බිංදුව
තෙතමනය එක්කහු වෙද්දී
කොහේදෝ තිබ්බ
වේලුනු හුළඟක් ඇවිත්
ඉරි තලලා  දාලා
යන්න යනවා අයෙත්

5 comments:

  1. හුළඟ නවත්තන්න නෙවෙයි,
    ඊලග පාරට එන හුළඟට වේලෙන්නේ නැතුව ඉන්න

    ReplyDelete
    Replies
    1. අයෙත් මුලටම එද්දී
      අයෙත් මුල ඉදලා
      පටන් ගන්න වෙද්දී
      ඊලග හුළඟට
      නොවේලි ඉන්නේ කෝම

      Delete
  2. ඉරි තලා ගිය ඉඩෝරයකට පස්සේ
    වහින බිංදු වැස්සෙන්
    තෙත් කරන කල ජීවිතය..
    වියලුනු හුළං රොදකින්
    කෙසේ නම් වියලන්නද... යලිත්..
    දෝර ගලා යන
    ආදරයේ මහා වරුසාව

    ReplyDelete
    Replies
    1. ජිවිතේ ඉඩෝරයට හසු උනාම
      ඔය කියන ආදරෙය් මහ වරුසාවත්
      ඉරීතැලුණු පොලවට ඔච්චන් කර කර
      කොලපාට නිම්න හොයන් යනවා

      Delete
  3. අහස නුඹ වගේ මා හා ආදරෙන් සිටී
    පොලව මා වගේ ලතැවුල් දරාගෙන සිටී

    ReplyDelete